වත්ත ක්ලීන් කරද්දි හමුවුණු දෙවනි අහිංසකයා-කබර රදනකයා

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,181
    13,895
    113
    පෘථිවිය
    මේ පලවෙනි එකා

    වත්ත ක්ලීන් කරද්දී පොඩි පොඩි අහිංසකයෝ ටිකක් සෙට් වුනා මේ දෙවනි එකා

    කබර රදනකයා (නිර්විෂ)
    Shaw’s Wolf Snake
    Lycodon striatus, 1955





    පුල්ලිදත්කැටියෝ වගේ නෙමේ.. මෙයාලා පොඩ්ඩක් හපන්න ට්‍රයි කරනවා.. අපි සාමාන්‍යයෙන් නිර්විෂ රදනකයෝ උග්‍රවිෂ කරවලුන්ගෙන් වෙන් කරගන්න තියන ප්‍රධාන ලක්ෂණයක් තමා හිස කදෙන් වෙන්වී තිබෙන පැහැදිලි ගෙල.. ඒත් මේ අයියලාගෙ අනිත් රදනකයන්ට සාපෙක්ෂව පැහැදිලි ගෙලක් නෑ..


    අපට ආවේණික උප විශෙශ්ෂයක් වන මෙයාලා තෙත් කලාපයේ තමා ගොඩක් වෙලාවට සෙට් වෙන්නෙ.. කලබල වූ විට ගුලි ගැසීම,හිස සගවා ගැනීම,ශරීරය පැතලි කිරීම පෙන්වයි.. ඒ වගේම මේ අයියලාට ටිකක් හයියෙන් යන්න පුලුවන්..

    පුංචි එවුන් සෙන්ටිමීටර 10-15 වගේ වන අතර ලොකු අයියලා සෙන්ටිමීටර 25-45 අතර වේ.. හිස pear-shaped එකක් දක්නට ලැබෙන අතර පෘෂ්ඨීයව පැතලි වේ.. යටි හනුවට වඩා දිගින් වැඩි පලල් හොම්බක් ඇත... පෘශ්ඨීයව කලු හෝ දුඹුරු වන අතර දේහයේ හරහට සුදු පටි 11-18 වගේ ඇත.. ශරීරයේ අපර කොටසේ මෙම පටි වඩාත් පුලුල්ව විසිරී ඇත.. තනි කලු ඇස් දෙකකි..

    ගල් ගොඩවල් කුනු ගොඩවල් ගෙවල් ආශ්‍රිතව දක්නට ලැබෙන අතර මොවුන් නිශාචර සතුන් වේ..ප්‍රධාන ආහාරය හූනන් වේ..වරකට බිත්තර 2-4 පමන දමයි..



    DS
    අක්ක කෙනෙක් ඉන්නවද උඹට
     
    • Wow
    Reactions: NRTG