වඳුරන් සමඟ ජීවත් වූ දැරියක්
රඩ්යාඩ් කිප්ලිං ලියපු Jungle Book කතාවේ ‘Mowgli’ නමැති දරුවාව ලොකුමහත් කරන්නේ වෘකයන් රැළක්. අද අපි කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්.
ඉන්දීය – නේපාල දේශසීමාව ආසන්නයේ වනාන්තරයක ඉඳල අවුරුදු 8 ක විතර ගැහැණු ළමයෙක් මුණ ගැහිලා. මේ දැරියව සොයගත්දී ඇය ඉඳල තියෙන්නේ නිරුවතින්. ඒ වගේම මේ දැරියව බොහොම අමාරුවෙන් අල්ලාගෙන කැලෙන් එළියට අරන් ඇවිත් තියෙන්නේ මේ දැරියගේ දැඩි විරෝධය මතයි.
ඒ වගේම වඳුරු රැළකුත් මේ ගැහැණු ළමයව කැලෙන් එළියට ගෙනියන්න නොදී ඉන්න ලොකු වෙහෙසක් අරන් කියල වාර්තා වෙනවා. මේ දැරිය හැසිරීම වඳුරෙකුට සමාන වන බවත්, ගාත් සතරෙන් ගමන් කරන, වඳුරෙකු වගේ කෑ ගහන මේ දැරිය, රෝහලට ගෙනාවට පස්සේ දීපු පිසූ ආහාරත් ඇය ප්‍රතික්ෂේප කළ බවට වාර්තා වෙනවා.
මේ දැරිය හැසිරෙන විදිහ අනුව ඇය යන්තම් තේරෙන වයසක ඉඳන්ම ජීවත්වෙලා තියෙන්නේ වඳුරෝ එක්ක කියලයි මේ වෛද්‍යවරු කියන්නේ. හැබැයි කතාබහ කරන්න ඉගෙනගන්න තරමේ කුඩා දැරියක් තනියම කැලයක දිවි බේරාගෙන හිටිය කියල හිතන්න අමාරු නිසා වඳුරෝ ඇයව රැක බලාගන්න ඇති කියලත් වෛද්‍යවරු පවසනවා.
ඒ වගේම මේ දැරියව ආයෙත් මනුෂ්‍යයෙක් විදිහට හැසිරෙන්න පුරුදු කරන්න හුඟක් කාලයක් ගතවිය හැකි බවත් වෛද්‍යවරු පවසන අතර මේ දැරිය කවුද කියල තවම හොයාගෙන නොමැති බවයි වාර්තා වෙන්නේ.
Source:reporter.lk
මිනිසත් බව ලැබූවත්, වඳුරන් සමඟ ජීවත් වූ දැරියක් හමුවෙයි !

Last edited: