වත්තේගමින් නවසීලන්තයට අපේ කෑම

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    වත්තේගමින් නවසීලන්තයට අපේ කෑම


    වත්තේගමින් නවසීලන්තයට අපේ කෑම

    නවසීලන්තයේ දකුණු දිවයිනේ නැගෙනහිර වෙරළබඩ පිහිටි ක්‍රයිස් චර්ච් නුවර එම රටේ ප්‍රසිද්ධව ඇත්තේ රමණීය ගෙවතු නුවරක් ලෙසයි. නගරය මැඳින් ගලායන නීලවර්ණ සුපිරිසිදු ජලයෙන් පිරි එවොන් ගංගාවත්, හරිත වර්ණයෙන් පිරීගිය සුවිසල් බිම් පෙදෙසත් ක්‍රමානුකුලව ඉදිකර ඇති හැග්ලි මල්වත්ත, ක්‍රයිස් චර්ච් උද්භිද උද්‍යානය ඇතුළු විවිධාකාර උයන්වතු, දෙපස මලින් පළින් බර ගහකොළින් වටවූ ඇළ දොළ, බයිසිකල් මාර්ග, පදික වේදිකා ආදිය මේ නගරයේ සුන්දරත්වය රඳවා ගැනීමට සමත්වී ඇත.

    Colombo_160108.jpg


    CEYLON_KITCHEN141_160108.jpg


    CEYLON_KITCHEN131_160108.jpg


    CEYLON_KITCHEN111_160108.jpg


    CEYLON_KITCHEN91_160108.jpg


    CEYLON_KITCHEN_11_160108.jpg


    CEYLON_KITCHEN21_160108.jpg


    CEYLON_KITCHEN41_160108.jpg


    CEYLON_KITCHEN71_160108.jpg


    1948 දී යුරෝපීයන්ගේ පදිංචිය ආරම්භ වීමෙන් අනතුරුව සියවස් එක හමාරක් වැනි කෙටි කාලයක් තුළ මෙවන් ශිඝ්‍ර සමෘද්ධියක් උදාකර ගැනීමට මේ කුඩා දිවයින් දෙකෙහි ජනතාවට හැකිවීම අගය කළ යුතුය.



    යුරෝපීයන් පැමිණීමට කලින් මේ පළාතේ ජීවත්වූ මෞරි ජාතිකයින් එය හැඳින්වුයේ "ඔටාඋටාහි" යනුවෙනි. එහි තේරුම වුයේ "ටඋටාහිගේ ගම" යන්නයි. එවකට "ටේ පොටිකි ටඋටාහි" ඒ ගමේ ප්‍රධානියා විය.

    ක්‍රයිස් චර්ච් නුවර ප්‍රධාන මාර්ගයක් නම් කර ඇත්තේ "කොළඹ පාර" යනුවෙනි. නගරයේ දකුණේ සිට උතුරු ප්‍රදේශය දක්වා ආසන දෙව් මැදුර පසුකර දිවෙන මෙම මාර්ගය කිලෝමීටර් 6ක් දිගය. මෙම මාර්ගයෙහි තැනින් තැන කඩසාප්පු සහ ආපනශාලා පිහිටා ඇත.

    ඒ එක් ජනප්‍රිය භෝජන ශාලාවක් හඳුන්වනුයේ "සිලෝන් කිචන්" නමිනි. මෙම සුන්දර මුළුතැන්ගේ හිමිකරු මෙන්ම ප්‍රධාන අරක්කැමියා සුදත් විජේවර්ධන නම්වූ ශ්‍රී ලාංකික තරුණයෙකි. වත්තේගම ඉපැදී හැදුන වැඩුණ සුදත් නවසීලන්තයට ගියේ මීට වසර දහසයකට පෙරය. ක්‍රයිස් චර්ච් සම්මේලන මධ්‍යස්ථානයේ ප්‍රධාන අරක්කැමියකු ලෙස වැදගත් රැකියාවක නිරතව සිටින අතරවාරයේදී ඔහු තමන්ගේම භෝජනාගාරයක් ආරම්භ කළේය. ඒ මීට වසරකට ඉහතදීය.

    කොළඹ වීදියේ අංක 620 දරන ස්ථානයේ පිහිටි "සිලෝන් කිචන්" ආපනශාලාවට ඇතුළුවන තැන අලංකාර තොරණක හැඩය ගත් නාම පුවරුවකි. එතැන සිට ආපනශාලාව තෙක් මේස පුටු තබා ඇති ලස්සන මල් වත්තකි. අවශ්‍ය නම් එහිදී ආහාර අනුභව කිරිම කළ හැකිය.

