වවලා export කරන්න ?

Sen-lu

Well-known member
  • තෙල් කීවේ මචං වල් වලට ගහන එකට
    එකට එකක් ගණන් වැඩි
    දැන් ටැංකියක් ගහන්නත් අශ්ප ගණන්
    අනික පෝර (දැන් කෑ ගැස්සනේන වැඩි)
    කැඩුම් කුලිය
    කප්පාදු කිරිලි
    පාළු හිටවිලි
    දළු කඩලා ලොරියට දෙන්න පාරකට එහෙම ගෙන්නත් තියෙනවා එවා අදින්න පියාජියෝ කුලි දැන් ඩබල් ට්‍රිබල්

    ඩොලර් එක අප් උන නිසා ලැබෙන ගාණ වැඩි උනා තමා. හැබැයි ඊට වඩා සැහෙන්න අනික් වියදම් වැඩි වෙලා. හිතපන් වත්ත තියෙන්නේ ටිකක් දුරින් කියලා. එකට යන්න (සුපර්විෂන් එකට) වාහනෙට ගහන තෙල් වලින්ම කැල් කිරිල්ල පටන් ගනින්කෝ.

    මේ හැමදේම දෙගුනෙ තුන්ගුනේ ගණන් ගිහින්. යන එකක් ආදායම් ලැබෙන නිසා ඇදන් ගියාට අළුතෙන් පටන් ගන්නවා නම් මම කියන්නේ දෙපාරක් තුන්පාරක් හිතපල්ලා කියලා.

    දැන ගන්න මොනා හරි දෙයක් තියේනම් අහපල්ලා. දන්න විදියට කියලා දෙන්නම්
    තේ ටිකක් ගණන් උනාට වැඩක්නෑ ක්රොප්එක අඩුයි. ෆැක්ට්‍රි වලට එන්නෙත් ජරා දලු.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,595
    9,369
    113
    තේ ටිකක් ගණන් උනාට වැඩක්නෑ ක්රොප්එක අඩුයි. ෆැක්ට්‍රි වලට එන්නෙත් ජරා දලු.
    ජරා දලු කියන්නේ බන් මොරපු දල්ලත් ඇල්ලෙනවා
    නැතුව කොහොමෙයි බන් වියදම් කවර් වෙන්නේ.
    හැබැයි ඉතිම් ලා දල්ල විතරක් ඉල්ලන එවාට ඒක වෙනම යැවෙනවා
    ඒ දල්ලට දෙන ගාණත් හොඳයි
    කලවමේ ගන්න එවාට ඔක්කෝම දානවා
     

    Sen-lu

    Well-known member
  • ජරා දලු කියන්නේ බන් මොරපු දල්ලත් ඇල්ලෙනවා
    නැතුව කොහොමෙයි බන් වියදම් කවර් වෙන්නේ.
    හැබැයි ඉතිම් ලා දල්ල විතරක් ඉල්ලන එවාට ඒක වෙනම යැවෙනවා
    ඒ දල්ලට දෙන ගාණත් හොඳයි
    කලවමේ ගන්න එවාට ඔක්කෝම දානවා
    නෑ බං නෑ මම කියන්නෙ ෆැක්ට්‍රි දුවන්න දලු ඕන ලොකු කම්පිටිෂන් එකක් තියෙනවනෙ දලු වලට එතකොට ඔහොම තෝර තෝර ගන්න බෑ. අනික අපිට ෆැක්ට්‍රි වලට ගන්න පුළුවන් රේට්ස් තියෙනවනෙ එතකොට ලොකු තේරීමක් නෑ. මම ලගදි ගවර්මන්ට් දලු ටෙන්ඩර් එකක් ගත්ත දලු හොඳකමට නෙවේ දලු මදිකමට ගත්තෙ. නැත්නම් ලොවෙත් රජයෙ වතුවල ඒව ගන්නෑ
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    UK වල market කරන්න පුළුවන්, quality control එකක් තියන හරි හමං value added product එකක් තියනවා නම්, මට පී ඇම් එකක් දාන්න. Certifications වලට guide කරලා, export කරන්නත් උදව් කරන්නම්.
     
    • Like
    Reactions: devinfer98

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම එක බිස්නස් එකක් ප්‍රොමෝට් කරනවා මචන්. උන් කරන්නෙ, ඒ prodcuts මාකට් කරලා, buyersලා හොයා ගෙන, export කරන පාට් එක විතරයි. උන් උන්ගෙ ප්‍රොඩක්ට්ස් ගන්නෙ වෙනම ෆැක්ට්‍රි එකකින්.

    ඔය දෙකම එක පාර කරන්නත් බැරි කමක් නෑ. හැබැයි ඒ දෙක වෙන වෙනම වැඩ දෙකක්.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,595
    9,369
    113
    නෑ බං නෑ මම කියන්නෙ ෆැක්ට්‍රි දුවන්න දලු ඕන ලොකු කම්පිටිෂන් එකක් තියෙනවනෙ දලු වලට එතකොට ඔහොම තෝර තෝර ගන්න බෑ. අනික අපිට ෆැක්ට්‍රි වලට ගන්න පුළුවන් රේට්ස් තියෙනවනෙ එතකොට ලොකු තේරීමක් නෑ. මම ලගදි ගවර්මන්ට් දලු ටෙන්ඩර් එකක් ගත්ත දලු හොඳකමට නෙවේ දලු මදිකමට ගත්තෙ. නැත්නම් ලොවෙත් රජයෙ වතුවල ඒව ගන්නෑ
    එහෙමත් නෑ මචං
    වත්ත තියෙන එරියා එකේ ලොරි 5ක් (ෆැක්ට්‍රි 5ක්) වගේ දුවනවා
    දෙකක් විතර අළුත් දල්ල විතරමයි ගන්නේ
    ගාණෙත් දැනෙන වෙනසක් තියෙනවා
    උන් චෙක් කරනවා කියාන්කෝ මහ දඹ වැස්සේ උනත්
    අපි නම් එකට දෙන් නෑ
    කලවමේ ගන්න එකකට දෙන්නේ.

    ඇත්ත. තරඟයක් තියෙනවා. ගණන් ගැන එහෙමත් වතුකාරයෝ වතුකාරයොත් කතා වෙනවනේ.
     

    Sen-lu

    Well-known member
  • එහෙමත් නෑ මචං
    වත්ත තියෙන එරියා එකේ ලොරි 5ක් (ෆැක්ට්‍රි 5ක්) වගේ දුවනවා
    දෙකක් විතර අළුත් දල්ල විතරමයි ගන්නේ
    ගාණෙත් දැනෙන වෙනසක් තියෙනවා
    උන් චෙක් කරනවා කියාන්කෝ මහ දඹ වැස්සේ උනත්
    අපි නම් එකට දෙන් නෑ
    කලවමේ ගන්න එකකට දෙන්නේ.

    ඇත්ත. තරඟයක් තියෙනවා. ගණන් ගැන එහෙමත් වතුකාරයෝ වතුකාරයොත් කතා වෙනවනේ.
    පැත්ත කොහෙද බං
     

    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    තේ කරනවා
    ලේසි නෑ
    දැන් පොහොර, තෙල්, කුලී සහ අනෙක් වියදම් එක්ක මාර ගේමක් දෙන්න ඕනේ අළුතෙන් පටන් අරන් කරගෙන යන්න නම්
    this is so true machn.

    finding good labor will be one of the main challenges.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    ජරා දලු කියන්නේ බන් මොරපු දල්ලත් ඇල්ලෙනවා
    නැතුව කොහොමෙයි බන් වියදම් කවර් වෙන්නේ.
    හැබැයි ඉතිම් ලා දල්ල විතරක් ඉල්ලන එවාට ඒක වෙනම යැවෙනවා
    ඒ දල්ලට දෙන ගාණත් හොඳයි
    කලවමේ ගන්න එවාට ඔක්කෝම දානවා
    Location???

    Dan kiyak denawada dalu kadana kenekta???

    තේ නම් එපා වෙනව. ගොඩක් මහන්සි වෙන්න ඕන. හරියට දළු කඩන මිනිස්සු හොයා ගන්නත් අමාරුයි දැන්. හොඳ දළු ගන්න ඕන නම් මාස 3න් 3නට පෝර දාන්නත් ඕන. වැඩ ගොඩයි. ලොකු වියදමක් කරන්න, කට්ටක් කන්න පුළුවන් පටන් ගන්න. ආදායම නම් හොඳයි. මම නම් කුරුඳු දැම්ම. මුල් අවුරුදු 3 හරියට වල් නෙලල මේන්ටේන් කරන්න ඕන. පැල ලොකු උනාට පස්සෙ වල් වැවෙනවත් අඩුයි. පෝර ටික හරියට දාන්න තියෙන්නෙ
    දැන් අලුත් පරම්පරාවල අය දලු කඩන්න එන්නේ නෑ නේද...????
    ------ Post added on Apr 13, 2023 at 9:35 PM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,541
    1
    51,209
    113
    ප*යාගල
    sorry.com
    ඔව් බන්, කිලෝ 2ට වගේ වැඩී නම් පයිතොසනටරී කියලා සහතිකයක් ගන්න ඔන. එක සෙන්ට්‍රල් මෙල් එකෙන් හරි කටුනායක හරි එකෙන් හරි ගන්න පුලුවන්, USA KOREA වගෙ යවනවා නම් eපයිතෝ කියන එක ගන්න ඔන කෘශිකර්ම එකෙ ලියාපදිංචි වෙලා එක කරගන්න ඔන ඔන්ලයින්ම පුලුවන්. එත් සාම්පල් දෙන්න අපි මෙල් එක්ස්චෙන්ජ් හරි කටුනායක එයාපොර්ට් හරි යන්න ඔන.

    Etsy දාපං සේල් එනවා ටික දවසක් යද්දි ලංකාව දාල හදන්න බෑ වෙන රටක් දාල හදන්න. උබට පේනියර් bank accounts හරි ලින්ක් කරගන්න පුලුවන්. සෙල්ස් හැදෙනවා නිකම්ම. ගුඩ් ලක් ❤️❤️❤️
    Dry බෙලිමල් වගයක් සෙට් උනා බන් Etsy එකේ දාන්න කියල බැලුවෙ ,මේකටත් අර certificate ඔනේද
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Dry බෙලිමල් වගයක් සෙට් උනා බන් Etsy එකේ දාන්න කියල බැලුවෙ ,මේකටත් අර certificate ඔනේද
    ගන්න එක හොදයි බන් කිලො එක්කට වඩා වැඩි නම්
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    මචන්ලා මට පොඩි අදහසක් තියනවා හිස් ඉඩමක් ඇරන් වවන්න.
    කුරුදු, කහ, තේ, වගේ දේවල් වවන අය කවුද ඉන්නේ?
    මන් මචන් 8 5 ජොබ් එකක් කරන කෙනෙක් වෙන කෙනෙක් දම්මලා තමයි වවන්නේ
    සමානයෙන් මචන්ලා මේ උඩ ලිස්ට් එකේ හෝ මෙතන නැති දේවල් වලින් අඩු කාලයක් ඇතුලත වවලා විකුනන්න හරි export කරන්න පුලුවන් මොනවද?
    ලොකුම profit තියෙන්නේ මොනවා වලින්ද?
    තව මචන්ලා අඩුවෙන් maintain කරන්න ඔනේ මොන වගේ වගාවන්දා?
    සහ මේ වගේ දෙකට කොච්චර මුදලක් කරන්නේ ඔනේද මචන්ලා පැල ගන්න?
    තව මචන්ලා මේවා අතරින් raw material එකම යවන්නේ නැතුව value add කරලා profit කරන්න පුලුවන් මොනවාද?
    වැනිලා - හාවස්ට් එකට කාලයක් යනවා
    කුරුදු - අවුරුද්දෙන් හාවස්ට් ගන්න පුලුවන් තලන්න දන්න කෙනෙක් හොයාගන්න ඕනි
    එනසල් - අතුරු භෝගයක් විදිහට වවන්න පුලුවන්
    කෙකෝවා - ඉඩ තියනවා නම් හිටවලා දාපන්. වත්ත වටේ මායිමට කිට්ටුවෙන් හිටවන්න පුලුවන්
    රට පුවක් - අවුරුදු 3-4න් ඵලදාව ගන්න පුලුවන් එක ගහකින් ගෙඩි 200ක් විතර ගන්න පුලුවන්. ඉදුනු පුවක් විදිහට ගෙඩියක් 10ට යනවා.
    කරුංකා විදිහට කිලෝ එකක් සමහර කාල වලට 2000ට කිට්ටුවෙන්න යනවා.
    කහ - දැන් ටිකක් මිල අඩුයි
    ඉගුරු - හොද මිලක් තියනවා කාලෙකට
    පැෂන් ෆෲට් - මිල හොදයි කිස්ට් එකට දෙන්න පුලුවන් තොග වශයෙන්
    අලවර්ග - (කිරි අල, මයියොක්කා, බතල, වැල් අල වර්ග, ආටිචොක්) හොද මිලක් තියනවා
    පොල් - මිල හොදයි. අවුරුදු 5න් පීදෙන පැල ගන්න. අක්කරේට ගස් 65ක් විතර දාන්න පුලුවන්ත අතුරු බෝග ගොඩක් දැම්මහැකි පොල් එක්ක.
    කෙසෙල් - ඇම්බන්, ආනමාළු, කෝලිකුට්ටු, සුවදැල් දාන්න මිල හොදයි

    ඉඩම තෝරාගද්දි සත්තු කරදර අඩු පැත්තකින් ගනින්. වල් උරන්ට නම් වැඩ ගහපුවාම ෂේප්. රිලව්, දඩුලේනා තමයි මාරම කරදරේ. අපේ පැත්තේ රිලවු නිසා මුකුත් වගාවක් දාන්න බෑ.