දැං පදුරු වේසි උඹ දන්නව ද ප්‍රජාතන්ත්‍රවාදෙ ගැන???
දන්නව නම් මේ වගේ පොන්සි ත්‍රෙඩ් දානව ද ගල් උලමෝ???
මේකේ උන් කැමතියි වළි නැතුව ඉන්න, බහුතර කැමැත්ත ඒක....
දැන් තොට ආතල් ගන්න වළි දාගන්න යන්නේ තෝ දන්නව ද ප්‍රජාතන්ත්‍රවාදෙ ගැන????
නිකං ඉක පුරා ගන්නෙ නැතුව පලයං මහත්තයො යන්න...
එනව ප්‍රජාතන්තරේ ගැන කියවන්න.............
රිදෙයි!![]()
ඔබතුමාගේ වාග් විලාසයෙන්ම තේරුම් ගන්න පුළුවන් ඔබතුමා නියෝජනය කරන්නේ සමාජයේ මොන ජන කොට්ටාශයද කියලා. ඔබතුමාට ඒක සාමාන්‍ය දෙයක් වුනාට මට එහෙම කතා කරන්න අමාරුයි. මොකද මම හැදිලා වැඩිලා තියෙන්නේ ශිෂ්ට සම්පන්න සමාජයක් තුල නිසා. කමක් නෑ.
ඒත් ඔබතුමා ප්රජාතන්ත්රවාදය කියන එක දන්නවා කියල හිතන් කතා කලාට ඇත්තටම ඔබ තුමා දන්නේ ප්රජාතන්ත්ර වාදය කියන එකේ අර්ථ දැක්ම විතරයි. ඒක නම් දැන් ඉන්න 5 වසරේ පොඩි එකෙකුත් දන්නවා. ඔබතුමාට නොදන්නා දේ තමයි ප්රජාතන්ත්ර වාදය තුල සුළුතරයගේ මතවාද වලට ඉඩක් තියෙනවා කියන එක. සුළුතරයට තමන්ගේ මතවාද ඉදිරිපත් කරන්න, ප්‍රකාශ කරන්න සහ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න අයිතියක් තියෙනවා නෛතික රාමුවක් තුල පවතින තාක් කල්.
ඒ නිසා මට මගේ අදහස thread එකක් තුලින් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. ඒක පිළිගැනීම හෝ නොගැනීම ඔබතුමාගේ බුද්ධි මට්ටම සහ පරිකල්පන හැකියාව මත රඳා පවතිනවා.
අන්තිමට කියන්න තියෙන්නේ ඔබතුමාට වුනෙත් කොට්ටෝරුවට වෙච්ච දේමයි කියල. මොකද ඔබතුමා හිතුවේ නෑ කවදාවත් කවුරුවත් තමන්ගේ දැනුම තුලින් ඔබතුමාට අභියෝගයක් වෙයි කියලා. කියන්න දේවල් තව ගොඩක් තියෙනවා. එත් ඒ දේවල් ඔබතුමාගේ බුද්ධි පරාසය තුලට ගෝචර වෙයි කියලා මම හිතන්නේ නැති නිසා තව දුරටත් කතා කිරීමෙන් වැළකිලා ඉන්නවා.










