වර්ණ (1)

cultexplorer

Member
Dec 17, 2017
31
14
0
වර්ණ (1)
..........................

මගේ අම්මා සුදුයි.හරි ලස්සනයි....ඒත් අම්මා කියනවා ගෑනියෙක් වෙලා ඉපදෙන එක හරි පවක් බන් කියලා..ඒ කාලේ මම කල්පනා කළේ මෙච්චර ලස්සන වෙලා ඉපදිලා ඉදලත් අම්මා කරපු පව මොකද්ද කියලා....
ඔය ප්‍රශ්නේ මගේ ඔලුවට එන හැමදවසකදිම ඕක මං අම්මාගෙන් ඇහැව්වත් කවදාවත් අම්මා මට උත්තරයක්නම් දිලා නෑ....හැබැයි එයා මගේ මූන දිහා බලන් හිටියා....අම්මාගේ මූණ කොච්චර ලස්සන වුණත් ඒ වෙලාවට එයාගේ මූණ හරි කැත වෙනවා....මං බයයි අම්මාගේ මූණ කැත වෙනවට....ඒ නිසා මම ඒ ප්‍රශ්නේ එදායින් පස්සේ කවදාවත් ඇහැව්වේ නෑ....ඒ පලවෙනි උත්තරයක් නැති ප්‍රශ්නේ, අම්මාගෙන් අහන එක නවත්තපු....

අපි ජිවත් වුණේ ඉන්දියාවේ කල්කටාවේ...
අම්මායි මායි හිටියේ ලෑලි වලින් හදපු පොඩි ගේක..ඒ ගෙදරටම තිබුනේ කාමර කෑලි දෙකයි..

අම්මා ඇන්දේ රතු සාරි....මං හරි ආසයි අම්මා රතු සාරි අදිනවට...එතකොට අම්මා හරි ලස්සනයි..පෙනුමයි...අම්මා මාව ස්කොලෙට ඇරලවන්න එනවා...එත් අම්මා කවදාවත් ස්කොලේ ලී ගේට්ටුව ලගට ඇවිත් නෑ...අම්මා ඈත ඉදන් මම ගේට්ටුවෙන් ඇතුල් වෙනවා බලාගෙන ඉන්නවා...

"ආ...ලමයි ලියන්න බලන්න අම්මා තාත්තාගේ විස්තර.නම, වයස,කරන රැකියාව"

එතකොට මම 6 වසරේ...අපේ මිස් එහෙම කිව්වම මම මුලිම්ම ලියන්න ගත්තේ අම්මාගේ විස්තර...මොකද මට තාත්තා කෙනෙක් ඉන්නවද නැද්ද කියලාවත් මං දන්නේ නැති නිසා.

කමලානි විජයමූර්තී....ඒ අම්මාගේ නම...
අම්මාගේ වයස දන්නේ නෑ...මම එහෙම ලිව්වා...
අම්මාගේ රස්සාව.....මම දන්නේ නෑ....මම එහෙම ලිව්වා....ඒත් අම්මා රතු සාරියක් ඇදගෙන යන්නේ රස්සාවට කියලනේ කිව්වේ....මම ආයිමත් ලිව්වා...අම්මා රතු සාරි අදින රස්සාවකට යනවා....

"මං කරන්නේ පිනක් බන්....ඒකට මට පොඩි ගානක් හම්බ වෙනවා"

අම්මා මට එහෙම කිව්වේ රතු සාරි අදින රස්සාවේ ප්‍රශ්නේ විසදගන්න ගෙදර ඇවිත් අම්මාගෙන් මං රස්සාව ගැන අහපු වෙලාවේ...

මම ආයෙමත් පොත අරන් ලිව්වා...අම්මාගේ රැකියාව රතු සාරි අදින පින් කමක්...

................ඉදිරියට............
 
MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    කතාවේ ඉදිරිය හිතාගන්න පුළුවන් පින්කම මොකද්ද කියලා ලදුනේ සින්දුව මතක් උනා පුතී!