වඳුරන් සමඟ ජීවත් වූ දැරියක්

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    වඳුරන් සමඟ ජීවත් වූ දැරියක්

    මිනිසත් බව ලැබූවත්, වඳුරන් සමඟ ජීවත් වූ දැරියක් හමුවෙයි !


    රඩ්යාඩ් කිප්ලිං ලියපු Jungle Book කතාවේ ‘Mowgli’ නමැති දරුවාව ලොකුමහත් කරන්නේ වෘකයන් රැළක්. අද අපි කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්.

    ඉන්දීය – නේපාල දේශසීමාව ආසන්නයේ වනාන්තරයක ඉඳල අවුරුදු 8 ක විතර ගැහැණු ළමයෙක් මුණ ගැහිලා. මේ දැරියව සොයගත්දී ඇය ඉඳල තියෙන්නේ නිරුවතින්. ඒ වගේම මේ දැරියව බොහොම අමාරුවෙන් අල්ලාගෙන කැලෙන් එළියට අරන් ඇවිත් තියෙන්නේ මේ දැරියගේ දැඩි විරෝධය මතයි.

    ඒ වගේම වඳුරු රැළකුත් මේ ගැහැණු ළමයව කැලෙන් එළියට ගෙනියන්න නොදී ඉන්න ලොකු වෙහෙසක් අරන් කියල වාර්තා වෙනවා. මේ දැරිය හැසිරීම වඳුරෙකුට සමාන වන බවත්, ගාත් සතරෙන් ගමන් කරන, වඳුරෙකු වගේ කෑ ගහන මේ දැරිය, රෝහලට ගෙනාවට පස්සේ දීපු පිසූ ආහාරත් ඇය ප්‍රතික්ෂේප කළ බවට වාර්තා වෙනවා.

    මේ දැරිය හැසිරෙන විදිහ අනුව ඇය යන්තම් තේරෙන වයසක ඉඳන්ම ජීවත්වෙලා තියෙන්නේ වඳුරෝ එක්ක කියලයි මේ වෛද්‍යවරු කියන්නේ. හැබැයි කතාබහ කරන්න ඉගෙනගන්න තරමේ කුඩා දැරියක් තනියම කැලයක දිවි බේරාගෙන හිටිය කියල හිතන්න අමාරු නිසා වඳුරෝ ඇයව රැක බලාගන්න ඇති කියලත් වෛද්‍යවරු පවසනවා.

    ඒ වගේම මේ දැරියව ආයෙත් මනුෂ්‍යයෙක් විදිහට හැසිරෙන්න පුරුදු කරන්න හුඟක් කාලයක් ගතවිය හැකි බවත් වෛද්‍යවරු පවසන අතර මේ දැරිය කවුද කියල තවම හොයාගෙන නොමැති බවයි වාර්තා වෙන්නේ.




    Source:reporter.lk​
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    එකනම් මාර කෙස් එක :oo::nerd:
    ගිය සතියේද කොහද හනුමා ඉපදිලා කියලා සින් එකකුත් ගියා.. :nerd:
     

    janish05656

    Well-known member
  • බලපන් තව ටික දවසකින් ඔය ලමයාට වඳි හනුමා දෙවියන්ගේ කවුරුහරි කියලා..ඉන්දියාව කියන්නේ මහ මොංගල්ම රටක් බන්..උන්ගේ ඔය වගේ කේස් අම්බානට..කකුල් 4ක ලමයි..ඔලු දෙකේ ලමයි..පව් බන්..මම ඩිස්කවරි එකේ දැක්කා එක ලමයෙක්ට ඇගෙන් තව අත් කකුල් තියනවා..සමහරු ඒ ලමයාට වදිනවා..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    shit.! they should've let her be there... :dull:
    now she'll have to go through all the bullshit of this so this fucked up humanity... :sorry:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දැන් ඉතින් මේ ලමයව ගොඩගන්න සෑහෙන කාලයක් යයි
    වදුරොත් එක්ක හිටියනම් හොදයි කියලා හිතෙයි මිනිස්සු එක්ක ඉන්නකොට
    :oo::oo::oo::oo: