වතුරෙන්_දුවන_මොටෝබයිසිකල්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    වතුරෙන්_දුවන_මොටෝබයිසිකල්

    ජලය ලීටරයකින් කිලෝමීටර් 500ක් ධාවනය වන යතුරු පැදියක් නිපදවේ…




    ජලය ලීටරයකින් කිලෝමීටර් 500ක් ධාවනය කළ හැකි යතුරු පැදියක් නිෂ්පාදනය කිරීමට බ‍්‍රසීල ජාතික රිකාඩෝ අසවේදෝ සමත්ව ඇතැයි වාර්තා වේ.

    T Power H20 ලෙස නම් කර ඇති මෙම යතුරු පැදිය ජල අණු බිඳීමෙන් ලබාගන්නා හයිඩ‍්‍රජන් මගින් ක‍්‍රියාත්මක වන අතර එම ක‍්‍රියාවලිය සඳහා අවශ්‍ය විදුලි බලය උපදවා ගැනීමට කාර් බැටරියක් එයට සවි කර තිබේ.

    හබිඩ‍්‍රජන් දහනය මගින් යතුරු පැදිය සිය බලය උපදවා ගනී.

    සිය නිර්මාණය විදහා පෑම සඳහා රූපගත කිරීමකට එක්වන අසවේදෝ තමන් මෝටර් සයිකලයට යොදන්නේ ජලය බව තහවුරු කිරීමට මුලින් එම බෝතලයෙන් පානය කර පෙන්වයි.

    යතුරු පැදිය ක‍්‍රියාත්මක වන ආකාරයද ඔහු විසින් පැහැදිලි කරන අතර ටියෙටේ ගංගාවේ අපිරිසිඳු ජලයෙන් පවා මෙම රථය පණගැන්විය හැකි බව ඔහු සඳහන් කරයි.

    රිකාඩො අසවේදෝ පවසා ඇත්තේ සිය නිර්මාණය ජරිසර හිතකාමී එකක් බවයි.

    සිය යතුරු පැදිය ක‍්‍රියාත්මක වන හයිඩ‍්‍රජන් දහනයෙන් පරිසරයට මුදාහැරෙන්නේ ජල වාෂ්ප වන අතර පෙට‍්‍රල් දහනයෙන් පරිසරයට කාබන් මොනොක්සයිඞ් නම් විෂ වායුව මුදා හැරෙන බව ඔහු පවසා ඇත.


    lanka C news
     
    • Like
    Reactions: nidarsha91

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මෙහෙමයි ජලයෙන් දුවන වාහන එක එක අය ලෝකේ විවිධ රටවල හදුව. නමුත් ඇත්ත නැත්ත නම් දන්නේ නැහැ. බොරුවක් වෙන්න පුළුවන් බොහෝ දුරට. සතයක් වෙන්නත් පුළුවන්. මෙය සාර්ථක නම් ප්‍රථමයෙන්ම වාහන හදන්නේ ටොයෝටා , හොන්ඩා , වගේ මෝටර් රථ නිෂ්පාදනය කරන සමාගම්.
     
    Last edited:

    swash

    Member
    Feb 7, 2015
    35
    3
    0
    මේක බොරුවක් බං,පරිසරයට මුදාහරින්නෙ ජල වාශ්පනං ඒවා ආයෙත් ඉන්ධන විදියට පාවිච්චි කරන්න පුලුවන්නෙ :confused::confused::confused::confused::confused::confused::confused:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මේක බොරුවක් බං,පරිසරයට මුදාහරින්නෙ ජල වාශ්පනං ඒවා ආයෙත් ඉන්ධන විදියට පාවිච්චි කරන්න පුලුවන්නෙ :confused::confused::confused::confused::confused::confused::confused:

    ඔය කියන විදිහට H2O වල බන්දනය කඩලා හයිට්‍රජන් දහනය කරනවානම් පරිසරයට නිකුත් වෙන්නේ ජාල වාෂ්ප නොවෙයි නේ ඔක්සිජන් නේ. උබ කියන්න වගේ මේක බොරුවක් බන්. අනෙක H2O වගේ බන්ධනයක් ලේසියෙන් කඩන්න බැහැ.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    කාලෙන් කාලෙට බයිල කාරයො එනවනෙ බං. අනික ටොයොටලත් 2020දි කියනවනෙ හයිඩ්‍රිජන් සිස්ටම් එක එවනව කියන්නෙ.

     

    waligamaya

    Well-known member
  • මේක අත්තක් වෙන බැහැ. මොකද H2O බන්දන ශක්තිය වැඩියි ඒවගේම. විදුත් විච්චේධනය කර කියමුකෝ එත් එක ට බැටරිය චාර්ජ් කරන්න යන බලයත්තම වෙනත් ආකාරයකින් බලශක්තිය වැයවෙලා. අත්තක් උනත් මේක හරියට පම්ප් එකකින් ටැංකිය කර වතුර ගහලා එකෙන් ටර්බයි කරකවනවා වගේ තමයි.
     

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    meka vena baha. Ohoma h2o vala h ven karanna car battery ekak use karanavanm e dena power ekata vada adu power ekak nipadavana h pramanayak thamai kadaganna puluvan. Ithin oya battery eka kelinma motor ekakta haikarala power eka gathanam oya system eka oni naha.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔය කියන විදිහට H2O වල බන්දනය කඩලා හයිට්‍රජන් දහනය කරනවානම් පරිසරයට නිකුත් වෙන්නේ ජාල වාෂ්ප නොවෙයි නේ ඔක්සිජන් නේ. උබ කියන්න වගේ මේක බොරුවක් බන්. අනෙක H2O වගේ බන්ධනයක් ලේසියෙන් කඩන්න බැහැ.

    නැහැ බන් ඕකට කියන්නේ oxyhydrogen කියල. hydrogen නෙමෙයි. අනික ඕක 100% වතුරෙනුත් නෙමෙයි දුවන්නේ. පොඩි කිචි කිචි එකක් තියෙනවා ඔකේ කරන්නේ වතුරට. මමත් මේ දවස්වල ඔයිට වැඩිය ටිකක් වෙනස් බඩ්ඩක් design කරගෙන යනවා. බලමුකෝ ඉස්සරහට.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඉතින් බන් වැඩක් නැනේ ඇත්ත උනත් .. ඕක මුහුදු වතුරෙන් දුවන්න බැරුව ඇතිනේ .. ඉතින් පාවිච්චියට ගන්න පුළුවන් ජලය කොච්චර අඩුවෙන්ද ලෝකේ තියෙන්නේ .. අන්තිමට බොර තෙල් ගානටම වතුර ගණන් යයි .. බොර තෙල් තමා බොන්න වෙන්නේ එතකොට
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    ඔය කියන විදිහට H2O වල බන්දනය කඩලා හයිට්‍රජන් දහනය කරනවානම් පරිසරයට නිකුත් වෙන්නේ ජාල වාෂ්ප නොවෙයි නේ ඔක්සිජන් නේ. උබ කියන්න වගේ මේක බොරුවක් බන්. අනෙක H2O වගේ බන්ධනයක් ලේසියෙන් කඩන්න බැහැ.

    H2 දහනය කරාම හැදෙන්නේ H2O කියලා දන් නැති එව්නුත් ඉන්නවනේ යකෝ :lol:;).
    2H2 + O2 ---> 2H2O

    හැබැයි මේක බොරුවක් කියන එක තමයි මගෙත් අදහස. මොකද H2O break කරලා H2 සහ O2 හදනවා.
    අපි හිතමු ඒකට X කියල ශක්තියක් වැය උනොත්, අපහු H2 සහ O2 දහනය කරනකොටත් X කියන ශක්තිය නිදහස් වෙනවා.
    නමුත් ඔය ක්‍රියාවලි දෙකේදිම අනිවාර්යෙන් යම්කිසි ශක්තියක් අපතේ යනවා.
    එතකොට ඉතින් :baffled::baffled::rofl::P