සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට
ඒහි පස්සිකෝ කියූ විටවත්, එන්න බලන්න කිව්ව විටවත් කවුරුත් ඒ දිහා හැරිලවත් බලන්නේ නැහැ. වරෙන් බලපන් කිව්වම පටස් ගාල මොකක් නමුත් බලන්න එයි. ඒකයි පෘථක්ජන සිත! පෘථක්ජනයා ධර්මය දකින්න හදන්නේ ඉහත දැක්වෙන ඇනිමේෂන් එකේ දැක්වෙල ලෙස බෝ කොලයෙන්
සෝවාන් වූවෝ පහත දැක්වෙන සංයෝජනයන් නැති කර ගනිති
සක්කාය දිට්ඨි, විචිකිච්චා, සීලබ්බත පරාමාස
සක්කාය දිට්ඨි - සක්කාට දිට්ඨි කියන්නේ මමය, මාගේය කියන හැඟීමෙන් අල්වා ගැනීම. සෝවාන් වූ කෙනා මමත්වය හරිහැටි ණුවනින් දැක එහි අනිටු විපාකයන් ප්‍රඥාවෙන් දකියි. එබැවින් සෝවාන් වූවෝ මමත්වය අභිනන්දනය නොකරති.
විචිකිච්චා - අපේ ඇත්තෝ බුදු පිලිමවලින් දකින බුදුන්ව සෝවාන් ඇත්තා ධර්මය තුලින් දකිනවා. සෝතාපන්නයා දකින්නේ අපේ භෞතිකව තිබෙන ඇස් වලින් නොවේ, අසන්නේ භෞතිකව තියෙන කන් වලින් නොවේ. ප්‍රඥාව නැමැති ඇසෙන් දැක, ප්‍රඥාව නැමැති කනෙන් අසා ප්රත්යක්ෂ කරගනී. සෝතාපන්නයා බුද්ධාදී අටතැන් කෙරෙහි සැකය නැතිකරගන්නේ පේන්න තියෙන ඇස්වලින් දැක නොව ලෞකිකව නොපෙනන ලෝකෝත්තරව පෙනෙන ප්‍රඥ්ඥාවෙන් දැකයි.
සීලබ්බත පරාමාස - සෝවාන් වූවෝ මල් පහන් පූජා කිරීම, වෘක්ෂ මූල ගත වෘත, බෝධිය වැනි පර්වත, ගල්, මැටිවලින් තැනූ පිලිම වන්දනාවේ නොයයි. එනම් මේ බමුණු වෘත අනුගමනය නොකරයි. මන්ද ප්‍රඥාව තුලින් ධර්මය දැක, ධර්මය තුලින් බුදුන් දැක නිවන ප්‍රත්‍යක්ෂකරගත් බැවිනි. එබැවින් ලෞකික සැපවලට කැප වෘත අනුගමනය කිරීමෙන් වැඩක් නැති බව අවබෝධ වෙයි. ඔහු නිකරුනේ තමාටත් වැඩක් නැති, අනුන්ටත් වැඩක් නැති මේ වෘත වලින් වෙන්වෙයි.
අපේ පෘථක්ජනයා බෞද්ධයා මේ සෝතාපන්නයා දැක ඔහුට අපහාස කරමින් තවත් ගස් ගල් වන්දනාමාන කරමින්, සෝවාන් මාර්ගඵල නිවනට නින්දා කර සතර අපාගත වෙයි

Last edited:




