වයසට යාම නවත්වන ඖෂධයක්

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    වයසට යාම නවත්වන ඖෂධයක්

    වයස්ගත වීම වැළැක්වීම සඳහා නව පෙරළිකාර සොයාගැනීමක් කිරීමට විද්‍යාඥයෝ සමත්ව සිටිති. නව ඖෂධය මඟින් හානි වූ ඩී.එන්.ඒ අණු ආශ්චර්යමත් ලෙස නැවත ප්‍රකෘතිමත් කෙරෙන අතර අඟහරු ග්‍රහයා වෙත යන නාසා අභ්‍යවකාශගාමීන් සූර්ය විකිරණවලින් ආරක්ෂා ගැනීමටත් මෙම නව ඖෂධයට හැකියාව ඇතැයි පැවැසේ.

    ඩී.එන්.ඒ ප්‍රකෘතිමත් කිරීම සහ සෛල වයස්ගත වීම තුළ තිබෙන සංඥා ක්‍රියාවලියක් අනාවරණය කරගැනීමෙන් අනතුරුව මෙම නව ඖෂධය සංවර්ධනය කිරීමට පර්යේෂක කණ්ඩායමක් සමත්වී තිබේ. පර්යේෂණාගාර මීයන් යොදාගනිමින් මෙම නව ඖෂධය අත්හදා බලා ඇති අතර එහිදි නව ඖෂධය වයස් ගතවීම නිසා හෝ විකිරණවලට නිරාවරණය වීම නිසා හෝ හානිවන ඩී.එන්.ඒ අණුව සෘජුවම ප්‍රකෘතිමත් (නැවත පිළිසකර) කරන බව අනාවරණය වී ඇත.

    ‘සතියක ප්‍රතිකාරවලින් පසු තරුණ මීයන්ගේත් වයස්ගත මීයන්ගේත් සෛල හඳුනාගත නොහැකි’ යැයි ප්‍රධාන කර්තෘ මහාචාර්ය ඩේවිඩ් සින්ක්ලෙයාර් ප්‍රකාශ කර ඇත. මාස හයකට මෙම නව ඖෂධය මිනිසුන්ට ලබා දී පර්යේෂණ සිදුකිරීමට නියමිතය. ‘වයස්ගත වීම වළක්වන ආරක්ෂාකාරී ඖෂධයක් සොයාගත් ආසන්නම අවස්ථාව මෙයයි. ඉදිරි පර්යේෂණ සහ අත්හදා බැලීම් සාර්ථකව වුවහොත් තවත් වසර තුනත් හතරත් අතර කාලයකදී මෙම නව ඖෂධය වෙළෙඳපොළට ලබාදිය හැකියි’ යැයි මහාචාර්ය සින්ක්ලෙයාර් පැවැසීය.

    මෙම නව සොයාගැනීම නාසා ආයතනයේ අවධානයට ද යොමු ව ඇත. අඟහරු මත කෙරෙන සිවු අවුරුදු මෙහෙයුමදී අභ්‍යාවකාශගාමීන්ගේ සෞඛ්‍ය සම්පන්න බව රැකගැනීමේ අභියෝගයට සාර්ථකව මුහුණදීම සඳහා නාසා ආයතනය මෙම නව ඖෂධය සලකා බැලීමට නියමිතය. අභ්‍යාවකාශ විකිරණ (කොස්මික් විකිරණ) හේතුවෙන් ඉතා කෙටි මෙහෙයුම්වලදී පවා අභ්‍යාවකාශගාමීන්ගේ වයස්ගතවීමේ වේගය ඉක්මන් වන අතර එම විකිරණවලට නිරාවරණය වීම නිසා මාංශපේශී දුර්වල වීම, මතකය අහිමි වීම සහ අනෙකුත් රෝගාබාධවලට ඔවුහු ගොදුරුවෙති. අඟහරු ග්‍රහයාට ගිය අවස්ථාවකදී එය වෙනස්වීමට ඉඩ ඇත. අභ්‍යවාකාශගාමීන්ගේ සෛලවලින් සියයට පහක් විනාශ වන අතර ඔවුන්ට පිළිකා ඇතිවීමේ අවදානම සියයට සියයකි.

