ලමයිගෙන් ඈත් වෙනවා කිව්වට ලමයින්ට පටවන බරෙන් ඈත් වෙන්නේ නැහැ. මේක ලංකාව ජපානය විතරක් නෙමෙයි මුලු ලෝකයටම අදාලයි. ඔය සමහරක් කියන්නෙ, "වයසට ගියාම බලාගන්න ළමයි හදන එක වැරදියි ඒකට බලන්නකෝ පිටරට එහෙම නැහැ කියලා." මම දන්නේ නැහැ "පිටරට" ඔය කියන විදිහෙද ඇත්තටම කියලා. නමුත් මට පෙනෙන විදිහට ඔය අවස්ථා දෙකේදීම ලමයිට බර දීලා තමා වයසක ප්රජාව ජීවත් වෙන්නේ. ඒ කියන්නේ දෙමව්පියන් ළමයි ගාවම වයසට ගිහින් මිය යාමෙදිත්, දෙමව්පියන් වෙනමම තැනක ඉඳලා මිය යාමෙදිත් යන දෙකේදීම බර්ඩ්න් එක දරන්නේ ලමයි.
ඔය කියන "පිටරට දී" වෙන්නෙ ආර්ථික - සමාජීය මොඩලයක් ගොඩනගනවා සල්ලි කැරකීම මත විශ්රාමික වයසක අයට පහසුවෙන් ජීවත් වෙන්න. ඒ සල්ලි කැරකීම, ඒ කියන්නෙ ආර්ථිකයේ ප්රධාන ඩ්රයිවිං ෆෝස් එක තමා අපේ ලමයි. ලමයි මේ අර්ථික මොඩලයට දායකත්වය (ශ්රමය) සැපයිය යුතුමයි විශ්රාමික අයට යහපත්ව ජීවත්වෙන්න නම්. ඔය දායකත්වයට අපි ලෙහෙසියට කියන්නේ රස්සාවල් කරනවා කියලනෙ. අපි රස්සා කරන්නෙ ජීවිතය කැප කරලා. අපිට නිදහසේ ජීවත්වෙන්න තියන මිනිත්තු දින වර්ෂ කැප කරලා තමා අපි රස්සා කරන්නෙ. ඉතින් මේ චක්රයට රස්සා කරන අයගේ දායකත්වය අඩු වුණොත් හෝ නතර වුනොත් මේ අර්ථික මොඩල් එක කඩාගෙන වැටෙනවා. ඒ කියන්නේ විශ්රාමික අයගේ ජීවිතය කඩාගෙන වැටෙනවා.
එතකොට ඇත්තටම තැන් දෙකේදීම වයසක ප්රජාව ජීවත්වෙලා තියෙන්නෙ තරුණ ප්රජාවගෙන් යැපිලා තමා. ඒ නිසා අපි ඕක යැපීමක් විදිහට නොබලා කලගුණ සැලකීමක්, මේ තාක් ආර්ථිකයට දායක වෙමින් පවත්වාගෙන ආවාට දක්වන කෘතඥතාවයක් විදිහට දැක්කොත් අපි ඒ දරන බර යහපත් දෙයක් විදිහට දැනේවි.
Edited - minor changes