කෘති‍්‍රම බිත්තර යොදා කෙටි කෑම සෑදූ හෝටල් හිමියා අත්අඩංගුවට
කෘත්‍රිම බිත්තර යොදා කෙටි කෑම පිළියෙල කළ වවුනියාව නගරයේ පිහිටි හෝටලයක් නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වටලා එහි හිමිකරුට එරෙහිව නීති මගින් කටයුතු කොට තිබේ.
මෙම හෝටලයෙන් බිත්තර රෝල්ස් ඇනවුම් කොට එය ආහාරයට ගත් පාරිභෝගිකයෙකුට ඊට දමා ඇති බිත්තර රසය පිළිබද සැකයක් මතු වී ඒ ගැන හෝටල් හිමියාට දැණුම් දී තිබේ.
නමුත් ඔහු ඒ පිළිබද කිසිදු සැලකිල්ලක් නොදැක්වීම නිසා පාරිභෝගිකයා මේ සම්බන්ධයෙන් වවුනියාව නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැණුම් දී ඇත.
වහා හෝටලයට පැමිණි සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් හෝටලය පරීක්ෂා කිරීමේදී ආහාර වලට යොදා ඇත්තේ කෘත්‍රිම බිත්තර බව හෙළි වී තිබේ.
මේ දිනවල බිත්තර මිල ගණන් අධික නිසා හෝටල් හිමියා මේ ක්‍රියාව සිදු කරන්නට් ඇතැයි විශ්වාස කරණ අතර ඔහුට එරෙහි නීති මගින් කටයුතු කිරීමට පියවර ගෙන තිබේ.
දිවයින