    ඉකුත් දෙසැම්බර් මාසයේදී නාසා ආයතනය සංවිධානය කළ ‘නාසා අයිටෙක්’ තරගයේ ජයග්‍රහකයන් වූයේ ද මහාචාර්ය සින්ක්ලෙයාර් සහ ඔහුගේ මිතුරා වන ආචාර්ය ලින්ඩ්සේ වූ ‘ජීව විද්‍යාත්මක ගැටලුවකට අපි පිළියම් සොයාගත්තා. ඒ නිසා 300ක් අතරින් අපට ජයග්‍රහණය හිමිවුණා’ යැයි ආචාර්ය වූ පැවැසීය.

    අභ්‍යාවකාශ විකිරණ (කොස්මික් විකිරණ) ගගනගාමීන් මුහුණ දෙන ගැටලුවක් පමණක් නොවේ. ගුවන් ගමන්වලදී විකිරණවලට නිරාවරණය වන අතර ලන්ඩන් - සිංගප්පූරුව - මෙල්බන් යන ගුවන් ගමනකදී අපි සියලු දෙනා පපුවට ගමන් කරන එක්ස් කිරණ විකිරණයකට මුහුණ දුන්නා හා සමානය.

    න්‍යායාත්මකව නව වයස්ගත වීම වළක්වාලන ඖෂධය නිතර ගුවන් ගමනවල යෙදීමෙන් ඩී.එන්.ඒ අණුවලට බලපෑම් එල්ල වූ මඟීන්ට ද ප්‍රතිකාර කිරීමට භාවිත කළ හැකිය. ළමා වියේදී පිළිකාවලින් බේරෙන පිරිස මෙම නව ඖෂධයෙන් ප්‍රතිලාභ ලැබිය හැකි තවත් කොට්ඨාසයකි.

    ළමා වියේදී පිළිකාවලින් බේරෙන පිරිස්වලින් සියයට 96කට ආසන්න පිරිසකට වයස අවුරුදු 45 පමණ වන විට නිදන්ගත රෝගවලින් පීඩා විඳින බව ආචාර්ය වූ පැවැසීය. ඔවුන්ගෙන් බොහෝ දෙනා හදවත් රෝග, දෙවැනි වර්ගයේ දියවැඩියා රෝගී තත්ත්වය, ඇල්ෂයිමර් රෝගී තත්ත්වය, මුල් තත්ත්වයට වඩා වෙනස් පිළිකා රෝග තත්ත්වලට ගොදුරු වෙති. ‘ඔවුන්ගේ වයස්ගත වීමේ වේගය ද ඉක්මන් වනවා. එය ඉතා බරපතළ තත්ත්වයක්’ යැයි ආචාර්ය වූ පැවැසීය. ‘අපට ඒ වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් එය විශිෂ්ටයි. මේ අණුවලින් අපට යමක් කරන්න පුළුවන්. අපට එය විශ්වාසයි. මීයන් යොදාගනිමින් නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේදී කරන ලද පර්යේෂණ සාර්ථකයි. නව ඖෂධය ඔස්සේ කලින් කී රෝගවලටත් ප්‍රතිකාර කිරීමේ හැකියාවක් තිබෙනවා’ ආචාර්ය වූ සඳහන් කළේය.
    ස්වභාවිකවම අපගේ සෛලවල සූර්ය නිසාත් විවිධ හේතු නිසාත් හානිවන ඩී.එන්.ඒ අණු නැවත ප්‍රකෘතිමත් තත්ත්වයට පත් කරගත හැකි වුවත් වයස් ගත වීමත් සමඟ එම හැකියාව නැති වී යනවා. සිරුරේ තිබෙන සෑම සෛලයකම ස්වභාවිකම තිබෙන සෛල සංඥා සපයන NAD+ අණුව ඩී.එන්.ඒ අණු ප්‍රකෘති තත්ත්යට පත් කරන ප්‍රෝටීන අන්තර් ක්‍රියාවලියේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බව සොයාගැනීමට විද්‍යාඥයන් සමත්ව තිබේ. මීයන්ට NAD+ අණුව , වර්ධකයක් (එන්.එම්.එන්, තමන්ගේ සෛල වර්ධනයක්) යොදා ගනිමින් ප්‍රතිකාර කර ඇති අතර එහිදි වයස්ගත වීම නිසා හෝ විකිරණවලට නිරාවරණය වීම නිසා හෝ හානි වූ ඩී.එන්.ඒ අණු ප්‍රකෘතිමත් කිරීමේ හැකියාව ඇති බව සොයාගෙන ඇත.
    මේ වසරේදීම බ්‍රිගහම් සහ බොස්ටන් හි පිහිටි කාන්තා රෝහලේදී මිනිසුන් යොදාගෙන මෙම නව සොයාගැනීම අත්හදා බැලීමට නියමිතය.
    image_b631df67a4.jpg
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    This gonna be a freaking news...
    Imaging if all are gonna live long.... population grows....no jobs....no place to live.....
    Eventually the earth will become a zombie land....

    Some inventions are useless
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අමරණීය නෙමේ අපිට ගෙදර ඉඳන් euthanize වෙන්න පෙත්තක් හදපං prescription නැතුව ගන්න :angry: :angry:
    අපිට ජීවත් වෙලා වැඩි වෙලා දඟලනව මුන් මෙහෙ අමරණීය වෙන්න හදනව පිස්සො :angry: :angry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අමරණීය නෙමේ අපිට ගෙදර ඉඳන් euthanize වෙන්න පෙත්තක් හදපං prescription නැතුව ගන්න :angry: :angry:
    අපිට ජීවත් වෙලා වැඩි වෙලා දඟලනව මුන් මෙහෙ අමරණීය වෙන්න හදනව පිස්සො :angry: :angry:

    Ubatath depression da bn.?:(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Ubatath depression da bn.?:(

    මැරෙන්න ඕනෙ වෙන්න depression ඕනෙද බං :D :D
    වැඩිය ජීවත් වුනා කියල තේරුමක් නෑනෙ බං මොකෑ ඕක ගත්ත කියල ලෙඩ වෙන එක නවතිනවද ප්‍රශ්න නවතිනවද ? ඕක ගත්ත කියල තවත් විඳෝ විඳෝ ඉන්න එක වෙන්නෙ :sorry: :sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මැරෙන්න ඕනෙ වෙන්න depression ඕනෙද බං :D :D
    වැඩිය ජීවත් වුනා කියල තේරුමක් නෑනෙ බං මොකෑ ඕක ගත්ත කියල ලෙඩ වෙන එක නවතිනවද ප්‍රශ්න නවතිනවද ? ඕක ගත්ත කියල තවත් විඳෝ විඳෝ ඉන්න එක වෙන්නෙ :sorry: :sorry:

    Ow jiwithe gana rationally hithuwamath ohoma අදහසක් enna පුළුවන් . Eth ගොඩාක් වේලාවට ඔහොම හිතෙන්නෙ depression එකක් තියනව nam..

    මමත් ආසයි ban මැරෙන්න , :D eth ගෙදර මිනිස්සු duk wei kiyala hihena nisa එහෙම karanna හිතෙන්නෙ නෑ ..:dull:
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Ow jiwithe gana rationally hithuwamath ohoma අදහසක් enna පුළුවන් . Eth ගොඩාක් වේලාවට ඔහොම හිතෙන්නෙ depression එකක් තියනව nam..

    මමත් ආසයි ban මැරෙන්න , :D eth ගෙදර මිනිස්සු duk wei kiyala hihena nisa එහෙම karanna හිතෙන්නෙ නෑ ..:dull:

    ගොඩක්ම වෙලාවටනෙ නැතුව හැම වෙලාවෙම නෙමේනෙ :yes: :yes:
    rationally හිතුවොත් කොහොමත් ජීවිතේ තේරුමක් නෑ නේන්නං බං :sorry: :sorry:
    මට බැරි හැම දෙයක්ම කරන්න පුලුවන් අය දහස් ගාණක් මේ ලෝකෙ ඉන්නව.
    මට පුලුවන් හැම දෙයක්ම මට වඩා හොඳට කරන්න පුලුවන් අයත් දහස් ගාණක් මේ ලෝකෙ ඉන්නව.
    ඉතිං මොකක්ද බං මලා කියල ඇති පාඩුව :sorry: :sorry:
    ගෙදර අය දුක් වෙනව කියල මැරුණ ගමං මිනිය ගෙනෙද්දි අඬයි ඊට පස්සෙ දුක අඩු වෙනව :yes: :yes:
    ආයෙ මිනිය උස්සද්දි අඬයි ඊට පස්සෙ දුක අඩුවෙනව :yes: :yes:
    ආයෙ වලලද්දි අඬයි ඊට පස්සෙ දුක අඩුවෙනව :yes: :yes:
    ඒ දුකත් තාවකාලිකයි බං එහෙම දුක් වෙවී ඉන්න මිනිස්සු නෑ තුන් මාසෙ දානෙ වගේ ඉවර වෙද්දි ගානක්වත් නෑ ලමයි මැරුණ පවුල් වල දෙමව්පියො ඕනෙ තරං දැකල තියෙනව දැන් ඉන්නව අගේට :yes: :yes: