වතුර නොබී සිරුර‍ට ලැබෙන වතුර

saturn

Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    වතුර නොබී සිරුර‍ට ලැබෙන වතුර

    අපට ජීවත්වීම සඳහා ආහාර මෙන්ම ජලය ද ඉතා අවශ්‍ය වේ. ජලය නොමැතිව ආහාරවලින් පමණක් අපට ජීවත්විය නොහැකි බැවිනි. දිනපතා වතුර වීදුරු (ලොකු) අටකට වැඩි ප‍්‍රමාණයක් ගන්නා මෙන් වෛද්‍යවරු අපට බලකර සිටින්නේ මේ හේතුවෙනි.සියලුම පාන වර්ගයන්ගේ මූල රසයනට බව අපි දනිමු. නොයෙක් ආකාරයේ පලතුරු ගෙන එම පලතුරු වර්ගවල යුෂ මිරිකා, ජලය, සීනි ලුණු ආදිය මිශ‍්‍රකර පානය කිරීම බොහෝ දෙනෙකු විසින් කරනු ලබන සිරිතකි. අනාදිමත් කාලයක සිට මිනිසා ජලයට පලතුරු යුෂ මිශ‍්‍ර කරගෙන පානය කළ බව පොත පතේ සඳහන් වෙයි.අද පලතුරු යුෂ වර්ග උපයෝගි කරගෙන බීම වර්ග රාශියක්ම මෙරටදී නිෂ්පාදන කරන බව නොරහසකි. අඹ, දොඩම්, අන්නාසි, දිවුල්, බෙලි, නාරං, කෙසෙල්, පැපොල්, ඇපැල්, මුද්දරප්පලම්, පැෂන්පෘට් ආදි පලතුරු මේ සඳහා යොදා ගනු ලැබේ.අම්ල ස්වල්පයකින්, අමුතුවෙන් එක්කරන ලද සීනිවලින් හා පලතුරු වල ඇති සීනිවලින්ද පලතුරු යුෂෙන් නිෂ්පාදනය කරන ලබන පාන වර්ග යුක්ත වන බව සමහර විද්‍යාඥයෝ කියා සිටිති. පලතුරු වලින් නිෂ්පාදනය කරනු ලබන බීම වර්ග වල සී විටමින් බහුලව පවතින බව එම බෝතල් වල අලවා ඇති ලේබල් වලින් කියවේ. මෙම බීම නිෂ්පාදනය කර වෙළෙඳපොළට නිකුත් කළ අලුත එහි සී විටමින් බහුලව පවතින බව කරන ලද සමීක්ෂණ වලින් හෙළිවී තිබේ.සමහර පලතුරු යුෂ වල ඒ විටමින් පමණක් නොව බී සහ සී විටමින් අඩංගුවී ඇති බවද සඳහන් කර ඇත. එහෙත් ටික කලක් ගත වී යන විට බෝතල්වල අසුරා ඇති පලතුරු යුෂ වල ඇති විටමින් පදර්ථයන් නැති වී යන බව කරන ලද සමීක්ෂණ වලින් හෙළි වී ඇත.
    මේ හැරෙන විට තවත් සිසිල් බීම වර්ග කීපයක්ම වෙළෙඳ පොළේ අලෙවියට තබා ඇති බව නොරහසකි. මෙම සිසිල් බීම නිෂ්පාදනය කර ඇත්තේ සෝඩා වතුර, රසවත් කරන ලද ඛනීජ වතුර, සහ කෘති‍්‍රම ඛනීජ ද්‍රාවණ උපයෝගි කරගෙනය.සාමාන්‍යයෙන් සෝඩා වතුර බෝතලයක උදරයේ අමිල ගතියක් ඇති වූ විට එය නැතිකර ගැනීම සඳහාද, දොස් කෝපවලටද වමනය නවත්වා ගැනීම සඳහා ද සෝඩා පාවිච්චි කරන බව අපි අසා ඇත්තෙමු.සිසිල් බීම නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගනු ලබන්නේ රසවත් කළ ඛනීජ ද්‍රාවණයි කෘති‍්‍රම රසායනිත ද්‍රව්‍ය හා සීනි යොදා ගැනීමෙන් සිසිල්බීම නිෂ්පාදනය කරනු ලැබේ. ලැමනේඩ්, ජින්ජර්එල්, ඔරේන්ජ් බාර්ලි මෙවන් සිසිල් බීම වර්ග කීපයකි.දෙහි, දොඩම්, ඉගුරු යුෂ ආදිය උපයෝගි කරගෙන මෙම සිසිල්බීම නිෂ්පාදනය කර ඇත. ජින්ජර් බියර් නිෂ්පාදනය කරනු ලබන්නේ ඉඟුරු යුෂ වැඩි වශයෙන් යොදා ගෙනය. බඩේ අමාරු ඇති වූ විට සමරු ‘ජින්ජර් බියර්’ ප‍්‍රයෝජනයට ගනු ලබන්නේ එහි වැඩිපුර ඉඟුරුයුෂ අඩංගු වන බැවිනි.