වයිෆ් / කෙල්ලව දැනුණු දවස

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    දැන් මේකේ වැඩිම තෙඩ් ගාණක් යන්නේ බඳින්න එපා කියලා නේ.
    ඒත් කොයි අයියත් බඳින්න නැත්නම් කෙල්ලෙක් සෙට් කරගන්න ට්‍රයි කරනවනේ.

    කියමුකෝ බලන්න උඹලට තමන්ගේ වයිෆ්/ කෙල්ල ගැන වැඩියෙන්ම ආදරේ හිතු දවස සහ ඒකට හේතුව?

    මට නම් අවුරුදු දෙකකට විතර කලින්, මං ආස බයික් එකක් ගන්න ඕන උන වෙලාවේ 60 ක් මදි උනා. (ලිසින් දාන්න බයයි ඒ කාලේ)
    ඒකි බැංකුවෙන් කියලා අරන් අඩු පාඩුව දුන්නා.
    පස්සේ බලද්දී චේන් එක තියලා තමයි සල්ලි අරන් තියෙන්නේ. ඒකත් මාස ගානකට පස්සේ මටම අහු වෙනකම් කිව්වේ නැහැ.

    කොහොම හරි පුළුවන් ඉක්මනට ඒක බේරලා අරන් දුන්නා. ඒත් හොරෙන්ම කරපු ඒ කැපවීම වටිනවා :love:

    උඹලගේ අත්දැකීම් කොටාගෙන යමල්ලා..
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ටික කාලෙකට කලින් ජීවිතේ ගත්ත තීරණයක් නිසා ලොකු වැරදීමක් උනා.අපේ සම්බන්දෙත් පටන් ගත්තෙ ඒ කාලෙමයි.ඒ උන වැරදීම නිසා කොල්ලෙක්ගෙ ජීවිතේ වටිනම කාලෙ අවුරුදු 4ක් නාස්ති උනා.රස්සාවක් වත් ඉහලට ඉගෙන ගැනීමක් වත් නැතුව නිකම්ම ගෙදරට වෙලා ඉන්න උනා.ඒ අවුරුදු හතරෙ මම ජීවත් උනේ එයයි මගෙ යාලුවො තුන්දෙනයි දෙමව්පියොයි නිසා.අම්මලාටයි යාලුවන්ටයි මගෙ තත්වෙ එහෙමට බල පාන්නෙ නෑ.ඒත් එයාට ඒක හොඳටම බලපානවා.ඒ නිසා එයා හිටපු එක ගොඩක් වටිනවා. මම ම එයාට කියල තියෙනවා ඔයා මා එක්ක ඉඳලා ඔයාගෙ ජීවිතේ කාලකන්නි කරගන්න එපා කියලා.ඒත් කවදාවත් වචනෙකින් වත් මගෙ හිත රිද්දුවෙ නෑ.මට වැටෙන්න දුන් නෑ.හැම මොහොතකම මා එක්කම හිටියා.වෙලාවකට ප්‍රෙෂර් එක නිසාම මට දරුණුවට තරහ යනවා.ඒ හැමදේම එයා තේරුම් අරන් හිටියා.අද වෙද්දිත් මගේ ජීවිතේ හොඳටම ශක්තිමත් තැනක නෑ.ඒත් මම ගමනක් යන්න පටන් අරන් තියෙනවා.එදා වගේම අදත් එයා මා එක්ක ඉන්නවා.ඒ දවස් මතක් කරන ඕනම මොහොතක මට එයාව දැනෙනවා.
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කෙල්ල හෝ වයිෆ් ගැන බ්‍රෝ අහලා තියෙන්නේ. කොටුවේ බෝ ගහ ගාව ඉන්න බඩු ගැන නෙමෙයි

    poor mentality..kellek palaweni dawase katata gatthama eki kotuwe baduwak kiyala hithanakan itin kello active nowena eka sadaranai

    :lol: first date eke bj ekak dena eka maha deyak nemei...it doesn't make her a whore...
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    එක දවසක් තියෙනවා මාව මෙල්ට් උන දවසක්, ගේ හදලා අන්තිම ටිකේ පට්ටටම හිර වෙලා හිටියෙ, ලෝන් ගහන්නෙ නැතුව ගේ හැදුවෙ, හාර්ඩ්වෙයා දෙක තුනක් අදුරන නිසා බඩු ගන්න පුලුවන් උනා මාස දෙක තුනක් ක්‍රෙඩිට් දාලා.

    ඒත් අන්තිමට ටිකේ අවශ්ය උන බඩු ටික දන්න හාර්ඩ්වයා කඩවල තිබ්බෙ නැ, ඒ නිසා බාස් කියන කියන බඩු දවසෙ ආදයමෙන් ගේන්න උනා.

    ඉතින් දවසට පැය 18 / 20 වැඩ කලා, ගෙදර අඩු පාඩු හොයන්න බැරි උනා,

    මම උදේ 7 ට විතර ගෙදරින් යනවා, තේ එක වත් බොන්නෙ නැතුව, පොඩි බබලා 3 දෙනෙක් ඉන්න නිසා වයිෆ් ව වත් ඇහැරෙව්වෙ නැ, එයත් බබාලා එක්ක ඔට්ටු වෙලා ගොඩක් රැ වෙලා නිදාගන්නෙ,

    ඔහොම සතියක් විතර යද්දි මට මතක් උනා ගෙදරට මුකුත් ගෙනිච්චෙ නැනෙ කියලා,

    ගිහිපු ගමන් ෆ්‍රිජ් එක ඇරලා බැලුවා, පරන කරප්න්චා කොල ටිකක්, බාගෙට ගාපු පොල් බැයක්, දෙහි ගෙඩියක් ඇරෙන්න ෆ්‍රික් එකේ මුකුත්ම නැ,

    කිචන් එකට ගිහින් බැලුවා රයිස් කුකර් එක, කැකුලු හාල් බත් ටිකක් තියෙනවා, ඒත් මම කවදාවත් කැකුලු ගේන්නෙ නැ ...

    තව එක ඩිශ් එකක් වහලා තිබ්බා මේසෙ උඩ, ඇරලා බලද්දි සොයාමිට් වගයක්..

    කොහොම හරි වයිෆ් ඇහැරිලා ආවා ඒ වෙලාවෙ, මම අහුවා මම ගෙදරට බඩු ගෙනාවෙ නැනෙ ඔයා ගෙනාවද කියලා, වයිෆ් කිව්වා කමක් නැ තාත්ති අපි කාලා ඉන්නෙ කියලා.

    ඒත් මම දන්නවා අපේ ලොකු පුතා කවදාවත් එලවලු කන්නෙ නැ, පොරට චිකන්, සොසේජස්, ෆිශ්, විතර්යයි කන්නෙ, එලවලු කැවොත් බ්‍රොකලි විතරයි, ඒත් මම ඒවා ගෙනාවෙ නැ කියල දන්නවා දැන් සති 3 කින් විතර,

    වයිෆ් ගෙන් ආයෙ පාරක් අහද්දි කිව්වෙ, මට කරදර කරන්න බැරි නිසා, යලුවෙක් ගෙන් 1000 ක් ඉල්ලගෙන, කැකුලු කිලො 4 යි, ඉතුරු සල්ලි වලට සොයා මීට් ලූස් ගෙනත් රුපියල් 500 ක, ඒක තමයි මෙයාලා කාලා තියෙන්නෙ සති 2 ක් තිස්සෙ, උදේ දවල්, ලොකු බාබට දැනෙන්නෙ නැති වෙන්න චිකන් කියලා හදලා දීලා සොයමීට් ... එක දිගට සති 2ක්

    මම තනියම ඇඩුවා එදා,,

    එදා ඉදන් අද වෙනකල් කවදාවත් මම වචනයක් වත් සැරෙන් කතා කලේ නැ, මට නැතුව හරි එයාට දෙන්න පුලුවන් හැම සැප පහසුකමක් ම මම දුන්නා, ජිවිතේ වැඩියෙන්ම දැනුන දවස,,,
     
    Last edited:

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624

    mekata love ekak damme mama hithala nemei ban nikamma damila mata eka.. 🥰 🥰