වරදක් පිලිගන්නට මදිකමක් හිතට හිතුන

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    වරදක් පිලිගන්නට මදිකමක් හිතට හිතුන

    වරදක් පිලිගන්නට මදිකමක් හිතට හිතුන දාට
    හදපු කෑම එකත් දාලා හොට එල්ලන් ඔබ ගියාට
    හිතේ දුකට දවසම බඩගින්නේ හිටියා කිව්වට
    KFC tissue ආවෙ කොහොමද ඔය සාක්කුවට

    ඉස්සර මම නිශ්ශබ්දව හිටියොත් එක විනාඩියක්
    "මොනවා හරි කියන්නකෝ" හරි සුන්දර ඇවිටිල්ලක්
    දැන් ඒකට; ඉන්නා විට laptop එක දිහා බලන්
    කන ඇහෙනවා තියා දන්නෙ නෑනෙ ගෙදර එකෙක් මලත්

    computer එකේ TV එකේ ඉන්න විටදි එහෙම
    පුංචි පුතා ලඟ දැවටෙයි ඇඳපු චිත්රයක් අරගෙන
    "තාත්තෙ මේ ලස්සනයිද?" දහ පාරක් අහපුවහම
    "හරිම ලස්සනයි" කියනව screen එක දිහා බලාන

    alarm එක off කරලා උදේට මම නැගිට්ටාට
    ආයෙත් එය on කරනවා තව ටිකකින් නැගිටින්නට
    'ඔහු ගොරවයි' මුලු ගෙදරම ඇහැරුනාට ඒ සද්දෙට
    ඊට පස්සෙ සිද්ධවෙනවා මට alarm එක වෙන්නට

    ඉස්සර මම කිව්වොත් "මම කඩේ යනව බඩු ගේන්න"
    ගව් ගණනක් ගෙවන් එනවා ඒ ටික දුර ඇරලවන්න
    දැන් කිව්වොත් "මට වෙනවා හෙට පේදුරු තුඩුවෙ යන්න"
    "අතේ සල්ලි නැතුව ඇතිනෙ මගේ පර්ස් එකෙන් ගන්න"

    පුංචිම රණ්ඩුවක් වෙලා තරහා වෙලා ගිහින් වැඩට
    call කරන්නටම උනොත් මොකක්ම හරි හේතුවකට
    'hello..' කියන්නටත් කලින් 'ලෙඩක්' කියයි කපටිකමට
    අනේ මමත් අහුවෙනවා මගේ තියන මොට්ටකමට

    'හදිස්සියකදී' කිව්වොත් ගේ චුට්ටක් අතු ගාන්න
    කොස්ස අතට අරන් කියයි "මේක බුරුල් වෙලා මෙන්න.,
    මේකෙන් බෑ අතු ගාන්න" කොස්ස හදයි පන දාගෙන
    ගෙදර තියෙන ආයුධ ටික ඔක්කොම එලියට අරගෙන

    ඉන් පස්සේ මට වෙනවා ඒ ආයුධ අස් කරන්න,
    වැඩකළ තැන mop කරන්න, ගේ තනියම අතුගාන්න..
    තනියම කර ගත්තා නම් තිබුනා මේ දේ නොවෙන්න
    ඒ අතරේ එයා ගිහින් අලුතින් කොස්සක් ගේන්න

    ගත්ත බඩුව හැම වෙලේම තිබ්බා නම් ගත්ත තැනින්
    අනුන්ට බැන බැන ඒවා හොයන්න වෙන් නෑනෙ ඉතින්
    "Take care.." කියනව වගේ උදේ වැඩට යන්න කලින්
    යතුර කොහෙද? phone කොහෙද? අහන්න වෙන් නෑනෙ මගෙන්

    මම දන්නව ඔයා මේවා හිතල කරන ඒවා නෙවෙයි
    මේ හැම වරදක්ම වෙන්නේ common sense නැතිකමටයි
    දැන් මම මේවට පුරුදුයි මගෙ ඉවසීමත් ඉහලයි
    උන පුරුකේ දැම්මත් මම දන්නව 'ඔය' ඇද නෑරෙයි

    කොයි ගෙදරත් මේවාගෙන් ටික ටික හරි සිදුවෙනවා
    දකින්න හුරු වෙන්න ඕනෙ 'සුන්දර' විදිහට මේවා
    "මම දන්නව මගේ අතිනුත් ගොඩක් වැරදි සිදුවෙනවා"
    'ගොඩක් ආදරේ හින්දා' ඔක්කොම අමතක වෙනවා