@1
රෑ දහයට කලින් නිදාගන්න.
@@2
සතියට දෙපාරක් විනාඩි විස්ස බැගින් ව්‍යායාම කරන්න.
#wmworkoutA
1.Squats 7,
2.pushups 7,
3.lunges 7/7,
4.Bridge 7,
5.Rowing or pullups 7,
විනාඩි 20 කට පුලුවන් තරම් රවුම් ගානක් කරන්න.
සඳුඳා සහ බ්‍රහස්පතින්දා කරන්න.
@@@3
තහනම් ආහාර.
කොහොමවත්ම කන්න හොඳම නැති කෑම වර්ග.
@ “සීනි, පැණිරස, පාන්පිටි, රතු හාල් පිටි, ආටාපිටි, ඉදි ආප්ප, රොටී, , බිස්කට්, කේක්, ඉදිආප්ප, රොටී, පිට්ටු, සියලුම පිටි වර්ග, සියලුම කිරි වර්ග, ෆ්‍රෙශ් මිල්ක්, කිරි පැකට්, යෝගට්, කඩචෝරු, පැකට් කල ආහාර,
අඹ අන්නාසි, ගස්ලබු, කෙසෙල්, කොමඩු, ඇපල්, මිදි, වගේ පැණිරස පලතුරු,
එලවලු තෙල්. කෘත්‍රිම ආහාර, කඩෙන් කෑම, කන්නම එපා”
මේවා විසයි. මේවා කෑවොත් නැති ලෙඩත් හැදෙනවා. කන්න තහනම්.
@@@@4
උදේ කිරි තේ එක සහ බිස්කට් නවත්තන්න.
අතරින් පතර අනම් මනම් කන එක නවත්තන්න. No snacks.
ප්‍රධාන ආහාර වේල් පමණයි.
ඒ ආහාර වේල හොඳට බඩ පිරෙන්න කන්න.
පොඩ්ඩක් කන්න එපා.
අඩු කරනවා නම් අඩු කරන්න ඕන "සීනි වැඩි කරන" පිශ්ඨය බහුල ආහාර වන
බත් කොස් දෙල් අල බතල කඩල කවුපි මුං ඇට කුරක්කන් කැරට් බීට් වට්ටක්කා බ්‍රෑන් ක්‍රැකර් ක්‍රීම් ක්‍රැකර් ඉදිආප්ප රොටී පිට්ටු බාසුමතී රතු බත් තම්බපු හාලෙ බත් ඕට්ස් ... ඔන්න ඕවා.
සීනි අඩු කරන ආහාර ඕන තරම් බඩ පිරෙන්න කන්න. පොල්සම්බෝල බිත්තර මීකිරි මස් මාලු බටර් පොල් පොල්තෙල් චීස් අලිගැටපේර.
@@@@4
උදේ ආහාරය පුලුවන් තරම් පමා කරන්න
රාත්‍රී ආහාරය පුලුවන් තරම් වෙලාසන ගන්න.
රාත්‍රී ආහාර වේල හතට කලින් කන්න. හයට කලින් ගන්න පුලුවන් නම් තවත් හොඳයි.
@@@@@5
මුදල් වියදම්වෙන්නෙ මෙන්න මේ කොටසට විතරයි.
මුදල් වියදම් කරන්න අමාරුනම් පලමු කොටස් හතර විතරක් උනත් කරලා බලන්න පුලුවන්.
@@@@@5
උදේ ආහාර වේල නමයට ගන්න.
මී කිරි කෝප්ප දෙකකට
ලූනු සහ තක්කාලි සම්බෝලයක් කපලා දාලා කන්න.
(පුලුවන් නම් උදේට මුකුත්ම නොකා වතුර විතරක් බීලා සිටියත් කමක් නෑ. ප්‍රතිපල වඩා හොඳයි)
දවල් ආහාරය
පිඟාන හතරට බෙදාගන්න.
# ¼ පොල්සම්බෝල මීකිරි අලිගැටපෙර බෙදාගන්න
# ¼ මස් මාලු පෝක් බීෆ් චිකන් බෙදාගන්න
මේ ටිකට තමා සීනි අඩුවෙන්නේ.
# ¼ බත් කොස් දෙල් අල බතල කඩල කවුපි මුං ඇට කුරක්කන් පරිප්පු කැරට් බීට් වට්ටක්කා බෙදාගන්න.
මේව හන්දා තමා සීනි වැඩිවෙන්නේ. ඒ නිසයි පිඟානෙන් කාලකට සීමා කරන්න කියන්නේ.
( මේ ටික වෙනුවටත් පොල්සම්බෝල බිත්තර මීකිරි මාලු මස් බටර් පොල්තෙල් බෙදා ගන්න පුලුවන් නම් වඩා හොඳයි)
# ¼ කොල පාට එලවලු සහ පලා වර්ග. බෝංචි වැටකොලු පතෝල බන්ඩක්කා මෑකරල් අඹරැල්ලා කරවිල තිබ්බටු තක්කාලි ලීස් ගෝවා හතු බෙදා ගන්න.
(මේ ටිකත් ලොකු ප්‍රයෝජනයක් නෑ ඒ වෙනුවටත් පොල්සම්බෝල බිත්තර මීකිරි මාලු මස් බටර් පොල්තෙල් බෙදා ගන්න පුලුවන් නම් තවත් හොඳයි)
ඒ කියන්නේ දවල්ට බත් නොකාම ඉන්න පුලුවන් නම් දඩාස් ගාලා සීනි බහිනවා. බත් හන්දා තමා සීනි හැදෙන්නේ.
රාත්‍රී ආහාරය
හවස හතට 7 pm හෝ ඊට පෙර
බිත්තර තුනක් හෝ හතරක්
"ඔබ කැමති ඕනෑම විදිහකට" බටර් චීස් පොල්තෙල් කොල එලවලු පොඩ්ඩක් දාලා හදලා කන්න.
තම්බලා ම කන්න කියලා නියමයක් නෑ
මතක තබාගන්න
ආහාරයට ගන්න දේවල් වලට වඩා ආහාර ගන්න වේලාව වැදගත් කියලා.
(බඩ අඩුවෙන, දියවැඩියාව ට ගුණ ආහාර තමා
පොල්සම්බෝල බිත්තර මීකිරි මාලු මස් බටර් පොල්තෙල් අලිගැටපෙර චීස්. මේවා බෙහෙත් වගේ.)
(පුරුදු වෙනකම් ටික දවසකට ඕනම නම් අතර මැදට ස්නැක් විදිහට ඕන නම් බිත්තර දෙකක් හෝ මීකිරි කෝප්පයක් කන්න.)
මේ ටික දින 21 නොකඩවා කරන්න.
වඩා සාර්ථක ප්‍රථිපල සඳහා දින 365 ක් නොකඩවා කරන්න.
පටන් ගන්න කලින් FBS PPBS SGPT, Lipidprofile බලන්න. දින 22 දි ආයෙත් බලන්න.
ත් බලන්න.