වයස ඇහුවොත් ඔබ අනිවා පුදුම වෙනවා

The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    වයස ඇහුවොත් ඔබ අනිවා පුදුම වෙනවා

    කොහෙහරි වයසට යන එක නවත්තන්න බෙහෙතක් එහෙම හොයාගෙන තියෙනවා නම් අපේ කස්ටිය අනිවා ඕනෙම ගානක් වියදම් කරලා ඒ බෙහෙත ගන්න ට්‍රයි කරාවි. ඒ ඉතින් එහෙම එකක් හැදුවොත් නේ? එහෙම බෙහෙතක් නැති නිසා අපේ කස්ටිය තමන්ගේ නරකෙස් වහගෙන ෆෝරෙවර් යුත් කියලා පෙන්නන්න හෙන ගේමක් දෙනවා. ඒ අස්සේ තරුණ වයසේ හිටියට ගිනි නාකි වගේ පෙනෙන අය අස්සේ වයසට ගියත් කොල්ල වගේ ආතල් පෙනුමින් ඉන්න කස්ටිය ඕනේ තරම් ඉන්නවා. ඉතින් අද මේ අනිවා ලිපියේ ලිස්ට් එක හැදෙන්නේ ඒ වගේ වයසින් සහ තරුණ පෙනුමින් ඔයාල පුදුම කරවන කස්ටියක් බවට නම් කිසිම සැකයක් නැහැ.



    1. රනිල් වික්‍රමසිංහ / දිනේෂ් ගුණවර්ධන

    celebrity_ages_01.jpg

    දෙන්නම එකම ඉස්කෝලේ, එකම පන්ති වල හිටියත් දේශපාලනයේදී දෙපැත්තට වෙලා හිටං කරට කර සටනක සිටින මේ දෙන්න ගැන කට්ටිය දරන අදහස් විවිධාකාරයි. එහෙත් ඔබ දන්නවාද “කොන්ඩේ සුදු වුනත්” තාමත් කොල්ලා වගේ ඉන්න රනිල් වික්‍රමසිංහ අගමැතිතුමායි , ඒකාබද්ධ විපක්ෂයේ ම මුල් පුටුවක් වෙලා ඉන්න දිනේෂ් ගුණවර්ධන මහත්මයයි එකම වයසේ බව ?

    දිනේෂ් ගුණවර්ධන : 1949 මාර්තු 02
    රනිල් වික්‍රමසිංහ : 1949 මාර්තු 24



    2. මහින්ද රාජපක්ෂ / ගාමිණි ලොකුගේ

    celebrity_ages_02.jpg

    එක්කෙනෙක් හිටපු ජනාධිපති කෙනෙක් අනික් එක්කෙනා එතුමාගේ කැබිනට් එකේ වගකිවයුතු ඇමති පට්ටමක් දරපු අමාත්‍ය වරයෙක්. එත් මේ ජනාධිපති තුමා බොහොම ෆිට් එකේ වර්ක්අවුට් එකක් කරගෙන සැපේ ඉන්නකොට අපේ ඇමතිතුමා හිටියේ බොහොම තලතතෑනි පෙනුමින්.

    ඒ වුනාට ජනාධිපති මහින්ද රාජපක්ෂ හිටපු ඇමති ගාමිණි ලොකුගේ ට වඩා අවුරුදු 3ක් වැඩිමල් කියලා හිතන්නේ මොන මිනිහද අප්පා?

    මහින්ද රාජපක්ෂ : 1945 නොවැම්බර් 18
    ගාමිණි ලොකුගේ : 1948 මැයි 08



    3. අර්ජුන රණතුංග / රන්ජන් රාමනායක

    celebrity_ages_03.jpg

    එක්කෙනෙක් ලෝක කුසලානය රටට ගෙනාපු කෙනෙක් එයාට කියන්නේ කැප්ටන් කූල් කියලා. අනික් කෙනා මේ දවස් වල ඩේසි ආච්චිව හොයන සුපර්ස්ටාර් කෙනෙක්. හැබැයි දෙන්නම ඉන්නේ එකම පාර්ලිමේන්තුවේ එකම පැත්තේ. සුපර්ස්ටාර් මේ දවස් වල මායා චිත්‍රපටිය නිසා මායම් වෙලා ඉන්නවා වගේම කැප්ටන් කුල් මේ දවස් වල දේශපාලනේ නිරත වෙලා ඉන්නවා. හැබැයි ගොඩක් අය මේ දෙන්නම එකම වයසේ කියලා දන්නේ නැහැ, ෂුවර් එකටම.

    අර්ජුන රණතුංග : 1963 දෙසැම්බර් 01
    රන්ජන් රාමනායක : 1963 මාර්තු 11



    4. තලතා අතුකෝරල / රෝසි සේනානායක

    celebrity_ages_04.jpg

    තලතා අතුකෝරල කියන්නේ සුප්‍රසිද්ධ අතුකෝරල පවුලෙන් දේශපාලනයට තිලිණ කරපු කාන්තා නියෝජනය. ඒ වගේම රෝසි සේනානායක කියන්නේ හිටපු ලෝක විවාහක රූ රැජිණ වගේ ම වර්තමාන දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් රඟන කෙනෙක්. මේ දෙන්නම වර්තමාන ආණ්ඩුවේ නිලතල දරන අය.

    පිට පෙනුමින් රෝසි සේනානායකට බොහොම ලාබාල පෙනුමක් තිබුනත් තලතා අතුකෝරල රෝසි සේනානායකට වඩා අවුරුදු 5ක් බාලයි කියලා දන්නේ නැතිව ඇති.

    තලතා අතුකෝරල : 1963 මැයි 30
    රෝසි සේනානායක : 1958 ජනවාරි 05



    5. අතුල් කෙෂප් / සනත් ජයසුරිය

    celebrity_ages_05.jpg

    අතුල් කෙෂප් කියන්නේ ලංකාවට සහ මාලදිවයිනට මෑතකදී පත් වුනු ඇමරිකානු තානාපතිවරයා. සාමන්යෙන් සමාජීය වැඩ කටයුතු සහ ඉසව් වලට වෙනත් තානාපතිවරුන් සම්බන්ධ නොවන තරම් කෙෂප් මහත්මයා සම්බන්ධ වෙනවා. ඒ වගේම ඔහු වර්තමානයේ ට්විටර් වගේ සමාජ ජාල වල ප්‍රසිද්ධ චරිතයක්.

    සනත් ටෙරාන් ජයසුරිය කියන්නේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තුල නොමැකෙන සටහනක් තියපු කෙනෙක්. එක්දින ලකුණු 12000සේ කඩඉම සහ විකට් 300 වාර්තා කල එකම ක්‍රීඩකයා වෙන සනත් සහ කෙෂප් අතර තියෙන්නේ අවුරුදු 2ක පරතරයක්. එයිනුත් වැඩිමල් වෙන්නේ සනත් ම තමයි.

    අතුල් කෙෂප් : 1971 ජූනි මස (දිනය වාර්තා කර නැත)
    සනත් ටෙරාන් ජයසුරිය : 1969 ජුනි 30



    6. යශෝධා විමලධර්ම / දුලීකා මාරපන

    celebrity_ages_06.jpg

    දෙන්නම චරිතාංග දක්ෂ වේදිකාවෙන් රංගන අභ්‍යාස ලැබූ නිළියෝ. යශෝධාව මතක හිටින්නේ නාලන් මෙන්දිස් මහත්මයාගේ ජනප්‍රිය ටෙලිනාට්‍ය රැසක ම යශෝධා රංගනයෙන් දායක වෙලා හිටපු නිසා. ඒ වගේම ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ සියලුම නිර්මාණවල පාහේ ඇය වෙනුවෙන් විශේෂ ස්ථානයක් වෙන් කර තිබුණු නිසා.

    දුලීකාට වීනස් වගේ ෆිගර් එකක් නැතිවුනත් සඳ අමාවකයි, ඉරැස්මා වගේ නාට්‍ය වල රඟපෑ ඇගේ රංගන කෞශල්‍ය සමහර අවස්ථාවල අපිට පුදුමයක් ගෙන ආවා. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි. මෙහෙම කල්පිත චරිතයකට කෙනෙකුට ආවේශ වෙන්නට පුලුවන්ද කියලා හිතිලා.

    සිද්ධිය මෙහෙමයි. පෙනුමින් ගත්තොත් යශෝධා කියන්නේ දුලිකාගේ දුවෙක් වගේ පෙනුමක් තියෙන සුන්දර කාන්තාවක්. ඒ වගේම දුලීකා කියන්නෙත් යශෝධා තරම්ම දක්ෂ චරිතාංග නිලියක්. සුන්දර බවයි දක්ෂ බවයි කරට කර සිටින මේ දෙන්නාගෙන් දුලිකාට වඩා යශෝධා අවුරුදු 5ක් වැඩිමල් කියලා පිළිගන්නේ කවුද මහත්තයෝ..??

    යශෝධා විමලධර්ම : 1970 ඔක්තෝබර් 28
    දුලීකා මාරපන : 1975 නොවැම්බර් 15



    7. ඩෙස්මන්ඩ් ද සිල්වා / නලින් ද සිල්වා
    celebrity_ages_07.jpg


    එක්කෙනෙක් ඩි සිල්වලා 12 දෙනෙක් හිටපු පවුලක ඉපදුනු බයිලා කියන නැකතක ඉපදුනු කෙනෙක්, අනික් එක්කෙනා නාථ දෙවියන් ගෙන් වරම් ගත්තු මහාචාර්ය කෙනෙක්. දෙන්නම එකම වයසේ වුනාට ගිය පාරවල් දෙක නම් දෙවිදියයි

    ඩෙස්මන්ඩ් ද සිල්වා කියන්නේ 70 දශකයේ සුපිරි ජනප්‍රියත්වයේ හිටපු තාමත් 70 දශකයේ බයිලා සින්දු ප්‍රිය කරන රසිකයින්ගේ හිතේ සදා නොමැකෙන නාමයක් තියපු කෙනෙක්.

    නලින් ද සිල්වා කියන්නේ සුපිරි මොලයක්, එහෙත් සමහර අවස්ථාවල කියපු කරපු දේවල් සහ හැමදේම විහිලුවට ගන්න සෝෂල් මිඩියා වල මීම් එකක් වෙච්ච ප්‍රසිද්ධ චරිතයක්. මේ දෙන්නම එකම වයසේ වුනාට නලින්ද සිල්වා මහාචාර්ය තුමා ඉන්නේ ලෝකෙම බර කරට ගත්තු ඇට්ලස් වගේ. ඒත් ඩෙස්මන්ඩ් තාමත් ලොකු හෝටල් වල ස්ටෙලා වෙලා ඉන්න අපේ යාලුවන්ට සත්සරයෙන් මත් කරවනවා. ඒක නිසා වෙන්න ඇති ඩෙස්මන්ඩ් තාම කොල්ල වගේ ඉන්නේ.

    ඩෙස්මන්ඩ් ද සිල්වා : 1944 ජුලි මස
    නලින් ද සිල්වා : 1944 ඔක්තෝබර් 20


    Source http://www.aniwa.lk/