වල්ලිපුරම්_ටීචර්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
වල්ලිපුරම්_ටීචර්

වල්ලිපුරම් ටීචර්



14462765_1314272518591695_3737923292000641868_n.jpg


උසස් පෙළ රසායනික විද්‍යා ගුරුවරියක වූ වල්ලිපුරම් මිය ජීවත් වූයේ වැල්ලවත්තේය​. ඇයගේ නිවෙසේ පැවැත්වූ රසායන විද්‍යා ටියුෂන් පන්තියට සිසු සිසුවියන් බොහෝ දෙනෙකු සහභාගී වූහ​. ඇය රසායනික විද්‍යාව ඉගැන්වූයේ සිංහල බසිනි.


1983 දී උසස් පෙළ ඇරඹි සමයේදී මම ඇයගේ වැල්ලවත්ත මාකට් එක අසල තිබූ ටියුෂන් පන්තියට ගියෙමි. මුලදී ඇයගේ සිංහල උච්චාරණය අසා සිනා ගිය නමුද පසුව අප මෙම උච්චාරණය පුරුදු වූයෙමු. ඇය " සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අඞගු ද්‍රේවණයක් " යනාදී වශයෙන් කැඩිච්ච සිංහලෙන් වූවද දක්‍ෂ ලෙස ඉගැන්වීම කලාය​. එසේම මුදල් පසුපස ඇය හඹා ගියේ නැත​. මේ නිසා වල්ලිපුරම් මහත්මියගේ ටියුෂන් පන්තියේ ඉබ්බන් (ටියුෂන් ෆීස් නොදී මග හරින්නන්) කිහිප දෙනෙක් ද වූහ​. මුදල් දුන්නොත් ගත්තා මිසක ඇය සිසුන් ගෙන් මුදල් ඉල්ලුවේ නැත​.


වල්ලිපුරම් ටීච උසස් පෙළ රසායනික විද්‍යාව සිලබස් එක දෙතුන් වරක් කරන්නීය​. එම නිසා සිසුන්ට එය පුනරුක්තියකි. ඇයට නිල් පැහැති මෝටර් රථයක් තිබූ අතර එය නිවෙස ඉදිරියේ නවතා තිබුනු බව මට මතකය​.


මේ කාලයේ 1983 ජූලි කලබල ආරම්භ වූ අතර වැල්ලවත්ත ප්‍රදේශයේ ද්‍රවිඩයන් ගේ නිවාස අග්නි දෙවියාට පුද කරනු ලැබීය​. එම භීම සමයේදී මට වල්ලිපුරම් මහත්මිය මතක් වූ අතර අපගේ ඊනියා දේශප්‍රේමීන් ඇයගේ නිවසටද පහර දී තිබේද යන කුකුස මතු විය​.


83 ජාතිවාදී මාරුතයෙන් පසු මමත් මගේ මවත් ඇයගේ නිවසට ගියෙමු. වාසනාවකට මෙන් මැරයන් ඇයගේ නිවෙසට පහර දී තිබුනේ නැත​. එහෙත් අසල්වැසි නිවාස කඩ ගිනිබත් කොට තිබේ. මේ කලබල අස්සේ වූවද වල්ලිපුරම් ලෙස ඉංග්‍රීසි බසින් ලියා තිබූ නිවාස නාම තහඩුව ඇය ඉවත් කොට තිබුනේද නැත​.


මේ ම්ලේච්ඡ ප්‍රහාර කෙරෙහි ඇය පෙන්වූයේ බියක් , කෝපයක් හෝ පසුතැවීමක් නොව උපේක්‍ෂා සහගත බවකි. එය එදා මම තේරුම් නොගත් නමුත් ඇය තුල තිබූ උච්ච මානසිකත්වය මම අද දිනයේදී තේරුම් ගනිමි.


1983 කලබල වලින් පසු මට තව දුරටත් වල්ලිපුරම් මහත්මියට මුහුණ දීමට අපහසු විය​. එසේම කලබල නිසා පන්තිද වරින් වර කල් දමනු ලැබීය​. එම නිසා මම දෙව් රුවන් අල්විස් මහතාගේ නුගේගොඩ පන්තියට ගියෙමි. ඉන් පසුව මට කිසි දිනෙක වල්ලිපුරම් මහත්මිය මුණ ගැසුනේ නැත​.


මෑතකදී වල්ලිපුරම් ටීච පිලිබඳව මුහුණු පොතේ සටහනක් මම දුටුවෙමි. ඇය වියපත්ව ගොසිනි . වෛද්‍යවරියක වූ ඇයගේ දියණිය පිළිකා රෝගය විසින් ගොදුරු කරගෙන තිබේ. ජීවිතයේ සැඳෑ කාලය ඇය දැන් ගත කරන්නේ උතුරේ ඇයගේ මහ ගෙදරය​.


වල්ලිපුරම් ටීච සිංහල දෙමල භේදයකින් තොරව සිසු සිසුවියන් බොහෝ දෙනෙකුට දැණුම දුන්නාය​. ඇයගෙන් ඉගෙනුම ලැබූ බොහෝ දෙනෙකු අද විද්වත් වෘත්තිකයන් වෙති. මුදල් වෙනුවෙන් ආත්මය පාවා දෙන ලෝකයක ඇය දරුවන්ට දැණුම දුන්නේ මුදල් පෙරදැරි කරගෙන නොව ආත්ම තෘප්තිය නිසාය​. මෙවැනි ගුරුවරියන් මුතු මැණික් මෙන් දුර්ලභය.




වෛද්‍ය රුවන් එම් ජයතුංග


 

superman1

Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    Man hamadaama kiyanne tamils la kiyanne bohoma saamakami minis kottaasayak!!! atharain pathara inne gon pakayo dethun denek aranne, ea minissunta ona eelamak nae, unta onae thamange paaduwe lankaawe jeewath wenna witharai!!!
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    පවු බන් ...

    අපහු සෙට් වෙලා බලන්න යන්න බැරිද ? කොච්චර සතුටු වෙයිද
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    වල්ලිපුරම් රන් සන්නස සහ වල්ලිපුරම් සංහාරය

    මුලතිව් දිස්‌ත්‍රික්‌කයට අයත් විශ්වමඩු පළාතේ පිහිටි වල්ලිපුරම් ගම අපට කිසි කලෙකත් අමතක නොවන්නේ මෙයට දශක කිහිපයකට පෙර එහි පොළව යට තිබී හමු වූ "රන් සන්නස" නිසාය. යාපනයේ සිංහල බෞද්ධ රාජධානියක්‌ තිබූ බව මේ රන් සන්නසෙහි සඳහන් විය. වල්ලිපුරම් රන් සන්නස ලෙස ප්‍රසිද්ධියට පත් මේ රන් පත අද කොළඹ කෞතුකාගාරයේ හෝ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරක්‌ෂිත ස්‌ථානයක තිබෙනවා විය යුතුය. යුද ජයග්‍රහණය සහ ත්‍රස්‌තවාදීන්ගේ පරාජය නිසා රටට උදා වූ යහපත් කාලය හේතුවෙන් වල්ලිපුරම සහ රන් සන්නස අද අමතකව ගොස්‌ තිබේ.

    එහෙත් පසුගිය සතියේ දී වල්ලිපුරම නැවතත් අපගේ මතකයට නැගුණේ එම ප්‍රදේශයෙන් හමු වූ මිනී වළවල් සමූහයක්‌ නිසාය. යුද සිරකරුවන් හැටියට කොටි සංවිධානය විසින් රඳවාගනු ලැබ සිට යුද්ධයේ අවසන් ගමනේදී වධ දී මරා දමන ලද සිංහල සෙබළුන් 26 දෙනකුගේ ඇටකටු මෙහි තිබිණ. අයවැය ඝෝෂාව හමුවේ යටපත් වී ගිය මේ පුවත ගැන ප්‍රසිද්ධියේ කතා කරන ලද්දේ ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ පමණි. මේ මිනී වළවල් යම් හෙයකින් දෙමළ ජනයාගේ ඇටකටු සහිත ඒවා බවට යන්තමින් හෝ සැක පහළ වී නම් මෙහි දිවගෙන ඒමට නියමිතව සිටි එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ බෑන් කී මූන් මහතා සහ වෙනත් පවිටු බලවේග අද නිහඬව සිටින්නේ මන්දැයි පසුගිය 26 වනදා මහරගම තරුණ සේවා සභාවේ පැවැති කැප්පෙටිපොළ සමරු උළෙලේ දී දේශනයක්‌ පවත්වමින් ඔහු ප්‍රශ්න කළේය. එය තමයි සැබෑ තත්ත්වයෘ හේග් නුවර යුද අපරාධ අධිකරණයට හැමදාම නඩු නැත. එය පවත්වාගෙන යැමට නඩු අවශ්‍යයි. මෙකී මිනී වළවල් දෙමළ ජනයාගේ වී නම් මහින්ද රාජපක්‌ෂ සහ ගෝඨාභය රාජපක්‌ෂ පතුරු ගසනු පිණිස මෙය අවස්‌ථාව කර ගන්නවා නියතය.

    සමූහ මිනී වළක්‌ යනු කිසියම් අරගලයක අමිහිරිම මතකය අවදි කරන සිහිවටන වෙති. දෙවන ලෝක යුද්ධයේදී සංහාරය කෙරුණු යුදෙව්වන් ලක්‌ෂ ගණනකගේ සමූහ මිනී වළවල් යුද්ධයෙන් පසු හමුවිය. ඉතියෝපියාව, එරිටි්‍රයාව, කොසෝවා, මොන්ටිනිග්‍රෝ, චෙච්නියා වැනි ප්‍රදේශවලින් අදටත් සමූහ මිනී වළවල් හමුවෙයි. එම ප්‍රදේශවල පැවැති යුද ගැටුම්වලින් අතුරුදන් වූවන් සෙවීම සඳහා එම ප්‍රදේශවල නිතර සැරිසරන අතුරුදන් වූවන්ගේ ඥතීහු සමූහ මිනී වළක්‌ ගැන ආරංචියක්‌ ලද සැණින් කඳුළු පෙරාගෙන ඒ තැන්වලට දිව යති. ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් අතුරුදන් වූ සෙබළ සංඛ්‍යාව දහස්‌ ගණනකි. ඔවුන් යළි කිsසිදාක නොඑතත් එතැයි යන අපේක්‍ෂාවෙන් ඔවුන්ගේ ඥතීහු මඟ බලාගෙන සිටිති. වල්ලිපුරම් සමූහ මිනී වළ යුද්ධයේ අඳුරු කාලය අපට සිහිපත් කරයි. කොතරම් වේදනාකාරී මතකයක්‌ වුවද වල්ලිපුරම් සමූහ මිනී වළට නිසි ප්‍රසිද්ධිය ලබාදිය යුතුය. එවිට ලංකාව බලා එමින් සිටිsන ප්‍රතිගාමී බලවේග තාවකාලිකව හෝ ආපසු හැරී යනවා ඇත.

    අවසන් සටන පැවැති වකවානුවේදී රතුකුරුස සංවිධානයද වල්ලිපුරමේ සිටි බව හෙළිව තිබේ. (ඔවුන් ප්‍රභාකරන්ගේ බංකරය තුළද සිටියේ යෑයි හෙළි වුණොත් පුදුම නොවන්නෘ) රත්නම් මාස්‌ටර් නමැති ත්‍රස්‌තවාදියාගේ අණ පරිදි සෙබළුන් 26 දෙනා ඝාතනය කර ඇත්තේ ඒ අතර ය. යුද්ධයේදී මළසිරුරු හුවමාරු කරන්නාගේ භූමිකාව කළේ රතුකුරුස සංවිධානයයි. එහෙත් වල්ලිපුරම් සංහාරය කර ඇත්තේ රතුකුරුසයට නොදන්වාය. දැන ගත්තත් කොටි ප්‍රදේශය තුළ රතුකුරුසය කුමක්‌ කරන්නද? යුද්ධයේ අවසන් කොටසේ දී රතුකුරුස සංවිධානය සහ සටන් විරාම කමිටුව අතර වෙනසක්‌ තිබුණේ නැත. ඒ යුගයේ දී බොහෝ නරක දේ දැක දැකත් නො දැක්‌කා සේ සිටීමට රතුකුරුසයට සිදු වූ බව අපි විශ්වාස කරමු.

    වල්ලිපුරම් මිනී වළ සම්බන්ධයෙන් කනගාටුව පළකිරීමක්‌ හෝ හෙළා දැකීමක්‌ මේ වන තුරු කිසිදු ජාත්‍යන්තර බලවේගයක්‌ විසින් කරනු ලැබ නැත. ජාත්‍යන්තර ප්‍රජාවේ එදිරිවාදී ආකල්පය මේ හැසිරීම තුළින් ඉතා කදිමට පැහැදිලි වේ.
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    උස්සපු තැනත් දාපන් උස්සලා දන්නේ නැතිව
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    ඉතිං මොකක්ද විශේෂය .
    උතුරේ දෙමළ ළමයින්ට උගන්නපු සිංහල ගුරුවරු කීදෙනෙක් කොටි මරලා දැම්මද?
    ඇයි ඒවා කථා කරන්න බය .