    සුදත් විජේවර්ධන නවසීලන්තයේ ජනප්‍රිය ආහාරපාන සකස් කිරීමෙහි මනා පරිචයක් ලබා ඇති දක්ෂ සුපවේදියෙකි. එසේ වුවද ශ්‍රී ලාංකික අවන්හලක් ආරම්භ කිරීමේදී ඔහු මුලසිටම තම අවන්හලේ කෑම වට්ටෝරුවට ශ්‍රී ලාංකික ආහාරපාන පමණක් යොදා ගත්තේය. ඔහුගේ අවන්හලේ ඇත්තේ ඉඳි ආප්ප, ආප්ප, පිට්ටු, කොත්තු රොටි, කිරිබත්, කිරිහොදි, පොල් සම්බෝල, කුකුල් මස්, පරිප්පු, අල බැදුම්, වඩේ වැනි ලාංකීය වර්ග වේ. ශ්‍රී ලංකාවේ ආහාරපාන පිළිබඳ නවසීලන්ත ජාතිකයින් තුළ කිසිම වැටහීමක් නැත. ඒ නිසා ඔවුන් අතර ඒවා ජනප්‍රිය කිරීම සුදත් මුහුණ දුන් ප්‍රධානතම අභියෝගය විය. ඒවා පිළියෙළ කිරීමේදී සහ පිසීමේදී ඔහු කටයුතු කළේ ලංකාවේ ගමේ ගෙදරදී මෙන් අත්‍යාවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය එපරිද්දෙන්ම යොදා ගනිමිනි. සුද්දාට අවශ්‍ය පරිදි රස හෝ සැර බාලකිරීමක් සිදු නොකර රසබර ව්‍යංජන පිසීමෙන් ඒවාට තම පාරිභෝගිකයින්ගේ රසාංකුර හුරුකර ගැනීම ඔහුගේ උත්සාහය විය. සුපවේදියකු ලෙස සුදත් දැක්වූ පරිණතභාවය නිසා ඔහුගේ ආහාරපාන වැඩිකල් නොයාම ක්‍රයිස් චර්ච් නගරයේ බොහෝදෙනාගේ සිත් දිනාගැනීමට සමත්විය. ඒ මුළු ප්‍රදේශයේම ශ්‍රී ලාංකික ආහාර ලබාගත හැකි එකම ස්ථානයද සුදත්ගේ අවන්හල පමණය.

    ඒ සමඟම කොළඹ වීදියේ "සිලෝන් කිචන්" භෝජනාගාරය තුළින් ශ්‍රී ලංකාවේ ආහාරපාන නවසීලන්තයට ගෙනයාමට වත්තේගම සුදත් විජේවර්ධන සමත්විය. කොළඹ වීදියේ සිලෝන් කිචන් ප්‍රධාන අවන්හලට අමතරව සුදත් සති අන්තයේදී ආසන දෙව්මැදුර පිහිටි චතුරශ්‍රයේ තාවකාලික අවන්හලකද පවත්වා ගෙන යයි.

    ඔහුගේ උදව්වට අජිත් බණ්ඩාර සහ දීපානි සෙනෙවිරත්න කටයුතු කරති. අජිත් මාතලේ තරුණයෙකි. කලක් ඔහු ලන්ඩන් නුවර ඊස්ට්හැම් ප්‍රදේශයේ ජීවත් වුවෙකි. දීපානි කැන්ටබරි පළාත් සභාවේ සේවය කරන අතරවාරයේ සති අන්තයේ සුදත්ගේ අවන්හලේ කටයුතු සඳහා උදව් කරන්නීය.

    සුදත්ගේ අවන්හලේ පාරිභෝගිකයින් සියල්ලම නවසීලන්ත ජාතිකයින්ය. ඔවුන් දැන් කටට රහට ලුණු ඇඹුල් සහිතව පිසෙන අපගේ ආහාර භුක්තිවිදින්නේ ඉතාමත් සතුටිනි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රයිස් චර්ච් නුවරට පැමිණෙන අවස්ථාවල ඔවුනට ලංකාවේ ආහාර සැපයීම කෙරෙන්නේ සුදත් විසිනි. එමෙන්ම ශ්‍රී ලාංකික රාජ්‍ය නිලධාරීන් සහ මැති ඇමතිවරුන්ද ක්‍රයිස් චර්ච් නුවරට පැමිණෙන හැම අවස්ථාවකම ශ්‍රී ලාංකික ආහාර වේලක රස විඳීම සඳහා ඔහුගේ අවන්හලට පැමිණීමට අමතක නොකරන බවද සුදත් කියයි.

    http://www.lankadeepa.lk/index.php/business/375344
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ෆුඩ් ට්‍රක් එකක් නේද මචන්. මමත් හරි ආසයි ස්ට්‍රීට් ෆුඩ් වලට.. හොද වැඩක්..
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ෆුඩ් ට්‍රක් එකක් නේද මචන්. මමත් හරි ආසයි ස්ට්‍රීට් ෆුඩ් වලට.. හොද වැඩක්..

    මම හිතන්නේ දෙකම මචන්. රෙස්ටෝරන්ට් එකයි ෆුඩ් ට්‍රක් එකයි. :yes: