ගංවතුර අවදානම වැඩි ගංඟා ද්‍රෝණි

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    U51Bqx7.gif

    ගංවතුර අවදානම වැඩි ගංඟා ද්‍රෝණි 12ක් නම් කෙරේ

    බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයත්, ඉදිරි දින කිහිපය තුළ එහි සිදුවිය හැකි වර්ධනයත් හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංඟා ද්‍රෝණි 12ක් නම් කරමින් අද (24) පූර්ව ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කළේය.

    කාලගුණ අංශ මේ වනවිට පුරෝකථන කර ඇති අනතුරු ඇඟවීම් අනුව දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත් තුළ අධික වර්ෂාපතනයක් ඇතිවිය හැකිය.

    එම තත්ත්වය සහ එම ප්‍රදේශවල ජලාශ සහ ගංඟාවන්හි හැසිරීම් රටාව හා පසුගිය අත්දැකීම් අනුව හෙට (25) සිට එළැඹෙන 28 දක්වා වූ කාලය තුළ පහතින් නම්කර ඇති ගංගා ද්‍රෝණිවලට යම් ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    එබැවින් එම ගංගා ද්‍රෝණිවල ගංවතුර නිම්නවල පදිංචි මහජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන ජනතාවගෙන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

    ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි ගංඟා ද්‍රෝණි

    1. මල්වතු ඔය ද්‍රෝණිය
    2. කලා ඔය ද්‍රෝණිය
    3. කනගරායන් ආරු ද්‍රෝණිය
    4. පරංගි ආරු ද්‍රෝණිය
    5. මා ඔය ද්‍රෝණිය
    6. යාන් ඔය ද්‍රෝණිය
    7. මහවැලි ගඟ ද්‍රෝණිය
    8. මාදුරු ඔය ද්‍රෝණිය
    9. මුන්දෙනිආරු ද්‍රෝණිය
    10. ගල්ඔය ද්‍රෝණිය
    11, හැඩඔය ද්‍රෝණිය
    12. විල ඔය ද්‍රෝණිය


    source
     

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    723
    713
    93
    Meanwhile රත්නපුර පැත්තේ එවුන්

    Her : Baby, I'm so wet
    Him : මගුලක් කතා කරන්න එපා යෝදියේ, ගේ ඇතුලට ගංවතුර ගලල
     
    • Like
    Reactions: Lejayange