ඔන්න පොරොන්දු උන පරිදි දැම්ම ගල් ටිකේ ෆොටෝ
Attachments
-
IMG_20210131_184248-min.jpg
374.6 KB · Views: 7
-
IMG_20210131_184331-min.jpg
527.6 KB · Views: 7
-
IMG_20210131_184405-min.jpg
477.1 KB · Views: 4
-
IMG_20210131_184436-min.jpg
540.8 KB · Views: 4
-
වතුර බීපන් හොදට. මගෙත් හැදුන තුන් පාරම් 1- 4 mm. Urimax කියල පෙත්තක් දුන්නෙ ඒකට මුත්රා නාල ලොකු වෙනව දවස් කීපයක් වතුර ගොඩක් බිව්වම යනව ගල පොඩියි නම් මුත්රා නාල ලොකු නිසා .
කැක්කුම නම් කියල වැඩක් නෑ. පුකෙන් දාන සපෝසිටර් තමා එකම විදුම වේදනාවට නම්.
අනෝද ,අක්කපාන කොල සම්බෝල, කැකිරි blender කරල බොන එක, තව ඉකිරිය කියල ජාතියක් තියේ වෙල් වල හැදෙන.ඒවත් හොදයි තම්බල බොන්ඩ.ගල ගියත් නිතර කාපන් බීපන් ඕව මොකද එක පාරක් හැදුන කියන්නෙ තව පාරක් හැදීමේ සම්බාවිතාවක් තියේ.
තක්කාලි,හාල්මැස්සන් සහ කැල්සියම් වැඩි ආහාර ගන්න එක අඩු කරපන්
අම්මෝ ඉතින් මමත් ඕකක් බැකප් එකෙක් ලග තියන් හිටියෙ...රිදිල්ල හැදුනාම මලානම් සැපයි කියල හිතෙනව..
------
Post added on Feb 8, 2021 at 3:03 PM
ගල් කොල්ලනි
මේක දාන්න හිතුනේ මේකේ ගොඩක් තේරෙඩ් ගියා මේ සම්බන්දව බෙහෙත් අහලා, මගේත් තිබුනා මචන් වකුගඩු වල ගල් කිහිපයක්, එක නිසා අත්දැකීම ලියන්න කියලා හිතුන
මුත්රා ගල් හැදෙන්න හේතු.
හේතු ගොඩක් තියනවා මේක හැදෙන්න අනුරාධපුර පොලොන්නරුව පැත්තේ අයටනම් වතුර වල ලවණ කෙස් එකක් තමා අනිත් අයටනම් ඇගේ කැල්සියම් වදී උනාම වතුර බොන එක අඩු උනාම තමා
වකුගඩු කියන්නේ ඇගේ තියන ප්රධාන ෆිල්ටර් එක වගේ තමා (ෆිල්ටර් එකෙන් මොකද්ද වෙන්නේ කියලා දන්නවනේ)
රෝග ලක්ෂණ
වකුගඩු වල ගලක් හැදෙනකම් ඉතින් කිසිම අමාරුවක් නැ ගලත් පාඩුවේ අස්සට වෙලා ඉන්නව පොඩ්ඩ පොඩ්ඩ ලොකු වෙනවා ඔය ගල ඊට පස්සේ එක වකුගඩුවෙන් මුත්රා නාලෙට එනවා ඒ නාලේ සයිස් එකට ගල තියනවනම් ශේප් එකේ ගිහින් මුත්රාශයට වැටෙනවා,එතනින් ඉතින් අහවල් එක හරහා එලියට තමා. ඔය පාරේ යන තරමට ගල පොඩි නම් උබලා දන්නෙම නැතුව ගල එලියට යනවා. ඔය නාල වලට වඩා ලොකුයි නම් ගල ඔය නලයක් අස්සේ හිර වෙනවා අන්න එතකොට තමා ඉතින් ඉවසන්න බැරි කැක්කුමක් එන්නේ. මුලින්ම බඩේ දෙපැත්තෙන් එක පැත්තක් හෝ යටිබඩ අම්මට සිරි වෙන්න රිදෙන්න ගන්නවා රිදෙන්න හැදුනම ඉතින් අම්මට සිරි වෙනවා, අතක් පයක් කැඩුවා වගේ අමරුවෙන්වා. දොස්තරලා කියන්නේ බබෙක් හම්බවෙන්න එන අමාරුවට සමාන අමාරුවක් වගේ එනවා කියලා ඇත්තද මන්ද
බෙහෙත් පිළිවෙල
මන් දන්නා තරමින් අමාරුපිට ගියාම කැක්කුම කියන තැන් අනුව දොස්තර අන්දොස් වෙනවා උන්දුකපුජ්ජේද ගල්ද කියලා එනිසා ස්කෑන් එකක් කරනවා, රජයේ ඒවගේ නම් X රේ එකක් ගන්න තමා එකනම් එච්චරම හොද ක්රමයක් නෙමේ, Ultra Sound ස්කෑන් එකට නම් පෙන්වා,එකත් 2000 -3000 වගේ වෙනවා. එත් පෙන්නේ නැත්තම් CT ස්කෑන් එකක් කරන්න වෙනවා ඒවගේ ගනන්නම් ඉතින් ඇතුලේ මැණික් ගලක් හදුනානම් කියල හිතෙනවා. ස්කෑන් එකට පස්සේ ගලේ size එක දැනගන්න පුළුවන් ඊට පස්සේ කියනවා size එක අනුව ගල ඉවත් කරන ක්රමය, දන්න ක්රම කිහිපයක් තියනවා, එකක් නාලය පුම්බලා ලොකු කරලා ගල යවනවා, අනිත් එක ලේසර් කරලා ගල කුඩු කරලා යවනවා,
1.එකක් නාලය පුම්බලා ලොකු කරලා ගල යවනවා ;- ගල වකුගඩු වලින් මුත්රාශයට යන නාලය ලොකු කිරීම පෙති මගින් සිදුකරනවා සාමාන්යෙන් මාසෙකට වගේ දෙනවා
2. එක ලේසර් කරලා ගල කුඩු කරලා යවනවා, :- ජුන්ඩා අස්සෙන් තමා යවනවා කියන්නේ සිහිනැති කරලා වෙන්න ඇති,
අත්බෙහෙත් :-
කොමඩු
කටුආත්තා
ලෙමන්
පැණි දොඩම්
මේවට ගල් හැදෙන එක වළක්වනවා කියලා කියනවා
හැදුන ඒවා දිය කරන්න:-
අක්කපාන කොළ:- තම්බලා වතුර බොන්න බැරිනම් පොඩියට කපලා දෙහි දාලා කාපල්ලා
මුරුංගා මුල් :- එකපාරකට වඩානම් බොන්න එපා වකුගඩු වලට හානි කරයිලු, හැබැයි ඉතින් ගලට බඩු පැකට්,
වැඩ අස්සේ ලියුවේ දෙයක් ගන්න තියනවනම් ගත්තනම් කොම්මේන්ටුවක් දාලා අදහසක් ලියල යන්න.
ජය.
සුටින්
------
Post added on Feb 8, 2021 at 3:04 PM