Source
පවතින අධික වර්ෂාවත් සමග දිවයින පුරා ඇති ජලාශ හා වැව් බැමි පුපුරා යාමේ අවදානමක් මතුව ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න ප්‍රකාශ කළා.
දිවයිනට නුදුරින් බෙංගාල බොක්ක ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි දින දෙක තුලදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ හේතුවෙන් උතුරු, නැගෙනහිර සහ මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු කලාපයේ ධීවර කටයුතු වල නිරත ධීවරයින්ට හැකි ඉක්මනින් ආසන්නතම වෙරළ තීරයකට ළගා වෙන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
මේ අතර, දිවයිනේ පළාත් කිහිපයකට අද රාත්‍රී කාලයේත් මිලිමීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කෙරෙනවා.

