වන්ඳා-කෘමි ලොවේ ඝාතකයා
වන්ඳා යනු ඕනෑම අයෙක් දුටු පමණින් හඳුනාගන්නා කෘමියෙකි.ඒ ඌගේ ඉදිරිපස ගාත්රා වල අපූරු පිහිටීම නිසාය.මේ ලිපිය ඔස්සේ කියන්නට යන්නේ වන්ඳා ගැන බහුතරයක් දෙනා නොදන්නා කතාවකි.වන්ඳා ගැන මෙලෙස ලිපියක් පළකරන්නට සිතුනේ පසුගිය දිනක Animalplanetනාලිකාවේ විකාශනය වූ වාර්තා වැඩසටහනක් නැරඹීමෙන් පසුවයි.සමහර විට වන්ඳා ගැන ඔබේ සිත තුල මෙතෙක් කලක් තිබූ ඒ අහිංසක චිත්‍රය මෙම ලිපිය කියවීමෙන් අතුරුදහන් වීමට හැකිය.ඊට හේතුව වන්ඳා යනු අප සිතා සිටින තරම් අහිංසකයෙක් නොවන නිසාය.ඔහු කෘමි ලෝකයේ අති දක්ෂ දඩයක්කරුවෙකි.සැබැවින්ම වන්ඳා යනු අති සූක්ෂම ඝාතක යන්ත්‍රයකි.
වන්ඳා හෙවත් Mantis යනු තනි කෘමි විශේෂයක් නොවන බව ඔබ දන්නවා ඇති.එසේ කීවේ ඔවුන්ගේ විවිධ විශේෂ ඔබ මීට පෙර දැක ඇති නිසාවෙනි.ඔවුන්ගේ විශේෂ 2,400ක් පමණ සිටින බව කියවේ.ඒ ගණන දැනට හඳුනාගෙන තිබෙන විශේෂ ප්‍රමාණය පමණි.ඔවුන් Mantodea නම් ගණයට අයත්ය.
වන්ඳාගේ හිස ත්‍රිකෝණාකාරය.ඇස් ඉදිරියට නෙරා විත් තිබේ.බෙල්ල නැමෙන සුළුය.ඔවුන්ගේ ශරීරයේ පියාපත් තිබීමට නොතිබීමට හැකිය.සියලුම වන්ඳන්ට ගොදුරු අල්ලාගත හැකි සේ විකරණය වූ ඉදිරිපස ගාත්රා දෙක තිබේ.ඔවුන්ගේ මෙම ඉදිරිපස ගාත්රා තබාගෙන සිටින ස්වභාවය වැඳගෙන(praying mantis) සිටින ආකාරයක් ගනියි.
වන්ඳන් මාංශ භක්ෂකයන්ය.ඔවුන්ගේ දඬයම් ක්‍රමය සැඟවී සිට පහරදීමයි.ඒ සඳහා ඔවුන්ගේ ශරීර වර්ණය ජීවත්වන පරිසරයේ වර්ණයට,ස්වභාවයට අනුවර්තනය වී තිබේ.නමුත් පොළොවේ ජීවත්වන සමහර වන්ඳා විශේෂ සිය ගොදුර පසුපස එළවා යන බව සඳහන්ය.සාමාන්‍යයෙන් වන්ඳෙක් වසරක් පමණ කාලයක් ජීවත් වේ.ශීතල කාලයට ගැහැණු සතුන් බිත්තර දමා මරණයට පත්වේ.සමහර ගැහැණු සතුන් තම බිත්තර සහිත පැස අසල සිටිමින් ආරක්ෂාව සලසන බව සොයාගෙන තිබේ.මෙම පැස විවිධ හැඩයන්ගෙන්(කුරුළු වසරු පිඩක්,ශාකයක කොටසක්) යුක්ත වේ.ඒ වෙනත් විලෝපිකයන්ගේ බිත්තර ආරක්ෂා වී තිබීමටයි.පිරිමි සතුන් ගැහැණු සතුන්ට වඩා ප්‍රමාණයෙන් කුඩාය.තම සහකාරිය සමග ලිංගික එක්වීමකින් පසුව ඔහුට සිදුවන්නේ ඇයගේ ආහාරය(sexual cannibalism) බවට පත්වන්නටය.සමහර අවස්ථාවල ලිංගික එක්වීමට පෙර හෝ එය සිදුවන අතරවාරයේදී ගැහැණු සතා විසින් සිය සහකරුවාගේ හිස ආහාරයට ගන්නා බව සොයාගෙන තිබේ.නමුත් හිස නොමැතිව වුවද පිරිමි සතාට සිය කාර්යය නිමාවන තුරු ජීවත්විය හැකිය.නමුත් අවසානයේ ඔහුට ගැලවීයාමට කිසිදු ඉඩක් සහකාරියගෙන් නොලැබේ.
පුරාතණ ශිෂ්ඨාචාරවල(ග්‍රීක,මිසර සහ ඇසිරියානු ) මෙම කෘමියා සුපිරි බලයක් සහිත සත්වයෙක් ලෙස සලකා තිබේ.වන්ඳා යනු සමහර රටවල සුරතල් සතෙක් ලෙස ඇතිකරන කෘමියෙකි.
වන්ඳා විශේෂ අනුව ඔවුන්ගේ දේහ ප්‍රමාණය වෙනස් වේ.කැලිෆෝනියා වන්ඳා අඟල් 2ක් දිගට වැඩෙද්දී චීන වන්ඳන් අඟල් 5ක් පමණ දිගට වැඩෙයි.මොවුන්ට සිය වර්ණ වෙනස් කිරීමේ හැකියාව තිබේ.
ඇත්තටම වන්ඳා වගේ කෘමියෙකුට සර්පයෙක්ව ගොදුරක් ලෙස අල්ලාගත හැකිද?ඔව් එවැන්නක් කල හැකි වන්ඳා විශේෂ ලෝකයේ සිටිනවා.එය ඔප්පු කල හැකි සාක්ෂිද තිබේ.පහත වීඩියෝ පට කිහිපය නරඹන්න.එවිට ඔබටම එය පැහැදිලිවේවි.
කුරුල්ලන් සහ සර්පයින් ආහාරය කරගන්නා මකුළුවන් ගැන සමහර විට ඔබ අසා ඇති.නමුත් කුරුල්ලන් ගොදුරු කරගන්නා වන්ඳන් දැක තිබේද ? මෙහි දැක්වෙන්නේ හමිංබර්ඩ් නම් ලොව කුඩාම කුරුලු විශේෂය දඬයම් කරන වන්ඳෙකි.
අප්‍රිකානු වන්ඳන් කුඩා ප්‍රමාණයේ මීයන් ආහාර කරගන්නා අවස්ථා වාර්තා වී තිබේ.
වන්ඳා සමහර රටවල සුරතල් සතෙක් ලෙස ඇතිදැඩි කරයි.නමුත් වන්ඳා යනු මිනිසාට ප්‍රයෝජනවත් සතෙකි.ඌ කෘෂිකර්මාන්තයේදී මිනිසාට කරදරකාරී කෘමීන් විනාශ කිරීමට සහාය වේ.
සංවාසයෙන් පසුව පිරිමි සතා සිය සහකාරියගේ ආහාරය බවට පත්වීම(Sexual cannibalism) කෘමි ලෝකයට අලුත් දෙයක් නොවේ. මකුළුවන් සහ සමහර කෘමීන් විශේෂවල මෙම සිද්ධිය දක්නට ලැබේ.සමහර ගෑණුත් කසාදෙන් පස්සේ මෙහෙමලු.
-HarshaLulzSec-

වන්ඳා ගැහැණු සතෙක්(ප්‍රමාණයෙන් විශාල සත්වයා) සහ පිරිමි සතෙක් සංවාසයේ යෙදී සිටින අයුරු
පිරිමි සතුන් සිය සහකාරියගේ ආහාරය බවට පත්වන අයුරු
බිත්තර සහිත කෝෂ
ගැහැණු සතෙක් සමග සංවාසයේ යෙදෙන පිරිමි සතෙකුට අත්වන ඉරණම
පුරාතණ ශිෂ්ඨාචාරවල(ග්‍රීක,මිසර සහ ඇසිරියානු ) මෙම කෘමියා සුපිරි බලයක් සහිත සත්වයෙක් ලෙස සලකා තිබේ.වන්ඳා යනු සමහර රටවල සුරතල් සතෙක් ලෙස ඇතිකරන කෘමියෙකි.
වන්ඳා විශේෂ අනුව ඔවුන්ගේ දේහ ප්‍රමාණය වෙනස් වේ.කැලිෆෝනියා වන්ඳා අඟල් 2ක් දිගට වැඩෙද්දී චීන වන්ඳන් අඟල් 5ක් පමණ දිගට වැඩෙයි.මොවුන්ට සිය වර්ණ වෙනස් කිරීමේ හැකියාව තිබේ.
