වර්ණවත් මුහුදු වෙරළ

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,298
    30,042
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වර්ණවත් මුහුදු වෙරළ

    අලංකාර වෙරළ කිහිපයක් ම ලෝකය පුරා ඇත. පිරිසිදු බව, පැහැදිලි නොගැඹුරු ජලය සහිත වීම, වෙරළ වඩාත් පුළුල්ව පැතිර තිබීම වෙරළේ වටිනාකම වැඩි කරන සාධකය. ලෝකයේ තවත් වෙරළ කිිහපයක් වෙරළේ වර්ණය හේතුවෙන් ප්‍රසිද්ධියට පත්ව තිබේ. වෙරළට වැලි ලැබෙන්නේ ගොඩබිම සෝදාගෙන එන පස් අංශු අතර ඇති වැලි මුහුදු ජලයට එක්වී යළි රළ සමග වෙරළේ තැන්පත් වීමෙනි. ගොඩබිම ඇති පාෂාණ හා පස් විවිධ වර්ණයෙන් යුක්තය. මේ පාෂාණ හා පස් අංශු අතර ඇති වැලි ද ඇතැම් ස්ථානයන් හි විවිධ වර්නයන්ගෙන් යුක්ත වෙයි. මේ වැලි මුහුදට සෝදාගෙන ගොස් යළි වෙරළට ගසාගෙන ආ විට ද එහි මව් පාෂාණයේ පැහැය ගන්නා බැවින් ලොව විවිධ වර්ණයෙන් යුතු වෙරළ තිර කිහිපයක් බිහිවී ඇත.

    බහමාස්හි පිහිටා ඇති රෝස පැහැති වෙරළ










    ඕස්ට්‍රේලියාවේ ඇති මෙම වෙරළේ වැලි කැට සියල්ල සුදු පැහැතිය. එය සංචාරකයන්ගේ ආකර්ශනීය ස්ථානයක් වුව ද දිවා කාලයේ සුදු පැහැයෙන් බැබලීම හේතුවෙන් එහි සිට දෑස් විවරකර බැලීම අපහසුය.











    හවායි දූපතේ පූනාළු වෙරළ තීරය දිස්වන්නේ කළු පැහැයෙනි.












    හවායි දූපත්හි පිහිටා ඇති පාපාකෝලියා වෙරළ තිරය ලොව ඇති අමුතුම වෙරළ තිරයක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත. ලෝකයේ වෙනත් කිසිම තැනක දක්නට නැති ආකාරයෙන් මේ වෙරළ කොළ පැහැතිය.

















    ම්පැහැයෙන් දිස්වන වෙරළ පිහිටා ඇත්තේ කැලැෆෝනියාවේය. එය පර්පල් ඇරීනා ලෙස හඳුන්වයි








    රතුපැහැති මෙම වෙරළ තීරය පිහිටා ඇත්තේ ද හවායි දූපත් සමූහයේය. කහියාලුලූ ලෙස එම වෙරළ තීරය හඳුන්වයි











    ස්තූතිය ~ වේරගොඩගේ සජිව විජේවීර