වර්ණ 3 කොටස

cultexplorer

Member
Dec 17, 2017
31
14
0
වර්ණ 01 කොටස
http://www.elakiri.com/forum/showthread.php?t=1860264
වර්ණ 02 කොටස
http://www.elakiri.com/forum/showthread.php?t=1860413


වර්ණ 3 කොටස

අමාරුවෙන් ගෙවපු ජිවිතේ අම්මා වර්ණ කරපු නැති පිරිමි ජිවිත මේ කල්කටාවේ නැති තරම් කියලා නෝනා අම්මා අම්මගේ මළගම දවසේ කිව්වා මට හොදට මතකයි.
අම්මා නැති වෙනකොට මට වයස 19යි.ඒ වෙනකොට අම්මා කරපු රස්සාව මොකද්ද කියලා මට රහසක් වුණේ නෑ.

ගණිකාවන් ගෙන් පිරුණු මේ ලේ මස් ගදගහන්න කල්කටාවේ මගේ අම්මත් එක ගණිකාවක් කියලා මම දැනගත්තේ අම්මා නැති වෙන්නත් කලින්...පිරිමි සිය ගානකගේ හිතේ අමාරු, ගතේ අමාරු දුරුකන්න රස්සාව කරපු මගේ අම්මගේ මළගමට එක පිරිමි පුළුටක් ආවේ නෑ.

'මං මේ පව්කාර රස්සාවෙන් ඉක්මටම අයින් වෙනවා නෝනා අම්මා.' දවසක් අම්මා කිව්වාම නෝනා අම්මා කිව්වේ 'අනේ මේ පලයන් බන් යන්න..තොට පිස්සුද ගෑනියේ කන්න අදින්න දෙන රස්සාවට පව්කාර රස්සාව කියලා අපහස කරන්න.යකෝ මේ රස්සාව නැත්නම් තොපි දෙන්නා හාමතේ මැරිලා...උබ නෙවෙයි පව්කාරකම් කරන්නේ.උබ කරන්නේ රස්සාව ඇගට එන එවන් ගෙදරට හොරෙන් ගමට හොරෙන් රටට හොරෙන්නේ එන්නේ.එකයි යකෝ පව්කාරකම 'කියලා..

අම්මාගේ මලගමත් ඉවර වුණා.මට ඉතුරු වුණේ කල්කටාවේ ගණිකාවන් පිරිණු අපිරිසිදු පටු පාරක කෑලි දෙකේ ලී ගෙදර විතරයි.....ඉදලා හිටලා මාව බලන්න ආවේ නෝනා අම්මා විතරයි.මොන නෑදෑකමක් තිබිලදෝ නෝනා අම්මා ගෙදර එන හැමදවසකම සති දෙක තුනක් කන්න කෑම ජාති මට ගෙනත් දුන්නා.
අම්මා කල්කටාවේ ඉපදුනු කෙනෙක් නෙවෙයි කියලත් මම දැනගත්තේ නෝනා අම්මගෙන්.....කල්කටාවේ සුරුපීම ගණිකාවක් වුනු මගේ අම්මගේ ජිවිතේ මම නොදන්නා පරිච්චේද හාර බලන්න ඕනි කියන කුහුල ඇති වුණේ මේ සිද්දිය දැනගත්තට පස්සෙයි...

උබලගේ අම්මා ඉපදිලා තියෙන්නේ ලංකාවේ...ඒකි හරි හැඩකාරි ඒ කලේ....නෝනා අම්මා දවසක් අම්මාගේ කතාව කියන්න ගත්තේ මෙහෙම



ඉදිරියට.........................