සාමාන්‍යයෙන් වන්ඳෙක්ගේ ආහාර වන්නේ වෙනත් කුඩා කෘමී සතුන්ය
*වන්ඳාගේ විලෝපිකයන් වන්නේ ගෙම්බන්,කටුස්සන්,කුරුල්ලන් සහ වවුලන් ආදී සතුන්ය.
*බැලූ බැල්මට ඔවුන් සෙමින් ක්‍රියාකරන කම්මැලි සතෙක් ලෙස පෙනුනද තම ගොදුරට පහරදෙන්නේ අතිශය වේගයකිනි.
*ඔවුන් සතු අවිය වන්නේ ඉදිරිපස ගාත්රා දෙකය.
*ගොදුරේ හිස ආහාරයට ගැනීම පළමුව සිදුකරයි.
*සමහර වන්ඳන් ,එනම් විශාලව වැඩෙන උන් සිය ගොදුරු ලෙස කුඩා උරගයන්,කුරුල්ලන් සහ කුඩා ක්ෂීරපායි සතුන් අල්ලාගනියි.
වන්ඳාගේ ඔබ නොදන්නා පැත්ත ගැන කියන්න තමයි මේ සූදානම් වෙන්නේ.
*බැලූ බැල්මට ඔවුන් සෙමින් ක්‍රියාකරන කම්මැලි සතෙක් ලෙස පෙනුනද තම ගොදුරට පහරදෙන්නේ අතිශය වේගයකිනි.
*ඔවුන් සතු අවිය වන්නේ ඉදිරිපස ගාත්රා දෙකය.
*ගොදුරේ හිස ආහාරයට ගැනීම පළමුව සිදුකරයි.
*සමහර වන්ඳන් ,එනම් විශාලව වැඩෙන උන් සිය ගොදුරු ලෙස කුඩා උරගයන්,කුරුල්ලන් සහ කුඩා ක්ෂීරපායි සතුන් අල්ලාගනියි.
වන්ඳාගේ ඔබ නොදන්නා පැත්ත ගැන කියන්න තමයි මේ සූදානම් වෙන්නේ.
ඇත්තටම වන්ඳා වගේ කෘමියෙකුට සර්පයෙක්ව ගොදුරක් ලෙස අල්ලාගත හැකිද?ඔව් එවැන්නක් කල හැකි වන්ඳා විශේෂ ලෝකයේ සිටිනවා.එය ඔප්පු කල හැකි සාක්ෂිද තිබේ.පහත වීඩියෝ පට කිහිපය නරඹන්න.එවිට ඔබටම එය පැහැදිලිවේවි.
සර්පයෙක් ආහාරය කරගන්නා වන්ඳෙක්
කුරුල්ලන් සහ සර්පයින් ආහාරය කරගන්නා මකුළුවන් ගැන සමහර විට ඔබ අසා ඇති.නමුත් කුරුල්ලන් ගොදුරු කරගන්නා වන්ඳන් දැක තිබේද ? මෙහි දැක්වෙන්නේ හමිංබර්ඩ් නම් ලොව කුඩාම කුරුලු විශේෂය දඬයම් කරන වන්ඳෙකි.
වන්ඳෙක්ගේ ප්‍රහාරයට ලක්වන හමිංබර්ඩ් පක්ෂියෙක්
වන්ඳෙක්ගේ ගොදුරක් බවට පත්වූ හමිං බර්ඩ් පක්ෂියෙක්
අප්‍රිකානු වන්ඳන් කුඩා ප්‍රමාණයේ මීයන් ආහාර කරගන්නා අවස්ථා වාර්තා වී තිබේ.
වන්ඳන් මිනිසුන්ට පහර දෙනවාද? ඔව් එවැන්නක් සිදුවිය හැකිය.එසේ කරන්නේ තම ආත්මාරාක්ෂාව උදෙසායනමුත් වන්ඳෙක්ගේ සපා කෑමක් මිනිසෙකුට නොසැලකිය හැකි තරම් හානියක් සිදුකල හැකිය.වන්ඳා විෂ සහිත සතෙක් නොවේ.
වන්ඳෙක් මිනිසෙක්ගේ ඇඟිල්ලක් ආහාරය කරගන්නා අයුරු