වැඩි දෙනකු සිසිල්බීම පාවිච්චි කරනු ලබන්නේ පිපාසය නිවා ගැනීම සඳහාය. ඒ ජලය වෙනුවටය. පළතුරු යුෂ තරමක් මිශ‍්‍ර කර සිසිල් බීම නිෂ්පාදනය කර ඇතත්, ඒවා තුළ කිසිම පෝෂණ ගුණයක් නැති බව සමහර වෛද්‍යවරු මත පළ කරති. ජලය ගැන කතා කරන විට අපට තේ , කෝපි ගැනද සඳහන් කිරීමට සිදුවේ. එක් අතකින් මෙය ජලය මිශ‍්‍ර කර සදා ගන්නා පානයක් බැවිනි. ජලය මිශ‍්‍ර කර සාදා ගත්තද බොහෝ අවස්ථාවලදී ද තේ කෝප්පයක් නැත්නම් කෝපි කෝප්පයක් පාවිච්චි කරනු ලබන්නේ ‘ජලය’ වෙනුවෙනි. විඩාවට පත්වී සිටින මොහොතක කහට තේ කොප්පයක් එසේත් නැතිනම් කෝපි කෝපයක් බීමෙන් එම විඩා ගතිය නැතිවී ශරීරයට කිසියම් උද්දීපනයක් ඇතිවෙන බව සමහරු කියති.
    හෘදයා බාධවලින් පෙළෙන අයට සීනි නැති කහට තේ ඉතා ගුණදායක බව කියන මතයක්ද අප අතර තිබේ. එහෙත් කහට අධික තේ බීමෙන්ද කෝපි බීමෙන්ද ශරීරයට අහිතකර බලපෑම් ඇතිවිය හැකි බව සමහර වෛද්‍යවරු කියා සිටිති. රෑට නිදිමරන අය වැඩියෙන්ම පුරුදු වී සිටින්නේ කෝපි බීමටය. කෝපි බීමෙන් නිදිමත පහව යයි. ඉන්පසු පැය කීපයක් අවදි වී සිටිය හැකිය. එහෙත් එය ශරීරයට එතරම් හිතකාමි දෙයක් නොවේ.පානීය ජලය වෙනුවට සමහරු නිතර නිතර තේ පානය කරනු ලබන්නේ පිපාසය නැති කර ගැනීම සඳහාය. එහෙත් අප නිතර නිතර ජලය පාවිච්චි කරන්නේ පිපාසය නිවා ගැනීම සඳහා නොව, එය අපගේ ශරීර යන්ත‍්‍රය කි‍්‍රයාකරවීමට අවශ්‍ය අමුද්‍රව්‍යයක් බැවිනි. සමහර වෛද්‍යවරු කියා සිටින්නේ තේ පානය කරන්නේ නම් එයට එළකිරි මිශ‍්‍රකර පානය කරන ලෙසයි. එළකිරි මිශ‍්‍ර තේ බීමෙන් පිත නසන බවත්, වෛද්‍යවරු කියා සිටිති.තනිකර කෝපි බීමෙන් ශරීරය තුළ අහිත කර බලපෑම් ඇතිවීමට පුළුවන් බව අපි ඉහතින් සඳහන් කළෙමු. එහෙත් උක් හකුරු සීනි, එළකිරි හෝ ගීතෙල් දමා කෝපි පානය කිරීමෙන් ආහාර රුචිය වැඩි කරන බව කියැවෙන මතයක්ද අප අතර පවතී. පිත නසන ගතියක්ද ගීතෙල් මිශ‍්‍ර කෝපිවල ඇතිබව කියවේ.සීනි අධික ලෙස ගැනීමෙන් දියවැඩියාව නමැති රෝගය වැළදෙන බව කියනු ලැබේ. දියවැඩියාව නමැති භයානක රෝගයෙන් ගැලවීමට නම් සීනි මිශ‍්‍ර තේ වතුර පානයෙන් පුළුවන් තරම් ඈත් වී සිටිය යුතුය. තේ වෙනුවට ඇල්වතුර වීදුරුවක් නිතර නිතර පානය කිරීමෙන් දියවැඩියා රෝගයෙන් මිදිය හැකි බවද මතයක් පවතියි.අද වෙළෙඳ පොළේ නොයෙක් බීම වර්ග වලින් පිරී පවතියි. පැණි රසබීම, සිසිල්බීම, පලතුරු බීම, පේයාව බීම, කිරි පැකැට් බීම මින් කීපයකි. මෙම හැම බීම වර්ගයක්ම නිෂ්පාදනය කොට ඇත්තේ පානීය ජලය මූලාශ‍්‍ර කර ගෙනය. මෙයින් පෙනී යන්නේ ජලය නැතිව අපට කිසිම දෙයක් කළ නොහැකි බවය. එසේම මොනවා කෑවත් බීවත් ජලය පානය නොකර අපට ජීවත්වීමට බැරි බවය. පානීය ජලය එතරම්ම මෙහෙවරක් මිනිසාට මෙන්ම සතා සිවුපාවන්ට ද ඉටුකරන බැවිනි. ජලය නැතිවූදාට මිනිසාගේ පැවැත්මද එතනින්ම අවසන් වනු ඒකාන්තය.


