වල්ලාපට්‌ටා_ගැන දන්නේ නැතිනම් දැනගන්න

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    වල්ලාපට්‌ටා_ගැන දන්නේ නැතිනම් දැනගන්න

    ශ්‍රී ලංකාවට ආවේනික වූ වල්ලාපට්‌ටා ශාකය විනාශවෙමින් පවතින තත්ත්වයක්‌ ඇති කාලවකවානුවක්‌ උදාවී ඇතැයි වන සංරක්‍ෂණ නිලධාරීහු සහ පරිසරවේදීහු පවසති.

    එයට හේතු වී ඇත්තේ ඉතා වටිනා සුවඳ විලවුන් වර්ග තැනීම සඳහා මෙම ගසින් ලබාගත හැකි අමුද්‍රව්‍යයක්‌ පිළිබඳව තොරතුරු හෙළිදරව්වීමය. මෙහි නියම තත්ත්වය පිළිබඳ අවබෝධයක්‌ නොමැති බොහෝ දෙනා මෙම ගසේ කිරිවලින් හටගන්නා දුම්මල වැනි කොටස සොයා ඉවක්‌ බවක්‌ නොමැතිව කුඩා පැළෑටි පවා කපා දමති. මෙම අනතුරු දායක තත්ත්වයෙන් වල්ලාපට්‌ටා ශාකය බේරා ගැනීමේ අදහසින් මෙම සටහන තබමු.


    wala333.jpg

    බළන්ගොඩ අඩවි වන නිලධාරි අයි. ඒ. සී. ආර්. විඡේතිලක මහතාගෙන් තොරතුරු විමසුවෙමු. ඔහු දැක්‌වූ අදහස්‌ මෙසේය.

    වල්ලාපට්‌ටා ශ්‍රී ලංකාවට ආවේනික වූ ශාක විශේෂයකි. මෙය තෙත් කලාපීය වනාන්තරවල වැවෙන අතර අවුරුදු අටක්‌ පමණ වයසැති වැඩුනු ගස්‌වල බිලයන් තුළින් හා ගසේ සිදුරු වූ ස්‌ථානවලින් වෑස්‌සෙන කිරි විශේෂයකින් සෑදෙන ඇගාවුඩ් හෙවත් රෙසින් නමැති කොටස විශාල වටිනාකමකට මිලට ගැනීමට පටන් ගැනීම නිසා බොහෝ දෙනා මෙය මුදල් ඉපයීමේ අරමුණ ඇතිව කපා විනාශ කරන්නට පටන් ගත්තා. කිලෝ එකක්‌ රුපියල් ලක්‍ෂයක්‌ පමණ ඉහළ මිලකට ගැනීමට මුලින්ම ඉදිරිපත්වී ඇත්තේ ඉන්දියානුවන්ය. මුලින්ම මෙම වැටලීම සිදුකර ඇත්තේ එවකට සිංහරාජ වන අඩවිය භාරව කටයුතු කළ එච්. එම්. ඒ. බී. හේරත් මහතායි. මොහු දැනට ඉංගිරිය අඩවි වන නිලධාරිවරයා ලෙසින් සේවය කරනවා. මේ ගැන ඔහුගෙන් විස්‌තර ලබාගත හැකියි.

    මෙම තොරතුර ලැබීමෙන් පසුව හේරත් මහතාගෙන් කරන ලද විමසුමකදී ඔහු ප්‍රකාශ කළ අදහස්‌ මෙසේය.

    වල්ලාපට්‌ටා වැටලීමක්‌ මුලින්ම කරන ලද්දේ 2012 ජූලි මාසයේ 27 වැනිදායි. ඉන්දියානු සංචාරකයන් කීප දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගනු ලැබුවා. මොවුන් රටින් පිට කිරීමට සුදානම් කර තිබූ වල්ලාපට්‌ටා රෙසින් (Resin) තොගය සමග අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. අන්තර් ජාතික වෙළෙ¹ම පිණිස තහනම් ශාකාවර්ග පිළිබඳ ලැයිස්‌තුවේ දෙවැනි උපලේඛනයේ මෙම වල්ලාපට්‌ටා ශාක ගැන සඳහන් වෙනවා. පිළිකා සෛල මර්දනයට ඖෂධයක්‌ නිපදවීමට චිකාගෝවලින් 1980 දී පමණ මෙම ශාකායේ දිලීර මගින් හටගන්නා කොටස පරීක්‍ෂණ සඳහා යොදාගත් බවටද තොරතුරු සඳහන් වනවා. මෑතදී පැරිස්‌ සෙන්ට්‌ (සුවඳ විලවුන්) තැනීමට ගන්නා නිසා විශාල ඉල්ලුමක්‌ පවතිනවා.

    බළන්ගොඩ හා ආසන්න ප්‍රදේශවල වල්ලාපට්‌ටා වැටලීම් කීපයක්‌ කළ බවත් ජනතාවගේ නොදැනුවත්කම නිසා ඉතාම කුඩා පැලෑටි සිය ගණන් කපා විනාශ කර තිබූ බවට එම අවස්‌ථාවලදී තොරතුරු හෙළි වූ බවත් බළන්ගොඩ අතිරේක අඩවි වන නිලධාරි ලක්‍ෂමන් රත්නවීර මහතා පැවසීය.

    මෙම ශාකය රත්නපුර, මතුගම, කළුතර, ගාල්ල, සිංහරාජ ආදී ප්‍රදේශවල හොඳින් වැඩෙනවා. අතීතයේ අපේ පැරැන්නෝ වහළවල් සෙවිලි කර ලී බැඳීමට පිරිත් මණ්‌ඩපය හා සෙත් ශාන්තිවලදීත් කලාත්මක වැඩවලටත් විශේෂයෙන් කිතුල් මල් මැදීමේදී හැරපට බඳින්නටත් උපයෝගී කරගත්තා. ඔවුන් ගස විනාශ නොකර පට්‌ටය ගලවා ගත්තා. එවිට ටික කලකින් යළිත් ගස මස්‌ලා වැඩෙනවා. මෙම වකවානුවේ ජනතාව තුළ ඇති නොදැනුවත්කම නිසා ලොකු කුඩා ගස්‌ සියල්ල කපනවා.

    මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ ගම්පහ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්‌ථානයේ වෛද්‍යචාර්ය කවිරාඡ් බී. එම්. ගුණතිලක මහතා -

    මෙම වල්ලාපට්‌ටා දලු දත් ගැලවීමට පවා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව භාවිත කරනවා. විශේෂයෙන් කැඩුම් බිඳුම්වලදී මෙම ශාකයේ විවිධ කොටස්‌ භාවිත කරනවා කෙසේ නමුත් මෙම ශාකය රැකගැනීමට යම් වැඩපිළිවෙළක්‌ යෙදීම කාලෝචිතය.




    divaina
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    Good Post Bro! අපේ පැත්තේ නම් වල්ලාපට්ටා ගස් ටික ඉවරයි... :(
    5+
     
    • Like
    Reactions: Sadun Buwa

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    'මෙම ශාකය රත්නපුර, මතුගම, කළුතර, ගාල්ල, සිංහරාජ ආදී ප්‍රදේශවල හොඳින් වැඩෙනවා.'

    8.gif
    අඩේ දන්නෙත් නැ.අපේ පැත්තේ තියෙනවා කියල.
    බොහොම ස්තුතියි බෙදාගත්තට
    ++++
     
    • Like
    Reactions: Sadun Buwa

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015




    Good Post Bro! අපේ පැත්තේ නම් වල්ලාපට්ටා ගස් ටික ඉවරයි... :(
    5+

    Thanks 4 sharing :)





    'මෙම ශාකය රත්නපුර, මතුගම, කළුතර, ගාල්ල, සිංහරාජ ආදී ප්‍රදේශවල හොඳින් වැඩෙනවා.'

    8.gif
    අඩේ දන්නෙත් නැ.අපේ පැත්තේ තියෙනවා කියල.
    බොහොම ස්තුතියි බෙදාගත්තට
    ++++

    tfs මචං

    **මරුසිරා**;15640209 said:
    ape gedara gahak thiyenawa :)

    නියමයි සදුන් අයියේ...4+ දුන්නා.. :D:D



    මාත් දැක්කා කන්නෙලියේ ගියපු වෙලේ වල්ලපට්ට ගස්..

    DSC_00171.jpg


    රෙසින් සුවදයි ද බන් ?

    TFS
    Rep +
    :)

    Gas nam tiyenava katada sell karanne? :oo: :confused:


    :):):)
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    වල්ලපට්ට සල්ලිවලට ගන්න අය නෑද්ද ?