මෙන්න පට්ට rare පින්තුර සෙට් එකක්. .මීට වසර 67 කට පෙර ක්‍රිස්තු වර්ෂ 1956 දී 2500 වැනි බුද්ධ ජයන්තිය වෙසක් අති උත්සවත්ශ්‍රීයෙන් ලංකවේ මිනිස්සු සමරපු හැටි. මේ ඔක්කොම පින්තුර කොළඹ ප්‍රදේශයේ. මුළු ලංකාවේම සති ගණන් ඒ කාලේ මේ විදියට උත්සව තිබිල තියනව..
මේ පින්තුර අරන් තියෙන්නේ LIFE සගරාව වෙනුවෙන්. තවත් පින්තුර ගොඩක් තියනව මේ උත්සවයේ. ඔක්කොම අප්ලෝඩ් කරන්න වෙලා යන නිසා මේ ටික දැම්ම උඹලට බලන්න.
පහල උපුටා ගැනීමක්.
"කොතරම් දේශීය විදේශීය පර සතුරු උවදුරු පැමිණිය ද මේ දක්වාම බුද්ධ ශාසනය ලංකාවේ නිරුපද්‍රිතව පිහිටා ඇත. ව්‍යවහාර වර්ෂ 1956 දී ලංකාවේ ප්‍රථම වරට බුද්ධ ජයන්ති මහෝත්සවයක් පැවැත් වූ බව ඉතිහාසයේ සඳහන්ව ඇත. එම බෞද්ධ මහෝත්සවය පැවැත් වූයේ ගෞතම බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් වසර දෙදහස් පන්සියයක් ඉක්මගිය අවස්ථාව සිහිපත් කිරීම උදෙසා ය. රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැවැත් වූ බුද්ධ ජයන්ති සැමරුම් උත්සවය (1956) ලංකාවාසී බෞද්ධයන්ගේ අනභිබවනීය බෞද්ධ උත්සවයක් විය. වර්ෂ 1956 දී ලාංකීය සමාජය තුළ ඇති වූ දේශපාලන සහ සමාජ වෙනස්කම් ඇතුළත 2500 සම්බුද්ධ ජයන්ති උත්සවය බෞද්ධ ආගමික පුනරුදයක අපූරු සිහිවටනයක් වූ බව පෙන්වා දිය හැකිය"
මේ පළවෙනියට තියන තොරණ ඇම්. ඩි. ගුණසේන සහ සමාගමේ අනුග්‍රහයෙන්

Last edited: