@Fiona Dabare මම අහල තියෙනවා අපේ කර්මන්ට අනුව පිටත දේවල් මැවෙනවා කියල. එතකොට @tharakaf ටත් හැමදේකම දේශපාලන රාමුවකින් විතරක් පේන්නෙ ඒ කර්මය නිසාද ? උබේ දැනුමෙන් පහදල දියන්
ඕක මන් කලින් කියලා තියෙනවා ලොකු හෑල්ලක් එක්ක.
කර්මය ගැන අපිට කතා කරන්න පුලුවන් අපිට ගෝචර වෙන මට්ටමෙන්. ගෝචර වෙන මට්ටමත් අති සංකීර්ණයි. පිටු 1000+ පොතක් ලියන්න පුලුවන් අපේ එක judgment එකක් අතර ක්‍රියා-ඵල සම්බන්ධය. ගෝචර නොවන මට්ටම අචින්තයයි.
ඔය විඩියෝ එකේ ඉන්න එකාව උදා ගත්තොත්,
x = එයාව දන්නැති එකෙක්
මම = එයාව දැක්කහම ටිකක් මල පනිනවා
උඹ = එයා පොරක් or smth
තාරක = එයාව දැක්කහම ටිකක් මල පනිනවා or පෙන්නන්න බැරි එකෙක්
මටයි, උබයි, තාරකටයි පේනවා, ඇහෙනවා, දැනෙනවා. පේනවා, ඇහෙනවා කියන එකත් දැනෙන දෙයක් නිසා පොදුවේ තුනම දැනෙනවා කියලා ගත්තොත්, ඉතාම සියුම්ව නිරීක්ෂනය කරොත්, දැනෙන බව තුල වෙනස් වන බව ක් දැන ගන්නවා.
ex: ඉපදුන දවසේ ඉදන් සුදු විතරක් පේන එකෙක්. උට අඩුම තරමේ සුදු පාට වෙන් කරලා අදුරගන්නවත් බැහැ මොකද ඒක අදුරගන්න, ඒකට වෙනස් එක්ක නැ. උට පෙනීම තුල 'වෙනසක්' දැනගන්න බැහැ. සරලව කිව්වොත් පේන්නැ. දැනගන්න පුලුවන් වෙන්නේ සාපේක්ෂ වෙනසක් විතරයි.
දැන් කලු පාටත් තැනින් තැන පේන්න ගන්නවා.
පේන්නැති එකාට එක පාර දැන් පේන්න ගන්නවා. පෙන්න් ගත්තේ, උට එකකට එකක් සාපේක්ෂව දැන ගන්න පුලුවන් වෙනසක් හම්බුන නිසා.
දැන් සංස්කරණය පටන් ගන්නවා.
කලු, සුදු කියලා දෙකක් තියෙනවා/ ඇත (මෝහය)
කලු පාටට ආසයි (රාග)
සුදු පාටට ආස නැ (ද්වේශ)
මේකම තමයි ඉතුරු ආයතන වල වෙන්නේ. ආයතන ක්‍රියාකාරීත්වයේ වේගය නිසා තමයි පේන, හැහෙන, දැනෙන ලෝකයක් පවතිනවා සහ ඒක පේන, ඇහෙන, දැනෙන කෙනෙක් ඉන්නවා කියලා දැනගන්නේ.
දැනගනන්න පුලුවන් 'වෙනසක්' කියලා කලින් කිව්වනේ. වෙනස්කම් නිසා වස්තු/ පුද්ගල, හොරෙක්/ පොරක්, මට පෙන්නන්න බැරි එකෙක්/ මන් ආස එකෙක්.. විදිහට පේද්දිම අදාල සංඣාව පහල වෙනවා.
සංඣා මත දුවන දෘස්ටිය තමයි වස්තු/පුද්ගල සහ විවිධ ලෙස පසුව වැඩිදියුණු වෙන සක්කාය දිට්ටිය.
දැනගන්න වෙනස්කම් වලට පොදුවේ දැනුම කියන්න පුලුවන්. දැනුම එක්කම කැමති/ අකමැති ලෙස වෙන දෙපැත්තත් ඒ හා ගොඩනැගෙනවා.
දන්න දේවල් සහ ඒවට තියෙන කැමැත්ත/ අකමැත්ත මත තමයි, ඒවට සාපේක්ෂව,
*මොකක්හරි* => *පුද්ගලයෙක්* => *විශ්ව විද්‍යාල ආචාර්ය නෙනෙක් => අධ්‍යාපනය මුවාවෙන් දේශපාලන මතය දාන.. (තාරකට)
විදිහට සංඣාව වැඩිදියුනු වෙන්නේ.
මෙහෙම කිව්වට මේ තීරන ගන්න process එකක් මීටවැඩිය මාරම සංකීර්ණයි.
මෙතන පොදුවේ සක්කාය දිට්ටියත් තියෙනවා, අරු ඉන්නවා සහ ඌව මට පේනවා කියලා.
ඉතින් අරුව ආයේ ආයේ ඇහෙද්දි, පේද්දි, දැනෙද්දි වෙන්නේ සංස්කර්නය කර ගත්ත දේවල් (දැනුම සහ ගෝචර සීමාවෙන් එහා) මත වෙන update එකක්. (අභිසංස්කරණය)
ඒක තමයි මූව දැක්කහම එක්කෙනෙක්ට මල පනින්නේ (දුක)
තව එකෙක්කට සතුටක් දැනෙන්නේ (සැප)