වල් බූරු මාධ්‍ය භාවිතය හා වෙබ් අඩවි තහනම

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
වල් බූරු මාධ්‍ය භාවිතය හා වෙබ් අඩවි තහනම

ජාතික ආරක්‍ෂාවට එරෙහිව ත්‍රස්‌තවාදීන් වෙනුවෙන් හඬ නඟන වෙබ් අඩවි මෙහෙය වන්නන්ට තවදුරටත් රටේ ප්‍රතිරූපය විනාශ කිරීමට ඉඩදිය නොහැකියි.

- රුසියානු අගමැති වැලඩ්මීර් පුටින්

විකිලික්‌ස්‌ වෙබ් අඩවිය මෙහෙය වූ ජුලියස්‌ අසන්ඡේ ඝාතනය කළ යුතුයි.

- හිටපු ඇමරිකානු උප ජනාධිපති අපේක්‍ෂිකා සාරා පාලින්

බ්‍රිතාන්‍යයේ නගර රැසක ඇතිවූ කලකෝලාහල, කඩසාප්පු ගිනිතැබීම් සහ කොල්ලකෑම් ව්‍යාප්ත වූයේ වෙබ් අඩවි ටුවිටර් සහ විවිධ බ්ලොග් මෙහෙය වන්නන් නිසා යෑයි බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පසුගියදා චෝදනා කළේය.

එලෙස ටුවිටර් අඩවි මගින් සාහසික ක්‍රියා පැතිර වූ දෙදෙනකුට ද බ්‍රිතාන්‍ය අධිකරණය විසින් සිරදඬුවම් ද නියම විය.

මෙයට පෙර ඇමරිකානු බලධාරීහු අල් කයිදා ත්‍රස්‌තයන්ට සංවිධාන වෙබ් අඩවි කීපයක්‌ විකාශනය කිරීම අඩපන කරනු ලැබීය.

එසේම ජුලියස්‌ අසන්ඡේගේ විකිලීක්‌ස්‌ වෙබ් අඩවිය ඇමරිකාවේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ යෑයි කියමින් වසා දැමීමට ද ක්‍රියා කළේය. මේ හැර ඇමරිකාවට තර්ජනයක්‌ එල්ල කළ ජුලියස්‌ අසන්ඡේ මරා දැමිය යුතු බවට ද ඇමරිකානු දේශපාලනඥයෙක්‌ විවිධ ප්‍රකාශ කර තිබිණි. එහෙත් ඇමරිකානු මාධ්‍ය සංවිධාන විකිලීක්‌ස්‌ වෙබ් අඩවිය වැසීම ප්‍රකාශන නිදහස උල්ලංඝනය කිරීමක්‌ යෑයි පවසමින් නිව්යෝර්ක්‌හි පෙලපාලි පැවැත්වූයේ නැත.

මේ පසුබිම යටතේ ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වන වෙබ් අඩවි සම්බන්ධයෙන් පියවර ගැනීමට රජය විසින් තීරණය විය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන වෙබ් අඩවි රජයේ ලියාපදිංචි විය යුතු බවට ද නියෝගයක්‌ පැනවිනි. එ සමගම කොටි හඬ ගුවන්විදුලියට ගුවන් හමුදාව විසින් බෝම්බ දැමීම වැරැද්දක්‌ යෑයි පැවසූ නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලය නමැති විදේශ අරමුදල් මත යෑපෙන එන්.ජී.ඕ. සුළුතර කණ්‌ඩායම වෙබ් අඩවිවලට එරෙහිව ක්‍රියාත්මකවීම හෙළා දකිමින් ප්‍රකාශයක්‌ විදෙස්‌ මාධ්‍යවලට යවා ඇත.

රජය මේ සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන සමග සාකච්ඡා කිරීමට ක්‍රියා කළේ නැහැ යෑයි එන්.ජී.ඕ. කාරයෙක්‌ කළ ප්‍රකාශය කොටි රූකඩය වූ බී.බී.සී. සේවාවේ ද පළ විය.

මෙහිදී නැඟිය යුතු ප්‍රශ්නය නම් රටේ නායකත්වයේත්, හමුදා නායකයන්ගේත්, මාධ්‍ය පාර්ශ්වයන්ගේත් චරිත ඝාතනයේ යෙදෙමින් දීන ක්‍රියාදාමයක යෙදෙන වෙබ් අඩවි සම්බන්ධ වැදගැම්මක්‌ නැති එන්.ජී.ඕ. කාරයන් සමග සාකච්ඡා කිරීමට රජය ක්‍රියා කළ යුතුද යන්නයි.

කොලම්බියාවේ ජනාධිපති ජුවාන් සැන්ටොස්‌ගේ රජය පසුගිය සිකුරාදා "පාක්‌" (FARC) ත්‍රස්‌ත නායක ඇල්සොන්සෝ කැනෝව ඔඩිසි මෙහෙයුම මගින් ඝාතනය කරනු ලැබීය.

එහෙත් කොලම්බියාවේ මාධ්‍ය එම ත්‍රස්‌ත නායකයා සුදු කොඩි එසවූයේ ද හා සුදුකොඩි ඔසවා සිටියදී හමුදාව විසින් මැරුවේද යෑයි පවසන්නයි හෙළි කරන ලෙස කොලම්බියානු ජනාධිපති වෙතින් ඉල්ලීමක්‌ කළේ නැත.

එහෙත් අද විශාලතම අමාරුව දැනී ඇත්තේ කීපදෙනකුට සීමාවූ නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලයටයි.

පසුගිය වසර කීපය තුළ ලෝකයේ කිසිම රටක නැති අයුරින් මාධ්‍ය ක්‍ෂේත්‍රය පාදඩකරණයට ලක්‌වූයේ විදෙස්‌ රටවල් සිට ක්‍රියාත්මක වන වෙබ් අඩවි මෙහෙය වන්නන් නිසාය.

මොවුන් ප්‍රභාකරන් මිනී මරද්දී නිහඬව සිටියහ. එහෙත් වන්නි මෙහෙයුමත් සමග ශ්‍රී ලංකා හමුදාවේ ප්‍රතිරූපය විනාශ කිරීමට ක්‍රියා කළහ.

වසර ගණනකට පෙර මෙරට පැවැති මහත්වරුන්ගේ මාධ්‍ය ක්‍ෂේත්‍රය විනාශ කිරීමට මේ වෙබ් අඩවි මෙහෙය වන්නන් ක්‍රියා කළහ.

පවුල් කඩාකප්පල් කිරීමේ සිට චරිත ඝාතන දක්‌වා අතිශයෝක්‌තියෙන් යුත් පුවත් විටින් විට පළ කිරීමට ද මේ පිරිස ක්‍රියා කරනු ලැබීය.

"මම විදේශගතවූවන් මගේ රටේ ප්‍රතිරූපයට ගැති කරන්නේ නැතැයි" බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයකු වූ වින්සන්ට්‌ චර්චිල් වරක්‌ පැවසීය.

එහෙත් මෙරට සිදුවූයේ එහි අනිත් පැත්තයි. මෙරටින් විදේශ රටවල පැනගොස්‌ විදේශ අරමුදල් මත වෙබ් අඩවි මෙහෙය වන්නන් නොකඩවාම සිදු කළේ රටට හානිකරදායි ක්‍රියාමාර්ගයන්ය.

මෙයට හොඳම නිදසුන කොටින්ගේ ටැමිල් නෙට්‌ වෙබ් අඩවියයි. කොටින්ව පුම්බමින් ශ්‍රී ලංකා හමුදාවට එරෙහි සාවද්‍ය තොරතුරු විකාශනය කිරීමට මේ වෙබ් අඩවිය ක්‍රියා කළේය.

එසේම බිහිසුණු මිනිස්‌ ඝාතන පොලිසියට පෙර එම වෙබ් ඩවිය විසින් හෙළි කරනු ලැබීය.

අතුරුගිරියේදී "කරුණාගේ කණ්‌ඩායමේ" පිරිසක්‌ ඝාතනයවීමේ සිද්ධිය මුලින්ම හෙළි කළේ ටැමිල් නෙට්‌ වෙබ් අඩවියයි.

එහි යථාර්ථය නම් ඝාතකයක්‌ සමග එම වෙබ් අඩවිය පැවැත්වූ සම්බන්ධතාවයයි.

එසේම ඇතැම් වෙබ් අඩවි ජීවිතේටවත් අසා නැති පුද්ගලයන්ට "මාධ්‍ය ඇඳුම" අන්දවා ඔවුන්ව ජාත්‍යන්තර ප්‍රජාව වෙත යොමු කළේය.

මේ හැර ඇතැම් වෙබ් අඩවි නඩු විභාග කළේය. පැමිණිලිකරු සාක්‌කිකරු ජූරිය සහ විනිසුරු ලෙස ද ක්‍රියා කර නඩු තීන්දු ද දුන්නේය. එහෙත් මෙරට ජනාතවට සිදුවූයේ බලා සිටීමටය.

මෙරටින් පැනගොස්‌ ජර්මනියේ සිටින ඡේ.ඩී.එස්‌. නමැති කොටි හිතවාදී මාධ්‍ය කණ්‌ඩායම ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධවලට සම්බන්ධ කිරීමට තවමත් උත්සාහයක යෙදී සිටී.

එහෙත් මොව්හු ලිබියානු හිටපු නායක කර්නල් ගඩාµsව කෲර ලෙස ඝාතනයවීම සම්බන්ධව මුනිවත රකී. ලිබියාවේ මෙන් ශ්‍රී ලංකාවේ ජනතාව ද උසි ගැන්වීමට එක්‌ වෙබ් අඩවියක්‌ උත්සාහ කෙරිණි.

මෙයට කලකට පෙර එක්‌ මාධ්‍ය සංවිධානයක අයෙක්‌ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට ද ලිපියක්‌ යවමින් රජය කොටින්ව මරන්න හදනවා, වහාම පියවර ගන්නැයි කියා සිටියේය.

තවත් මාධ්‍ය එන්.ජී.ඕ. කාරයෙක්‌ ජිනීවා නුවරට තොග පිටින් පෙත්සම් යෑවීය. එකී ප්‍රතිඵලය වූයේ ජී.එස්‌.පී. බදු සහනය නතරවීමයි.

එහෙත් කටුනායක නිදහස්‌ වෙළෙඳ කලාපයේ සේවය කරන ඇඟලුම් සේවක සේවිකාවන් තමන්ගේ රැකියාවට පහර ගැසූ මේ ෙද්‍රdaහීන් හඳුනාගෙන තිබේද?

තවත් වෙබ් අඩවියක්‌ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද අපරාධවලට වරදකරු කළේය. ඊශ්‍රායලය වැනි රටවල නම් මෙවැනි ෙද්‍රdaහී ක්‍රියාදාමයකට ඉඩ නොදේ. තවත් වෙබ් අඩවියක්‌ මෙරට ඉංගී්‍රසි පුවත්පතක කර්තෘ සහ මාධ්‍යවේදියෙක්‌ "ගී්‍රස්‌" යකුන් පසුපස ඇතැයි පවසා තිබිණි. එහෙත් මෙරට ප්‍රකාශන නිදහස නැතැයි ඝෝෂා කරන වුන් වල් බූරු නිදහස සිත් සේ භුක්‌ති විඳී.

