කලින් ප්රශ්නේ ගැන කියපු විදිහ වැරදි වෙන්ඩ පුළුවන් නෙමෙයි මචන්. හිතට එකඟව කියපන් උඹ දෙමල මිනිස්සු ගැන කියපු දේ වැරදියි. මම කලින් පොස්ට් එකේ දැම්මේ මචන් උඹ කලින් කියපු දේට උතරයක් විතරයි. මම ඒ පොස්ට් එකේ කියලා නැහැ මහින්ද කියන්නේ හොඳ පාලකයෙක් කියලා. මම කිව්වේ එදා සිද්ද උන දේ ගැන ටිකක්, මම කිව්වේ උඹ දෙමල මිනිස්සු ගැන කියපු කතාව වැරදි කියලා. . මේ වගේ දෙයකට මහින්දට බැහැ මෙහෙම හමුදාව යොදවන්ඩ. උඹ මේ ප්රශ්නෙට මගේ පොස්ට් එකට දුන්න උත්තරේට මම එකඟයි. මහින්ද උඹ කියනවා වගේ මිනිහෙක් තමයි මේ වෙලාවේ. මොකද මේක ත්රස්තවාදීන් පිලිබඳ ප්රශ්නයක් නෙමෙයි. හැම ප්රශ්නයක්ම තුවක්කුවෙන් , පොල්ලෙන් , ලේ වලින් විසදන්න බැහැ. එත් දැන් බලනකොට මහින්ද තෝරාගෙන තියන්නේ ඒක. උඹ දෙමළෙක් නිසා කොටියෙක් කියලා හිතයි කියලා උඹ කියනවා. මචන් එහෙම දෙයක් නැහැ. මමයි උඹයි දෙන්නම් පය ගහලා ඉන්නේ ජිවත් වෙන්නේ මේ ලක් පොලවේ. උඹ හිතන්ඩ එපා දෙමල මිනිස්සු ගැන සිංහලයෝ හිතන් ඉන්නේ එහෙම කියලා. සිංහල මිනිස්සු විතරක් නෙමෙයි, දෙමල මිනිස්සුත් අකමැතියි කොටින්ට, මොකද ඒ අහිංසක මිනිස්සු කොටියෝ, ත්රස්තවාදියෝ නොවන නිසා. දෙමල උන පලියට කොටියෙක් වෙනවද මචන් ? කොටියෝ කියන්නේ කවුද කියලා උඹේ හදවතෙන් අහලා බලපන්. කොටියෝ කියන්නේ කවුද කියලා දෙමල උන උඹටම මෙහෙම පැහැදිලි කරන්ඩ උන එක ගැන උඹ ලජ්ජා වෙයන් මචන්. මම උඹට කලින් පොස්ට් එකෙත් කිව්වා, මගේ යාලුවෝ තාමත් ගොඩක් ඉන්නවා දෙමල කොල්ලෝ. උන් කොටි නෙමෙයි. අපි හැමෝම ශ්රී ලාංකිකයෝ විදිහට හිතන්ඩ ඕනේ. මහින්දයා කරන මේ තුප්පැහි වැඩේ මට නොතේරෙනවා නෙමෙයි. මගේ කලින් පොස්ට් එක හොඳට අපහු කියවපන් මචන්. මේ වගේ ප්රශ්නෙකට මෙහෙම උත්තර හොයපු මහින්ද පයගහලා ඉන්න පොලවට ණය, කන බත් ඇටයකට ණය මිනිහෙක්. ඌ රස කර කර කන කෑම, ගොඩගහල තියන සල්ලි, ඌ මහා ලොකුවට හිතන් ඉන්න රජ කමටත් ඕකා මේ අහිංසක මිනිස්සුන්ට ණයයි. මම මේ මොකද්ද කියන්නේ කියලා උඹම තීරණය කරපන් මචන්