ගොඩක් උන් තණ්හාවට දෙපළ සේරම ඒ ළමයටනේ කියලා හිතාගෙන පවුලේ එකම ළමයා උනාම කැමතියි. මම නම් පොඩ්ඩක්වත් කැමති නෑ එහෙම පවුලකට සම්බන්ද වෙන්න හේතුව තමයි කසාදයක් බදිනවා කියන්නේ ගැණියෙකුයි මිනිහෙකුයි එකතුවෙන එකට විතරක් නෙවෙයි පවුල් දෙකකුත් ඒත් එක්කම එකතු වෙනවා. පවුලේ එකෙක් විතරක් ඉන්න එකෙක් බැන්දම අම්මා තාත්තා මැරිච්ච කාලෙක එතනින් ඉතුරු වෙන්නේ බැදපු එකා හෝ ඒකී විතරයි. අනිත් අතට බැදලා කවද හරි උන් දෙන්නා වෙන රටකට යනවා කියලා තීරණය කරොත් එහෙම යන්න තියෙන එකම බාදකය තමයි අර පවුලේ එකම ළමයා වෙච්ච එකාට තමන්ගේ දෙමව්පියෝ දාලා යන්න බැරිකම එහෙම දාලා යන එකත් අසාදාරණයි.එහෙම නොගිහින් මේ රටේම හිටියත් ඒ දෙමාපියන්ව බලාකියාගන්න හදිස්සියටවත් වෙන සහෝදරයෙක් නැති උනාම අර එකම දරුවම යන්න ඕන මොන වැඩ තිබුණත්. කවදා හරි ඒ දෙමව්පියෝ නැති වෙච්ච දවසක ඒ ගැණිගේ හෝ මිනිහගේ පැත්තෙන් කියලා හිටපු සේරම ඉවරයි. දරුවෙකුට හරි එතනින් එහාට ඒ පැත්තෙන් නෑදැයෝ නැතුව යනවා. සල්ලි කියන්නේ හැමදේම නෙවෙයි මම නම් කියලා තියෙන්නේ මගේ ලොකු එවුන් දෙන්නටම කොච්චර සල්ලි තිබුනත් පවුලේ එකානම් මම කැමති නෑ කියලා පොඩි එකාට තාම ඕවා කියලා වැඩක් නෑ ඌට තාම අවුරුදු හයයි.එකම ළමයා ඉන්න පවුල කට දෙන්න කැමති නැත්තේ ඇයි?