වලස් මුල්ලෙ හිමිගෙ දේශනා වල ගොඩක් අවුල් තැන් තියෙනවා බන්. ඒ නිකායෙ අය වචන විසන්ධි කරමින් හෙන පච කෙලිනවා. ඕකෙ දේශනයක් මමත් අහල තියනවා.ජාති කියන්නෙ ඇදන්,පුටු,පොත්පත්,පෑන් පැන්සල් ආදි වර්ග හදුන්වන පදයක්ලු.එතකොට සුදුරෙදි හොරකන් කරාම සුදුරෙදි හොරෙක් වෙනවලු.මෝහයෙන් ඇලීම වැඩිඋනාම සෙම වැඩිවෙනවලු . සිවුරු හොරකන් කලාම සිවුරැ හොරු වෙනවලු. මොනවද බන් මේ විපරිත දේශනා. ඉන්ජිනියරින් ඩිග්රියක් තියෙන කෙනෙක් එතන මහන උනා කියල ඒ කියන සේරම හරි කියල කියන්න බෑ. උගත්කම සහ ප්රඥාව කියන්නෙ දෙකක්. ධර්මය තේරුම් ගන්න ඕන ප්රඥාවයි.
අභය හාමුදුරුවෝ හෝ වෙනත් කෙනෙකු කිව්ව පලියට කිසිම දෙයක් පිලිගන්න එපා කියන එකයි මගේ අදහස
අපි යමක් හරි හෝ වැරැදි හෝ කියන්න කලින් ඒ දෙස විමසිලිමත්ව බැලිය යුතුයි
ඒ සඳහා අපි බැසගෙන සිටින දෘෂ්ඨි වලින් ඉවත්වී ස්වාධීන විය යුතුයි
මේ ලෝකයේ ලොකුම දැන ගැනීම තමන් නොදන්නා බව දැන ගැනීම වන්නේ ඒ නිසයි
ඔබ ඉහත සඳහන් කළ කරුණු සම්බන්ධයෙන් මගේ අදහස නම්සමස්ත දේශනාව ශ්රවණය කොටප්රධාන දහම් පණිවුඩය අවබෝධ කරගන්නා ලෙසයි.
ධර්මය අවබෝධ වූඅය පුද්ගල සරණ නොගොස් ධර්මය සරණ යන්නේ ඒ නිසයි