    (ආතර් යූ. අමරසේන)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මේවා සම්පුර්ණ දැනගත්තේ නැතත් වතුර නැතිනම් කෙල වෙනවා කියල හැමෝම දන්නවා..

    ඒත් මිනිස්සු ගස් කපල කැලෑ එලි කරලා පරිසරය විනාශ කරලා දානවා.

    ගස් වලින් අපිට Water + Air = Life ලබා දෙනවා.
    ඒ වෙනුවෙන් ගස් අපෙන් බලාපොරොත්තු වෙන දෙයක් නැහැ.
    නමුත් මිනිස්සු අපි ගස් වැල් පරිසරයට අපිට ලබා දෙන හුස්ම ටිකටයි වතුර ටිකටයි හොඳ රිටන් එකක් ගස් වලට දෙනවා නේද? ගස් වලට පරිසරේට මතක හිටින්නම?
    ඒත් ගස් වැල් වල අපි එක්ක තරහක් නම් තාම පෙන පාටක් නෑ...
    ඒත් ගස් වැල් eඒවා වල මුළු ජීවිත කාලය තුරාවටම අපිට ඒ දේ ලබා දෙයි... දීල අපෙන් මැරුම් කාල නැති වෙලා යයි
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    මේවා සම්පුර්ණ දැනගත්තේ නැතත් වතුර නැතිනම් කෙල වෙනවා කියල හැමෝම දන්නවා..

    ඒත් මිනිස්සු ගස් කපල කැලෑ එලි කරලා පරිසරය විනාශ කරලා දානවා.

    ගස් වලින් අපිට Water + Air = Life ලබා දෙනවා.
    ඒ වෙනුවෙන් ගස් අපෙන් බලාපොරොත්තු වෙන දෙයක් නැහැ.
    නමුත් මිනිස්සු අපි ගස් වැල් පරිසරයට අපිට ලබා දෙන හුස්ම ටිකටයි වතුර ටිකටයි හොඳ රිටන් එකක් ගස් වලට දෙනවා නේද? ගස් වලට පරිසරේට මතක හිටින්නම?
    ඒත් ගස් වැල් වල අපි එක්ක තරහක් නම් තාම පෙන පාටක් නෑ...
    ඒත් ගස් වැල් eඒවා වල මුළු ජීවිත කාලය තුරාවටම අපිට ඒ දේ ලබා දෙයි... දීල අපෙන් මැරුම් කාල නැති වෙලා යයි
    :yes::)
     

    Dwars

    Junior member
  • Dec 30, 2007
    233
    7
    18
    Extinction of human race is not far away..Be ready for it.

    If u want survive plant a tree.....it will give you at least one extra day to live on so called planet Earth....