වතුරෙන් දුවන කාර්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,644
    13,360
    113
    වතුරෙන් දුවන කාර්

    වතුරෙන් දුවන කාර්

    unnamed%2B%25281%2529.jpg



    විජය උඳුපිටිය මහතා මගේ හිතවතෙකි . එසේම 1971 කැරැල්ල පිලිබඳව මම පොතක් ලියන සමයේදී මට උපකාර කලේය​.

    විජය උඳුපිටිය මහතා දේශීය වියාපාර වලට අත හිත දෙන්නෙකි. එම නිසා වරක් සිළුමිණ පුවත් පතේ නිහාල් පී.අබේසිංහ විසින් වතුරෙන් දුවන වාහන එන්ජිමක් නිපැයූ පුද්ගලයෙකු පිලිබඳව වාර්තාවක් කියවා ඔහු මෙම නව නිපැයුම්කරුවාට අත හිත දීමට ඉටා ගත්තේය​.

    ලංකාවේ පත්තර වාර්තාකාරයන් වනාහී අමුතු ජීවීන් කොටසක් වෙති. ඔවුන් කිසිදු වග විභාගයක් නොමැතිව වතුරෙන් දුවන කාර් , හුලඟින් වැඩ කරන ලොරි , ඩෙංගු පිලිකා සුව කරන ඉසිවරයන් ගැන වාර්තා ගෙඩි පිටින් දමන්නන් වෙති​. පසුව බලන විට මේ නව නිපැයුම්කරුවන් , ඉසිවරයන් සහ ඩෙංගු හාමිනේලා ලෝක හොරු ය​. නැතහොත් මානසික රෝග වලින් පෙලෙන්නන් ය​.

    මිනිසුන් මේ කපටීන් පසු පස ගොස් අතේ තිබෙන මුදල හෝ තිබෙන සෞඛ්‍යයට හානි කර ගත්තාට මේ ඊනියා පත්තරකාරයන් වගකීමක් දරන්නේ නැත​. සක්විතිට තම හොර වියාපාරය සරුවට කරගෙන යාමට මුලදී අත හිත දුන්නේ මේ ඊනියා පත්තරකාරයන් බව අපට අමතක නොමැත.

    යළිත් අප විජය උඳුපිටිය මහතා වෙත යොමු වෙමු. වතුරෙන් දුවන වාහන එන්ජින් හදන රුසියාට අත දීමට උඳුපිටිය මහතා කැමති විය​. ඒ සඳහා ඔහු තමාගේ වාහනයක් ද මේ විජ්ජාකාරයාට දුන්නේය​. විජ්ජාකාරයා උඳුපිටිය මහතා ගෙන් මුදල් ද ගෙන වතුරෙන් දුවන එන්ජිම හදා දෙන්නට පොරොන්දු විය​.

    මෙසේ මාස ගනනක් ගත විය. විජ්ජාකරුවා නොයෙක් නොයෙක් උපාංග වලට කියා විජය අයියාගෙන් මුදල් කඩා ගත්තේය​. ටෙස්ට් රයිඩ් යනවා කියා ඔහුගේ මිතුරන් සමග රට වටා චාරිකාවල ගියේය​. නමුත් වතුරෙන් දුවන එන්ජින් එක නම් හැදුනේ නැත​. අවසානයේදී මොහු කරන්නේ ප්‍රෝඩාවක් බව වැටහී උඳුපිටිය මහතා මොහු ගැන පොලිසියට පැමිණිලි කරන ලදි. මේ පුද්ගලයා වතුරෙන් දුවන එන්ජින් සාදනවා කියා තවත් අය ගෙන් මුදල් අරගෙන තිබුනේය​. එම නිසා මුදල් වංචා කිරීමේ චෝදනා මත කොලඹ මහේත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතාගේ නියෝග අනුව විජ්ජාකරුවා රිමාන්ඩ් ගත විය​.

    පසුව බලන විට මොහු අන්දා තිබුනේ විජය උඳුපිටිය මහතා පමණක් නොවේ අග්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මහතාද මොහු විසින් රෙදි නොමැතිව ගහේ යවන ලදි.

