වරෙන් වේදනාව ගණනය කරලා පෙන්නන්න.. ආආ එහෙමත&#35

T55

Banned
Oct 2, 2015
190
167
0
රුසියාවෙ
වරෙන් වේදනාව ගණනය කරලා පෙන්නන්න.. ආආ එහෙමත#

සීනියර් මෙම්බරයෙක් වීමේ සතුට නිමිත්තෙන් තමයි මේ ත්‍රෙඩ් එක දාන්නේ,හරිය (තාම නෑ. තව ටිකකින් වෙයි.). මේ මන් නිකන් ඉන්නකොට කල්පනා වෙච්චි දෙයක් උබලට කියල දෙන්න හිතුව. මෙහෙමයි වැඩේ වෙන්නේ.

ඕන ඊයේ නිව්ස් වලටත් කිව්ව්ව රිය අනතුරු වැඩිවේලාය කියල. රිය අනතුරු වලට 95% විතර හේතුව තමා වේගය. (හරියට දන්නේ නෑ,හරිය)

මේක බයික් පදින උන්ට හදපු ඉස්පෙෂල් ඩිෂ් එකක් හරිය. උබලට හෙනට බයික් ගායනේ. (ගාය අඩුකරන්න හදන්නේ දැන්) සාමාන්යෙන් කොල්ලෙක්ට බයික් එකක් හම්බුනාම නලව නලව ඉන්නේ නෑනේ.
සුන් සුන් ගාල ඇරලා දානවනේ. තප්පරෙකටවත් හිතන්නේ නෑ පිටිපස්සේ සීට් එකේ මාරයා ඉන්නවා කියල. මාරයා පිටට තට්ටුවක් දාල,,

"මල්ලි, ඉස්සරහ හන්දියෙන් දාපන්!!" කිව්ව ගමන් උබලත් ඉතින් "හරි අයියේ" කියල ඉස්සරහින් එන ටිපර් එකකට,බෝක්කුවකට,ලේලන්­ඩ් එකකට බයික් එක හරවනවා. ඊට පස්සේ ඉතින්,

"ඩෝο......සලා....න්..­..ඩිෂ්... දඩ බඩ දඩ බඩ.......පී.........­.....ක් පී..............."

(සිග්නල් ලයිට් එහෙම පත්තු වෙනවා මවාගනින් හරිය):baffled::baffled::sorry::sorry:

Ferrari-599-bike-crash.jpg

url

(දැන් ඉතින් ෆේරාරිය කන්න වගේ බලන් ඉන්නැතුව මේක කියවපන්:growl::growl:)

ඊට පස්සේ ඉතින් ඇහැරිලා බලනකොට අතක් නෑ , කකුලක් නෑ , අවයවයක් නෑ,, etc...... කොටින්ම කිව්වොත් සමහරු ආයේ ඇහැරෙන්නෙත් නෑ.

යකෝ වැල් බයිලා නැතුව සබ්ජෙක්ට් එකට බැහැපිය,:growl::growl::growl:

හිටපන් ඉතින් කියන්න. මේ ක්‍රමෙන් වේගය සදහාවන අනතුරුවල වේදනාව විතරයි මනින්න පුළුවන්. අත කැපුනම, හිත රිදුනම එහෙම වෙන වේදනාව මේ ක්‍රමෙන් මනින්න බෑ.

වේදනාව මනින්නේ සරල සමිකරනෙකින්,, මේ තියෙන්නේ බාන්ඩේ ..

කාරුණික දැනුම් දීමයි!!!!!!

(ගණනය කිරීම් පාටකයන්ට නොතේරී යාමේ කණගාටු දායක තත්වයක් ඇතිවූ බැවින් ගණනය කිරීම් පහතින් රිප්ලයි එකක් ලෙස දක්වා ඇත)


ඒ වෙනුවට සරල උදාහරණ මගින් දක්වා ඇත.

"මීටර් හතරක්, ගොඩ නැගිල්ලක තනි තට්ටුවක උසට සමාන කර තිබේ"

ඒඅනුව කිලෝ හැටක් බර පුද්ගලයෙකු අදාල වේගයෙන් සිදුවන අනතුර, ගොඩනැගිලෙන් අනුරූප තට්ටු ප්‍රමාණයකින් වැටීමට සමාන කර තිබේ.


40 K mph = තට්ටු 1.5
50 K mph = තට්ටු 2
60 K mph = තට්ටු 3
70 K mph = තට්ටු 4.5
80 K mph = තට්ටු 6
90 K mph = තට්ටු 7.5
100 K mph = තට්ටු 9.5
120 K mph = තට්ටු 11.5
130 K mph = තට්ටු 16
140 K mph = තට්ටු 19
150 K mph = තට්ටු 21
160 K mph = තට්ටු 25
170 K mph = තට්ටු 28
180 K mph = තට්ටු 31
190 K mph = තට්ටු 35
200 K mph = තට්ටු 39
.
.
.
250 K mph = තට්ටු 48
.
.
.
300 K mph = තට්ටු 75



කොටින්ම කියනවනම් උබලට ඔය එක එක වේගෙන් යනකොට දැනෙන්නේ,, වේගයට අදාල තට්ටු ගානින් පහලට වැටෙනකොට දැනෙන හුලන් පාර. කොහොමද සනීපෙ..

(උබලට ඕනී ඕනිම වේගයක් තියෙනවනම් දීපං. මං තට්ටු ගාන කියන්නම්)

"මම බයික් එක ගිනි තියනවා, චාමර."

bungee-jumping-activity.jpg



කොහොමද රඟේ. සැප කනේ නේද. දැන්වත් මේක තේරුම් අරගෙන යන උලව්වක හෙමින් පලයල්ලා.


කොන්දේසි සහිතයි!!!

ඔය වේදනාව ඉදිරියට එන එකක හැප්පුනොත් දෙගුණ තෙගුණ වියහැකි අතර. එමෙන්ම ඔබගේ කර්ම බල ශක්තිය අනුව සිදුවිය හැකි අනතුරේ ප්‍රබලතාවය වෙනස්විය හැක. ඇඳ පල්ලේ වැටී සමහරු මියයන අතර ලෝකාන්තෙන් වැටෙන සමහරුන්ගේ දිවි රැකේ. තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගත යුතුය.





දැන් මම කියන්න හදන්නේ මගේ, බයික් අමාරුව සුව උන හැටි,,:(:(

ඉස්කෝලෙන් අවුට් වෙන්න කිට්ටු වෙලා මම ගත්ත pulsar එකක්. ඔන්න ඕක පැද පැද ඉදලා. හොනට්ටුවක් ගන්න දොලදුක පහල වෙලා ගිය අව්රුද්දෙ මුල බයික් එක වික්ක. හොනට් එකෙක් ගන්න බලාගෙන. සල්ලි ටිකත් තියාගෙන ඉන්න අතරේ, මගේ ජිවිතේ එපාම කරපු දවස උදා උනා.
මම එදා හවස යාලුවෙක්ට ගිටාර් එකක් ගන්න කොලබ ආව. ගෙදර යනකොට ඔක්කොම වෙලා. මගේ හොදම යාලුව බයික් එක ඇක්සිඩන්ට් වෙලා නැතිවෙලා බන්.:(:(:(:( මට හිතාගන්න බැරිඋන. මිනිහ කෑල්ල බලන්න ගිහින් තියෙන්නේ, වෙන්නදට මාවත් එක්ක යනවා. එදා මිස් උනා.
හොනට් එක කුඩු, ෆොටෝස් වගයක් තිබ්බ, බලන්න බෑ බන්. ඔක්කොමත් හරි එපාම කරපු දේ තමයි මළගෙදර ගියාම කොල්ලගේ අම්ම මගේ ඇගේ එල්ලිලා අඬ අඬ කියපුව තමයි අහන ඉන්න බැරි බන්.:(:(:(:(:( මට ඒ වෙලේ හිතුන මටත් අරුත් එක්ක බයික් එකේ යන්න තිබ්බේ කියල. සසර එපා උනා මචන්. සල්ලි ටික අරුගේ අම්මට දුන්න.

අපිට දැනෙන වේදනාව වගේ දහස්ගුනයක් වේදනාව දැනෙනවා බන්:yes::yes: අපි වටේ ඉන්න අයට. මේකේ ගිහින් මැරුණත් සැපයි කියලනේ කට්ටිය බයික් ගන්නේ.\\

යන පුළුවන් හැමතැනටම බස් එකේ පලයල්ලා. හෙමින්, පරිස්සමෙන් පලයල්ලා.

 
Last edited:

T55

Banned
Oct 2, 2015
190
167
0
රුසියාවෙ
මේක කියවලා තේරුම් ගන්නවට වඩා ලේසියි හැප්පිලා මැරෙනවා සහෝ...:(
:(:(:(


E =1/2 mv^2

චලිත වස්තුවක චාලක ශක්තිය මනින සමිකරණේ. E කියන්නේ ශක්තිය, m කියන්නේ චලිත වස්තුවේ ස්කන්දය, v කියන්නේ ප්‍රවේගය.

හා....රි, දැන් උදාහරණ දෙකක් බලමු.

උබේ බර කිලෝ 60යි. වේගය 60Kmph( තප්පරයට මීටර් 17 )... රූ...න් ගාල ගියා, දොක්ක ගැහුවා. වේදනාව කොපමණද?

E =1/2 mv^2

E=1/2*60*17*17

E =8670J

වේදනාව ජුල් 8670 යි.


උබේ බර කිලෝ 60යි. වේගය 100Kmph ( තප්පරයට මීටර් 28 )... රූ...න් ගාල ගියා, දොක්ක ගැහුවා. වේදනාව කොපමණද?


E =1/2 mv^2

E=1/2*60*28*28

E =23520J

වේදනාව ජුල් 23,520 යි.


මොන හුයන්නක්ද බන් මේ. ජුල් කියන්නේ මොනාද බල්ලෝ. ඕකෙන් කොහොමද රිදෙන එක මනින්නේ. මට මලපනිනවා චාමර. හරිය.:growl::growl::growl:


හිටපිය හිටපිය. තාම ඉවර නෑ.:baffled::baffled:

ජුල් කිව්වට උබට මට තියා පොෆෙසරයෙකුට වත් සෙන්ස් වෙන්නේ නෑ බන්. තේරෙන විදියකට පරිවර්තනය කරගන්න තමයි මේ හදන්නේ.
ඒ වැඩේ කරගන්න අපිට ගුරුත්වජ විබව ශක්ති සමීකරණය ඕනි වෙනවා. එක තමයි.

E =m g h

m කියන්නේ චලිත වස්තුවේ ස්කන්දය, g ගුරුත්වජ ත්වරණය, h වස්තුව පවතින උස.

අපි දැන් විබව ශක්තියයි චාලක ශක්තියයි සමාන කරන එක තමයි කරන්න හදන්නේ. සරලවම කියනවනම් උබ වේගෙන් ගිහින් හප්පුනම රිදෙන එක උසකින් වැටුනම රිදෙන එකට සමාන කරන්න හදන්නේ. උසකින් වැටුනම රිදෙන එක ගැන හැමෝටම අවබෝදයක් තියෙනවනේ.

හා........රි දැන් ආයෙත් උදාහරණ.


දැන් තමයි උබලට තරු පෙන්න පටන්ගන්නේ. "චූ බර එහෙම තියෙන එව්න් ටක්ගාල ගිහින් දාල වරෙන්"


8670J ශක්තියක් ඇතිවීමට කෝපමණ උසක සිට දොක්ක ගැසිය යුතුද?


E =m g h

8670J = 60*10*h

h =මීටර් 14 යි.:shocked::shocked::shocked:

බුදුඅම්මෝ එකියන්නේ බන් 60Kmph ගිහින් දොක්ක ගැහුවා කියන්නේ මීටර් 14 උසින් වැටුන වගේද?:eek::eek::shocked::shocked:

ඔය තේරුනේ එළකිරි වගේ.

"මට වාවන්නේ නෑ චාමර, මට ගහපන්" :(:sorry::shocked:

එතකොට 100Kmph ගියාම ,,,

h =මීටර් 39 යි.:shocked::shocked::shocked::shocked::shocked::shocked:
 
Last edited:
  • Like
Reactions: thilihare

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
වේදනාවත් ජූල් වලිං මනිනවද :shocked: :shocked:
ඕව දශම ගණං වලිං වැරදියි බං අයින්ස්ටයින් තියරි දාපං :baffled: :baffled:
 

T55

Banned
Oct 2, 2015
190
167
0
රුසියාවෙ
වේදනාවත් ජූල් වලිං මනිනවද :shocked: :shocked:
ඕව දශම ගණං වලිං වැරදියි බං අයින්ස්ටයින් තියරි දාපං :baffled: :baffled:
ඇති යන්තන් බන් තේරුන එකෙක් හරි ඉන්න එකට සතුටුයි.:):):)

බිංදුවෙ ඉඳන් තේරුම් කරපු එක තේරෙන්නෙ නැති උන්ට මොන දශමද බන්
:(:(
 
  • Like
Reactions: shaminda peiris

good-man

Well-known member
  • Jan 29, 2015
    2,829
    3,004
    113
    දැන් ඕකට පදින එකාගේ බර විතරද ගන්නෙ බයිසිකලේ බර ඕන්නැද්ද එතකොට :eek:
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,575
    16,411
    113
    :dull: dakke naha wage inna ona.
    :oo: You must spread some Reputation around before giving it to T55 again.​
     

    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    දැන් ඕකට පදින එකාගේ බර විතරද ගන්නෙ බයිසිකලේ බර ඕන්නැද්ද එතකොට :eek:
    නෑ මචන්. බයික් එකේ යන එකාටයි බයික් එකටයි එකම වේගයක් නෙ තියෙන්නෙ.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    ඕක හොදටම තේරෙන්න 10Kmph = කරනවා තනි තට්ටුවේ ගොඩ නැගිල්ලකට :nerd: එතකොට ඔය 60Kmph = තට්ටු 6ක ගොඩනැගිල්ලකින් වැටීමකට 100Kmph = තට්ටු 10කට :baffled: ඔකේ ආතල් එක හොදටම තේරෙනවා එතකොට :sorry:
     

    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    ඕක හොදටම තේරෙන්න 10Kmph = කරනවා තනි තට්ටුවේ ගොඩ නැගිල්ලකට :nerd: එතකොට ඔය 60Kmph = තට්ටු 6ක ගොඩනැගිල්ලකින් වැටීමකට 100Kmph = තට්ටු 10කට :baffled: ඔකේ ආතල් එක හොදටම තේරෙනවා එතකොට :sorry:
    අඩෝ ඔව් නේ බන්. මුන්ට ඔහොම කිව්වට තේරෙන්නේ නෑ. මම එඩිට් කරා දැන් බලපන්.:)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    අඩෝ ඔව් නේ බන්. මුන්ට ඔහොම කිව්වට තේරෙන්නේ නෑ. මම එඩිට් කරා දැන් බලපන්.:)

    :cool: ඔව් බන් එහෙම මීටර් ගානවල් කියුවට ගානක් නෑ, එල එල බන් ඔය තියෙන්නේ :) ;)