බම්බු ගහන් පකේ ටෝක් දෙන පොන්න unp එක මොකද මෙච්චර බය වෙලා දඟලන්නේ පාද යාත්‍රාවට?
පාද යාත‍්‍රාවට තුච්ච බාධා.. හයිඞ් පිටිය පුරා බොරු වලවල් කපයි..
July 28, 2016 at 12:01 am | lanka C news
පාද යාත‍්‍රාවට තුච්ච බාධා.. හයිඞ් පිටිය පුරා බොරු වලවල් කපයි..
අද දිනයේ මහනුවරින් ආරම්භ වී දින පහක් තිස්සේ පා ගමනින් කොළඹට පැමිණ අගෝස්තු පළමුවැනිදා හයිඞ් පිටියේදී පැවැත්වීමට සූදානම් කර තිබූ ජනරැළියට විශාල වශයෙන් බාධා එල්ල වෙමින් ඇති බව ඒකාබද්ද විපක්‍ෂය කියයි.
ඒකාබද්ද විපක්‍ෂය විසින් අගෝස්තු පළමුවැනිදාට හයිඞ් පිටිය වෙන් කරගෙන තිබුණද ඊයේ දිනයේ එම පිටිය පුරා විශාල වලවල් හාරමින් ඇති බව ඔවුන් කියා සිටී.
ඉදිරියේ පැවැත්වෙන වැඩසටහනක් සඳහා මෙම ප‍්‍රතිසංස්කරණ කෙරෙමින් ඇතැයි කොළඹ නගර සභාව කියුවද එවන් සත්‍ය වශයෙන්ම සිදු වන්නේ එම පිටිය ලබා නොදීමට තුච්ච කටයුතු කරමින් තිබීම යයිද ඔවුන් පෙන්වා දෙයි.
පින්තූරවලින් දැක්වෙන්නේ හයිඞ් පිටියේ තැන තැන වලවල් හාරා ඇති ආකාරයයි.
පාද යාත‍්‍රාවට එක දිගට කෙණෙහිලි.. කොලඹ සියළු පිට්ටනි ආණ්ඩුවෙන් වෙන් කර ගනී..
July 28, 2016 at 9:20 am | lanka C news
පාද යාත‍්‍රාවට එක දිගට කෙණෙහිලි.. කොලඹ සියළු පිට්ටනි ආණ්ඩුවෙන් වෙන් කර ගනී..
කොළඹ මහ නගර සභා සීමාව තුල පිහිටි සියළුම ක‍්‍රිඩා පිටි ජූලි 25 වන දින සිට අගෝස්තු 06 වන දින දක්වා විවිධ පුද්ගලයින් විසින් මුදල් ගෙවා වෙන් කර ගෙන ඇති බව නගර සභා ආරංචි මාර්ග පවසයි. ප‍්‍රසිද්ධ රැස්වීම් පවත්වන ක‍්‍රිඩා පිටි 10ක පමණ ප‍්‍රමාණයද මේ අතර වෙයි.
කොළඹ මහ නගර සභාවේ හිටපු එජාප මන්ත‍්‍රීවරයෙකු විසින් විවිධ පුද්ගලයන්ගේ නම් වලට මෙම ක‍්‍රිඩා පිටි වෙන් කරවාගෙන ඇතැ බවද පැවසෙයි.
මේ අතර ඒකාබද්ද විපක්‍ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා විසින් අගෝස්තු පළමුවරනිදා වෙන් කරන ලද කොළඹ හයිඞ් පිටියේ හිදිසි ප‍්‍රතිසංස්කරණ කටයුත්තක් ආරම්භ කර ඇති අතර එහි පලමුවැනිදාට රැුස්වීමක් කල හැකි තත්වයක් නොපවතී.
පාද යාත්‍රාවට කිරිඇල්ගෙන් ගුටිබැට.. මයන්තගෙන් ජාපාල, අත්තන ඇට සිසිල් බීම දන්සැල් සූදානම් කෙරේ..
July 28, 2016 at 1:03 am | lanka C news
පාද යාත්‍රාවට කිරිඇල්ගෙන් ගුටිබැට.. මයන්තගෙන් ජාපාල, අත්තන ඇට සිසිල් බීම දන්සැල් සූදානම් කෙරේ..
මහනුවරන් ආරම්භවීමට නියමිත ජන සටන පාද යාත්‍රාවට සහභාගීවන පෙළපාලිකරුවන් සමග ගැටඹ ප්‍රදේශයේදී ගැටුමක් හදා ගැනීමට ලක්ෂමන් කිරිඇල්ල ඇමතිවරයා සැලසුම් කොට ඇති බව වාර්තාවේ.
එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය පුළුල් කිරිමේ වැඩසටහනකට සහභාගීවන සාමාජිකයන් එම ගැටුමට යොමු කිරීමට ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයාගේ කණ්ඩායමක් යොදවා ඇති බවට සාක්ෂි අප වෙත ලැබී ඇත.
ඒ අතර මයන්ත දිසානායක මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් තවත් වැඩ දෙකක් සැලසුම් කොට ඇති බවට තොරතුරු ලැබී ඇත. පළමු වැන්න කඩුගන්නාව සුනිල් එස්. අබේසුන්දර ක්‍රීඩාංගණයේ නවතා තබන බස් කිහිපයක පිරවූ සෙනග පාරට ගෙන ඒ මගින් ගැටුමක් නිර්මාණය කිරීමයි.
දෙවැන්න මිත්‍රශිලී සංග්‍රහ කිරිමේ මුවාවෙන් පෙළපාලිකරුවන්ට අත්තන සහ ජාපාල වැනි ඹෟෂධ මිශ්‍රකල සිසිල් පැන් පානය කිරීමට සැලැස්වීමයි.
අත්තන ඇට වලින් මානසික අවුල් ඇතිකරන අතර ජාපාල වලින් බඩ බුරුල්වීම ඇති කරන බව වෛද්‍යවරු පවසති.