    පහත දැක්වෙන්නේ සිළුමිණ පුවත් පතේ මේ කපටියා පිලිබඳව පළ වූ ප්‍රස්ශස්ති ලිපියයි. ( මෙන්න, වතුරෙන් වාහන දුවවන අපේ කොල්ලා - නිහාල් පී.අබේසිංහ. සිළුමිණ පුවත් පත )

    .....ඔහු මෝටර් රථ දෙකක් ම මේ නව තාක්ෂණය ඔස්සේ ධාවනය කරවීය. වරක් ඔහු මේ වතුරෙන් දුවන මෝටර් රථයකින් අනුරාධපුරයට ද ගියේ ය. ඔහුට අවශ්‍ය වී ඇත්තේ ජලය ලීටර් 3.5 ක් පමණි. මේ විශ්ව කර්ම නිර්මාණය රැගෙන ඒ විශ්වකර්මයා පසුගියදා අගමැති කාර්යාලයට ආවේ ය. ඒ අවස්ථාවේ දී ඔහු රටේ දෙවැනි පුරවැසියා වූ රත්නසිරි වික‍්‍රමනායක අගමැතිතුමාට මේ විශ්වකර්ම වැඩේ විස්තර කෙළේ රටක් රාජ්‍යයක් දිනූ අයෙකු පරිද්දෙනි.

    මම පුංචි කාලේ ඉදන් විවිධ නිර්මාණ කළා. මුලින් ම ගුවන් යානයක් හැදුවා. ඒක මේ රටේ නීති විරෝධී දෙයක් වුණා. පස්සේ අර ඔරේන්ජ් බාර්ලි බෝතලේ බැලුම් පුම්බපු තාක්ෂණය ඔස්සේ පරීක්ෂණ කරලා මම මේ වතුරෙන් දුවන වාහන එන්ජිම හැදුවා වසර 6 ක් මේ සඳහා දිවා රෑ නොබලා මහන්සි වුණා. පසුගිය මාසේ මම මේ වතුරෙන් දුවන වාහනයෙන් රට වටා ගියා තවත් අයත් සමඟ. දැන් මගේ වැඩේ ඉවරයි. රටටම සෙතක් සැලසෙන නිර්මාණයක් මේක. රටේ අනන්‍යතාව යටතේ මෙය සුරැකීම සැමගේ යුතුකමක්. අපේ රට අපේ රජය මේ මගේ නිර්මාණයෙන් ප‍්‍රයෝජනයක් ගත යුතුයි. මේකට ඇමෙරිකාවෙන් කොරියාවෙන් ඉල්ලීම් එනවා. ඒත් මා මේක දෙන්නේ නැහැ. ශ‍්‍රී ලාංකිකයෙක් ලෙස රාජ්‍ය අනුග‍්‍රහය ලබාදෙන වතුරෙන් දුවන වාහන එන්ජින් කම්හලක් අපේ රටේම ඉදි කරන්නයි මා ඉන්නේ. ඒකට කාගේත් උදව් ඕනෑ.


    මේ එන්ජිමේ තාක්ෂණික කි‍්‍රයාවලිය විස්තර කළොත්...? අගමැති කාර්යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂ සීලරත්න සෙනරත් මහතා ප‍්‍රශ්නයක් ඇසුවේ ය. අගමැතිතුමා සාවධානව පිළිතුර අපේක්ෂාවෙන් සිටී.

    මම මේ හදලා තියෙන්නේ වතුරෙන් දුවන වාහන එන්ජිමක්. විද්‍යාත්මකව කිව්වොත් හයිඩ‍්‍රජන් ජෙනරේටරයක්. මේකට අවශ්‍ය දේ ජලය පමණයි. ළිං ජලය, නළ ජලය මේකට දාන්න පුළුවන්. මුහුදු ජලය ගංගා ජලය වැව් ජලය සුදුසු නෑ. මේ ජෙනරේටරයට අදාළ ටැංකිය තනිකර සුදු යකඩ වලින් හදලා තිබෙන්නේ. මීට අනුබද්ධව ජලයෙන් හයිඩ‍්‍රජන් වෙන් කිරීමට අවශ්‍ය අඩු විදුලි බලයක් ලබාදෙන ඉලෙක්ටෙ‍්‍රානික විදුලි පද්ධතියක් ද මා නිපදවා තිබෙනවා. ඒ සමඟම ඒ හයිඩ‍්‍රජන් වායුව එන්ජිමට ගෙන යන නාළ පද්ධතියට මේ නව එන්ජිමට අනුරූපව වෙනස් කළ යුතුයි. මේ සියල්ල මම මේ නිර්මාණයේදී කර තිබෙනවා.....( මෙන්න, වතුරෙන් වාහන දුවවන අපේ කොල්ලා - නිහාල් පී.අබේසිංහ. සිළුමිණ පුවත් පත)

    විජ්ජාකරුගේ ඇන්දීමෙන් හොඳටම රැවටුණු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මහතා මෙසේ කීවේය​. .

    " මෙවැනි නව නිර්මාණ නිසා අපේ රටේ දක්‍ෂ තරුණයන් පිළිබඳව ලෝකයේම අවධානය යොමු වන බවත් මෙය ලෝකයේ මානව ශිෂ්ටාචාරයේ නව පෙරැළියක් බවත් මේ නිපැයුම දියුණු කිරීමට කවුරුත් උදව් දිය යුතුය​ "

    source https://transyl2014.blogspot.com/2016/07/blog-post_21.html
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    වතුරෙන් දුවන කාර්ර්

    HIV නිට්ටාවට සුව කරමි

    ගෙඩර ටැංකියේ වතුරෙන් නිවසටම ජාල විදුලිය

    ඩෙංගු නිට්ටාවටම සුවකරමි

    රුපියල් ලක්සෙට මාසෙට 50000 ක පොලියක්







    අපි ශින්හලු
     
    • Like
    Reactions: shiwankaswe

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    වතුරෙන් දුවන කාර්ර්

    HIV නිට්ටාවට සුව කරමි

    ගෙඩර ටැංකියේ වතුරෙන් නිවසටම ජාල විදුලිය

    ඩෙංගු නිට්ටාවටම සුවකරමි

    රුපියල් ලක්සෙට මාසෙට 50000 ක පොලියක්


    අපි ශින්හලු

    අපි ශින්හලු
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සින්හලුන්ගේ අවුලක් නොව සමහර සින්හලුන්ගේ ප්‍රොෆෙශනලිසම් වල ප්‍රශ්නයකි
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,644
    13,360
    113
    වතුරෙන් දුවන කාර්ර්

    HIV නිට්ටාවට සුව කරමි

    ගෙඩර ටැංකියේ වතුරෙන් නිවසටම ජාල විදුලිය

    ඩෙංගු නිට්ටාවටම සුවකරමි

    රුපියල් ලක්සෙට මාසෙට 50000 ක පොලියක්







    අපි ශින්හලු


    සිංහල විතරක් නෙමයි මචං ලෝකේ ගොඩක් රටවල සින් වෙනවා
    ඉන්දියාවේත් එහම තමයි පැළෑටි වලින් පෙට්රෝල් හදනවා
    ජර්මනියේ වතුරෙන් කාර් දුවන උන් ඉන්නවා
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    වතුරෙන් දුවන කාර්ර්

    HIV නිට්ටාවට සුව කරමි

    ගෙඩර ටැංකියේ වතුරෙන් නිවසටම ජාල විදුලිය

    ඩෙංගු නිට්ටාවටම සුවකරමි

    රුපියල් ලක්සෙට මාසෙට 50000 ක පොලියක්







    අපි ශින්හලු

    දින ශීයෙන් රට හදමි. තොපි වගේ ශින්හළු :baffled::baffled:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    1948 year eke patan , Lankave Politicians la kelala thiyena pacha vala hatiyata, ova monavadha ?
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    වතුරෙන් දුවන කාර්ර්

    HIV නිට්ටාවට සුව කරමි

    ගෙඩර ටැංකියේ වතුරෙන් නිවසටම ජාල විදුලිය

    ඩෙංගු නිට්ටාවටම සුවකරමි

    රුපියල් ලක්සෙට මාසෙට 50000 ක පොලියක්







    අපි ශින්හලු
    :love2: :love2: :love2: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: