ත්‍රෙඩ් ටයිටල් එකට මවුස් පොයින්ට් එක නොතියා ,වර ඇතුලට මගෙන් මැරුම් නොකා...
.
.
.
.
.
.
.
.
.
කතෘ - හසිත අනුරාධ - මොරටුව , ඉංජිනේරු පීඨය
ගත්තේ මෙතනින් - පරණ ත්‍රෙඩ් එකක්....නොදැකපු අයට බලාගන්න
http://www.elakiri.com/forum/showthread.php?t=683967

.
.
.
.
.
.
.
.
.
~වලාකුලු~
![]()
වලාකුලුු හැදෙන්න පුංචි ජල බිංදු නැත්තම් අයිස් කැට වලින්.වලාකුලු වර්ග කරන්න ජාත්‍යන්තර වලාකුලු සිතියම කියල එකක් යොදාගන්නවා
ඉහල වලාකුලු : හොම ,ජල බිංදු වලින් හැදිලා තියෙනවා.නිවර්තන ප්‍රදේශ වල කිමී 6000-18000 අතරයි මේවා තියෙන්නේ
මධ්‍යම වලාකුලු : බහුලවම ජල බිංදු වලින් සැකසිලා තියෙන්නේ.ඉතා ඉහල මට්ටමේ දී පමණක් අයිස් බිංදු වලින් හැදිලා තියෙනවා
පහල වලාකුලු : මේවා පොදුවේ සැකසී තියෙන්නේ ජල බිංදු වලින්
![]()
ස්තර වැහි වලාකුලු (Nimbostratus)
![]()
පොලව මතුපිට ඉදලා මීටර් 2000 දක්වා පහල එවා.වැස්ස , හිමපතනය ට බලා පානවා
ස්තර කැටි වලාකුලු (Stratocumulus)
![]()
මේවා තියෙන්නෙත් පොලව මතුපිට ඉදලා මීටර් 2000 දක්වා පහලට.මේ වලාකුලු වලින් සාමාන්‍ය වැස්ස , සිහින් පොද වැස්ස ලබා දෙනවා
උච්ඦ ස්තර වලාකුලු (Altostratus)
![]()
අලු පාට මේවා අහසේ ඒකාකරීව පැතිරිලා තියෙනවා
කෙඳි වලාකුලු (Cirrus)
![]()
මීටර් 5000 -13000 අතර පරාසයේ තමා තියෙන්නේ.කුඩා හිම කැටිති මගින් න්ඉර්මාණය වෙන්නේ
සෝම්‍ය කාලගුණයක් ඇති කරන්න බලපානවා
කැටි වැහි වලාකුලු (Cumilonimbus)
![]()
වායුගෝලයේ හැම ස්ථරයකම පැතිරී තියෙනවා.සෝම්‍ය කාලගුණයක් ඇති කරන්න වඩා වැදගත්වම බලපාන්නේ මේ වලාකුලුයි
මායාකාරී වලාකුලු (Contrails)
![]()
අහසේ ජෙට් යානා ගමන් කලාට පස්සේ සුදු පාට සිහින් රේඛා හැදිලා තියෙනවා.
මෙහි කෙටි කාලීන ගනීකරණයක් වෙනවා.යානයේ එන්ජිමෙන් පිටවෙන දුමාරයේ අංශු කැටි ගැසීමෙන් හා ජල වාශ්ප ගන වීමෙන් තමා මේවා හැදෙන්නේ
වායුගෝලයේ ඉහල ජලවාශ්ප ප්‍රමාණයක් රැදිලා තිබුනොත් මේ මාර්ග ඉක්මනට මැකිලා යන්නේ නැතිව ගොඩක් වෙලා තියෙනවා.
ස්තර වලාකුලු (Stratus)
![]()
මීටර් 2000 කලාපයක තමා මේවා තියෙන්නෙත්
පොලවට සේන්දු නොවෙන ගන මීදුමක් කියලත් කියන්න පුලුවන්.සිහින් පොද වැසි හා සැහැල්ලූ මීදුම් ඇති කරන්න බලපානවා
උස් කැටි වලාකුලු (Altocumulus)
![]()
ඉඳහිටලා සිරස්ව වර්ධනය වන වලාකුලූ වර්ගයක්.
කැටි වලාකුලු (Cumulus)
![]()
මේවා අයත් වෙන්නේ පහල සිට ඉහලටම පැතිරී යන වලාකුලු ගණයට.සුදු හෝ ලා අලු පාටයි
මේවා මගින් යහපත් මෙන්ම අයහපත් කාලගුනික තත්ව ඇති වෙන්න පුලුවන්
මේවා ආරම්භ්යේ ඉදන් කිලෝ මීටර් 1ක් විතර උසකුත් කිලෝමීටර් 1ක් විතර පලලකිනුත් යුතුයි
ලෙන්ටික්‍යුලර් (Lenticular)
![]()
කඳු වල පහල සුලං කලාපයේ තමා මේවා හැදෙන්නේ.සමහර වලාකුලු අහසේ පාවී යන ස්වරූපයක් දකින්න පුලුවන් උනත් මේවා එකතැනම තියෙන විදියකටයි පේන්නේ
මැමාටස් (Mammatus)
![]()
මේ වලාකුලු පුරවා තිබෙන මල්ලකට සමානයි.වලාකුලක පාදමේ ඉඳලා පහලට එල්ලිලා තියෙනවා මේවා.
******************************************************
කට්ටියට එක එක වර්ගයේ වලාකුලු ටිකක් බලාගන්න ඔන්න හදලා දැම්මා
කතෘ - හසිත අනුරාධ - මොරටුව , ඉංජිනේරු පීඨය
ගත්තේ මෙතනින් - පරණ ත්‍රෙඩ් එකක්....නොදැකපු අයට බලාගන්න
http://www.elakiri.com/forum/showthread.php?t=683967