මෙවන් පසුබිමක්‌ යටතේ රජය පමාවී හෝ වෙබ් අඩවි සම්බන්ධව පියවර ගැනීම ජනතාවගේ යහපතට හේතුවේ. එහෙත් මෙලෙස වෙබ් අඩවිවලට සීමා පැනවීම මාධ්‍ය ක්‍ෂේත්‍රය බිහිසුණු ලෙසින් මර්දනය කිරීමක්‌ යෑයි නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරිකයෙක්‌ කියා සිටී.

එම ප්‍රකාශයෙන් පෙනී යන්නේ රජය කඩු, කෙටේරි, පිස්‌තෝල, අත්බෝම්බ, මැෂින් තුවක්‌කු සහ ආර්.පී.ජී. රැගෙන වෙබ් අඩවි මෙහෙයවන්නන්ට පහර දී ඇති බවයි.

නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික කණ්‌ඩායම මෙරට මාධ්‍ය ක්‍ෂේත්‍රයේ උරුක්‌කරුවන් නොවේ. වන්නි මෙහෙයුම සමයේ ඔවුන් ක්‍රියා කළ අයුරු ආරක්‍ෂක බලධාරීහු දනී.

එසේම වන්නි මෙහෙයුම සමයේ ද්‍රවිඩ පුවත්පතක සේවකයකු බෝම්බ සූට්‌කේෂයක්‌ බස්‌ රියක තැබීමට ගොස්‌ අසු විය. එහෙත් එකවරම මේ වෙබ් අඩවිකරුවෝ ඔහුව මාධ්‍යවේදියකු බවට පත් කළහ.

පුවත්පතක කර්තෘට ලිපියක්‌ ලියන තැනැත්තා මෙන් මරණ දැන්වීමක්‌ පළ කරන්නා මෙන්ම පත්තර මිටි ප්‍රවාහනය කරන්නා මාධ්‍යවේදියකු නොවේ. එහෙත් "මඩ" වෙබ් අඩවි මෙහෙය වන්නෝ ඔවුන්ව ද "ප්‍රවීන මාධ්‍යවේදීන්" බවට පත් කළහ.

කොළඹ වැල්ලවත්තේ ධීවර සංස්‌ථා වෙළෙඳසලක මාළු කැපීමේ යෙදී සිටි තැනැත්තකු ද මාධ්‍යවේදියකු බවට හැඳින්වීය.

මෙම පසුබිම යටතේ "වෙබ් අඩවි" සම්බන්ධ රජය ගත් ක්‍රියාමාර්ගය ගැන විරෝධය දැක්‌වීම විහිළුවක්‌ නොවන්නේද?

රජය මේ ක්‍රියාමාර්ගය ගැනීමට පෙර තමන් සමග සාකච්ඡා කළ යුතු යෑයි පවසන එන්.ජී.ඕ. කාරයන් ඊළඟට කියන්නේ හමුදාව හෝ රහස්‌ පොලිසිය යම් ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට පෙර තමන්ගෙන් විමසිය යුතුය යන්නයි.

මෑතකදී ඕස්‌ටේ්‍රලියානු ද්‍රවිඩ කොන්ග්‍රසය ප්‍රකාශයට පත් කළ වාර්තාවකින් පෙන්නුම් කළේ ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධවල සම්බන්ධ බවට පුවත් වාර්තා 461 ක්‌ තමන් සතු බවයි.

මේ වාර්තාවලින් සියයට 90 ක්‌ම වෙබ් අඩවි වාර්තාවන්ය. දරුස්‌මාන්ගේ වාර්තාවට ද එකී වෙබ් අඩවි තොරතුරු ඇතුළත් වී තිබිණි. එසේනම් මේ වෙබ් අඩවි මෙහෙය වන්නන් කර ඇත්තේ රාජ්‍ය ෙද්‍රdaහී ක්‍රියාවක්‌ නොවේද?

කීර්ති වර්ණකුලසූරිය - දිවයින
 
  • Like
Reactions: sriboysl

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
bump

බල්ලො කරන පාහර වැඩ නිසා .. බලු බෙට්ටකටවත් නිදහසක් නැහැ. ඔය කාළකන්නි වෙබ් සයිට් වහලම දාන්න ආණ්ඩුවට කොන්දකුත් නැහැ. කාළකන්නි වෙබ් කරන එවුන් නිසා වැදගත් විදියට කරන වෙබ් සයිට්වලටත් එක එක දෙකයි පනහෙ නීති වලට යටත් වෙන්න වෙලා.

ඇස් පනාපිට පේන සමහර බොරු ඇත්ත වගේ අසික්කිත විදියට ලියන වෙබ් තියෙන්නෙ අතේ ඇගුලි ගානට උන්ට සදාචාරෙ උගන්නන්න බැරි විදියට උන් ශක්තිමත්. කොටියට ගහන්න බැරි කල කොටි හමට ගහනව වගේ ආණ්ඩුවත් කෙලින්නෙ ඉන්න පොඩිම එකාලට.

අපි ආසාවෙන් සමහර දෙවල් මිනිස්සු එක්ක බෙදාගෙන සයිට් එකක් රැන්ක් වලින් හදාගෙන ඉස්සරහට ආවෙ. අමුතු උණක් නිසා කරපු මේ කුණු ගොඩ වහන්න කාලෙ හරි. තිරිසන්නුන්ට ගිය රටේ අපිට මොන වෙබ් කලාවක්ද.

තමන් දන්න දේ ලොකෙට පෙන්න දාන එක අනික් රටවල තහනම් කරල තියෙනවද කියල මම දන්නෙ නැහැ. අපේ රටේත් තහනමක් තිබුනෙ නැහැ. දැන් ඉතින් බ්ලොග් එකක ලන්කාවෙ එකෙක් ගැන දාන්නත් මිනිස්ට්‍රි එකෙන් අවසර ගන්න වෙනව. ප්‍රවෘති වෙබ් කියන එක අර්ත දක්වල නැහැනෙ ඔය අමාත්‍යශයෙන්.
 
Last edited:

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ජාතික ආරක්‍ෂාවට එරෙහිව ත්‍රස්‌තවාදීන් වෙනුවෙන් හඬ නඟන වෙබ් අඩවි මෙහෙය වන්නන්ට තවදුරටත් රටේ ප්‍රතිරූපය විනාශ කිරීමට ඉඩදිය නොහැකියි.

    :yes:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    මචන් ඔය බ්ලොක් එකෙන් වෙන්නෙ ලංකාවෙ අයට බලන්න බැරි වෙන එක විතරයිනේ??
    ලෝකෙ අනිත් හැමෝටම ඔය නිව්ස් බලන්න පුලුවන්නේ?

    ඒක නිසා මේක සාර්තකද?
     
    Last edited:

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    ජාතික ආරක්‍ෂාවට එරෙහිව ත්‍රස්‌තවාදීන් වෙනුවෙන් හඬ නඟන වෙබ් අඩවි මෙහෙය වන්නන්ට තවදුරටත් රටේ ප්‍රතිරූපය විනාශ කිරීමට ඉඩදිය නොහැකියි.

    :yes:


    ඉතින් ඔච්චර තර්ජනයක් නම් N
    ame Registry ekata report කරල domain name eka ban කරන්න පුලුවන්නෙ. උන්ට නඩු දාල හිරේ දාන්න පුලුවන්නෙ. එහෙම කරන්න බයද..? නැත්තන් කරන්න බැරිද..?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ජාතික ආරක්‍ෂාවට එරෙහිව ත්‍රස්‌තවාදීන් වෙනුවෙන් හඬ නඟන වෙබ් අඩවි මෙහෙය වන්නන්ට තවදුරටත් රටේ ප්‍රතිරූපය විනාශ කිරීමට ඉඩදිය නොහැකියි.
    :yes::yes::yes: