කුල එක්ක ආවේනික ගති ලක්ෂණ එනවා කියල අහල තියෙනවා.
Personality වල උනත් එහෙම එකක් තියෙනවා.
අනිවාර්යයෙන්
------
Post added on Aug 22, 2022 at 8:36 PM
කරාවෙ මිනිස්සු
================
ධීවර රැකියාව ප්‍රධාන ජීවනෝපාය කරගත් ලංකාවේ මුහුදුබඩ තීරුව පුරා විහිදී සිටින කුලයකි.
අනුරාධපුර රාජධානියෙ අබයගිරි විහාර ශාලාවේ කරාව කුලය ලංකාවේ ගැන පලමුවෙන්ම සදහන්වෙ.
========================
මයිකල් රොබට්ස්ගේ මතය අනුව තංගල්ලේ සිට මීගමුව දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන සිංහල කතා කරන කරාව ප්රජාවද,
මීගමුවේ සිට පුත්තලම දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන සිංහල හා දෙමළ යන භාෂා දෙකම කතා කරන ‘කරාව’ හා ‘පරවර’ ප්රජාවද,
නැගෙනහිර මුහුදු තීරයේ ජීවත් වන දෙමළ කතා කරන ‘කරයාර්’ ප්රජාවද
යන සියලූ සමාජ කණ්ඩායම් එකම සමාජ කණ්ඩායමකට අයත් වේ.
මොවුන්ගෙන් බහුතරය මෙරට රජුගේ යුධ සේවයට චේරයේ(කේරළයෙන්) සිට ගෙන ආ ද්‍රවිඩ ජනතාවයි.
==========================
විසිවන සියවසේදි බ්‍රිතාන්‍යන් මගින් ගොවිගම කුලය සතුවූ දේශපාලන බලය දුර්වල කිරීමේ අරමුණින් යම් යම් බලතල අනෙක් කුල වලටද ලබා දීමට කටයුතු කල අතර ඉන් එක් කුලයක් වූ කරාව මිනිසුන්ද ක්‍රිස්තියානි දහම වැලදගනිමින් රජයේ තනතුරු වලට ඇතුළු වෙමින් යම් සමාජ මට්ටමක් ගොඩනගා ගන්නා ලදී.
මේ සදහා සිංහල මහා සංඝයා අතර පැවති කුලබේදයද හේතුවු බව සැළකේ.
එකල ගොවිගම කුලයට පමණක් උපසම්පදාව දැරීමට අයිතිය ඇතිබවට කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් නිකුත් කර තිබූ රාජ අණ සහ බෞද්ධ භික්ෂූන් සහ බෞද්ධ සමාජය මගින් කරාව මිනිසුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ මසුන් මැරීම පහත් ක්‍රියාවක් ලෙස සැළකීම කාරාව මිනිසුන් බුදු දහමින් ඈත්ව ක්‍රිස්තියානි ධර්මය වැලදගැනීමට හේතුවූ බව සදහන්ය.
==========================
පෙර සඳහන් කල මතයට හාත්පසිම වෙනස් සාක්ෂි සහිතව පෙන්වා දිය හැකි විස්තරයක්ද අැත. එනම් කරාව ලෙසින් හඳුන්වන්නේ කෞරව වංශය යන බවයි..
මධ්‍යම භාරතයේ ගංඟා යමුනා ගංගා දෙක අතර පිහිටි කුරු රට දැනටද හඳුන්වන්නේ කුරුක්ෂේත්‍ර දිස්ත්‍රික්කය ලෙසටය.
මෙයට වසර 3000 කට පමණ පෙර එරට රජකල කෞරව රාජ වංශයේ කෟෙරව_- පාන්ඩව දෙමස්සිනාලා දෙපසට බෙදී කල මහා යුද්ධය " මහා භාරත යුද්ධය " ලෙස හැඳින්වේ. මෙම යුදයෙන් පැරදුනු කෞරව වංශිකයන්ගෙන් සමහරුන් අවට රට වලට විසිර ගියහ.
ඔවුන් දකුණු ඉන්දියාවට මෙන්ම හෙළදිවටද සංක්‍රමණය වූහ. බුදුන්ගේ කාලයටත් පෙර මෙරටට පැමිණි කෞරවයෝ මෙරටෙහි රජුන් බවට පත්වූහ.
බුදුන් වහන්සේ කුරුරට වැසියන් බුද්ධිමතුන් ලෙස හඳුන්වාදී මහා සතිඵට්ඨාන සූත්‍රය එරට වැසියන්ට දේශනා කලහ.
=========================
කරාව ලෙස හදුන්වනු ලැබූ කුලයක් රොබට් නොක්ස් ගේ එදා හෙළදිව හි "කුලමල ගරු නම්බු" පරිච්ඡේදයේ සදහන් නොවේ. මහනුවර යුගයෙදී ගොවි කුලය හැර අන් සෑම සෑම කුලයකටම අපහාසාත්මක වෙනත් නම් පටබැද අැත.
=========================
බුදුන් වහන්සේ බුද්ධිමතුන්ගේ දේශය ලෙස සඳහන් කල කුරුරටට වැඩමකොට කෞරව රාජවංශිකයන්ට ගැඹුරු දහමක් වන සතිපට්ඨාන සූත්‍රය දේශනා කළ බව සඳහන් වේ...
කුරුරට මධ්‍යම ඉන්දියාවේ ගංගා යමුණ ගංඟා අතර පිහිටා අැති අතර දැන් එය කුරුක්ෂේත්‍ර දිස්ත්‍රික්කය ලෙසින් හඳුන්වන නවදිල්ලිය පිහිටි පලාතයි.
තවමත් ඉන්දියාවේ තවමත් මෙන්ම ලංකාවේද කෞරව රාජවංශිකයෝ සිටිති. කෞරව රාජ වංශිකයන්ට පමණක් ඔවුන්ගේ මංගල සහ අවමංගල උත්සව වලදී මුතුකුඩ සේසත් තෝමර පන්දම් උඩුවියන් පාවාඩ වල්විදුනා පාවිච්චි කරන්නට උරුමයක් අයිතියක් අැති බව පෙතෙපතෙහි සඳහන් ය.
==========================
ක්ෂත්රිය කෞරව වංශිකයන් හෙළදිවෙහි වාසය කරන්නේ බුදුන්ගේ කාලයටත් පෙර සිට බවත් බුදුන් වහන්සේ හෙලදිවට වැඩමකල අවස්ථාවක තම නෑයින් හමුවීමට කාචර ගාමයට ගිය බවත්
තංගල්ල සිට හලාවත දක්වා මුහුදු බඩ පටු තීරයක ජීවත් වන ජනගහනයෙන් බහුතරය කරාව කුලයට අයත්ය. මොවුන් අතරින් මොරටුවේ සිට හලාවත දක්වා වන තීරයේ ජීවත් වන කරාව ප්‍රජාවගෙන් අති විශාල බහුතරය කතෝලිකයන් වන අතර පානදුරේ සිට තංගල්ල දක්වා විහිදී යන තීරයේ ජීවත් වන ප්‍රජාවෙන් බහුතරය බෞද්ධයන්ය.
උප කුලයන්;
මුධලි පෙරුව,
නාවිකයො,
වඩූවො,
හෙල බැඳි කරා,
කොල බැඳි කරා,
ටොක් කෙවුල්කරා,
ඉදමල් කෙවුල් කරා,
ගම් බැඳි කරා,
හුණු කරා,
දැල් කොටු කරා
------
Post added on Aug 23, 2022 at 11:27 AM