වශී ගුරුකම් කථා

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    වශී ගුරුකම් කථා

    95610472_829977680845463_1774743605546582016_n.jpg
    මේක මගේ හොඳම යාලුවෙක්ටයි හිතවත් නංගි කෙනෙක්ටයි ඇත්තටම සිද්ධ වෙච්ච සිදුවීම් දෙකක්.

    මගේ යාලුවා විවාහ වෙන්න ඕන වයසෙ ඉන්න නිසා එයාගෙ අම්මා එයාට ගැලපෙන මනමාලයෙක් හොයන භාරදූර කටයුත්තෙ ගිලිල හිටියෙ. මේ වසංගතේ පටන් ගන්න මාස දෙක තුනකට කලින් පත්තරේක මංගල දැන්වීම් තීරුවෙන් එයාට මංගල යෝජනාවක් ඇවිල්ලා. මනමාලය කඩයක් කරගෙන යන තරුණයෙක්ලු. දෙමව්පියො විස්තර හුවමාරු කරගෙන පැහැදීමක් ඇති වුණු නිසා මනමාලි බලන්න එන්න දින නියම කරගෙන තිබ්බා. එදා මමත් මගෙ යාලුවගෙ උදව්වට එහේ ගියා. කට්ටිය ඇවිත් තිබ්බෙ ගොඩක් වටින නවීන පන්නෙ කාර් එකක. එයාල එද්දි ලොකු කේක් එකක් ගෙනත් තිබ්බා. ඒ පැත්තෙන් ඇවිත් හිටියෙ ඒ මනමාලයයි, අම්මයි, තාත්තයි, නෑදෑ අයියා කෙනෙකුයි (කාර් එක ඒ අයියගෙලු), තව වයස හැටක විතර පිරිමි කෙනෙකුයි. මේ පිරිමි කෙනාට මනමාල මහත්තය කතා කළේ "මාමා" කියල. ටිකකින් එයාල මේ කෙනාව හඳුන්වල දුන්නෙ මෙහෙමයි.

    "මේ අපේ කේන්දර බලන මාමා. මේ දුවගෙ කේන්දරේ හරි බලවත් එකක්. මේ කේන්දර ගොඩාක් හොඳට ගැලපෙන නිසා මාමටත් දුවව බලන්න එන්න ඕන කිව්වා. මාමා අපේ පවුලෙ කෙනෙක් වගේම හිතවත් නිසා අපි එක්කං ආවා".

    මේකෙ පොඩි අමුත්තක් මට දැනුනා. ඇයි දෙයියනේ කේන්දර ගැලපෙනව කියල ඒ මනුස්සයට කෙල්ල බලන්න ඕන වෙන්නෙ මොකටද? ඒත් ඉතිං මං ඒ වෙලාවෙ ඒක ගැන එච්චර හිතන්න ගියෙ නෑ.

    කොහොමහරි ටික වෙලාවකින් යාලුවගෙ අම්මා ගිහිං එයාව ඉස්සරහට එක්කගෙන ආවා. යාලුවව දැකපු මනමාලයගෙ සතුට කොච්චරද කියනවනම් කට කනේ. හැබැයි මගෙ යාලුවත් කට්ටිය ඉස්සරහ හිනාවෙලා හිටියට මොකද ඒක එයාගෙ නියම හිනාව නෙමෙයි කියල යාලුවව හොඳටම දන්න මට එයාගෙ මූණ බලපු ගමන් තේරුණා. මේ ගොල්ලො ටිකක් කතා කර කර ඉන්න අතරෙ යාලුවා හෙමීට මගෙ අතින් අල්ලගෙන එයාගෙ කාමරේට ගියපු ගමන් කිව්වෙ එයාගෙ හිතට මනමාලයගෙ පෙනුම හරිගියෙ නෑ කියලා. මටත් ඉතිං ඒක තේරිල තිබුණෙ. මමත් හෙමිහිට යාලුවගෙ අම්මට ඉඟි කරල එයාගෙ පණිවිඩේ දුන්නා. අම්මලටත් එච්චර පැහැදීමක් තිබ්බෙ නෑ කියල මට තේරුණා. එතන ඉඳන් කතාව ගියෙ ටිකක් ඇල්මැරුණු විදියට උනාට මනමාලයගෙ පැත්තෙන් නම් කතා කළේ පුදුමාකාර කැමැත්තකින්, උනන්දුවකින්.

    මේ අතරෙ අර මාමා කිව්ව කෙනා යාලුවට ආයෙ ඉස්සරහට එන්න කියන්න කිව්ව නිසා එයා ඉස්සරහට ආවා. ඒ මනුස්සය පුදුම උත්සාහයක් ගත්තෙ යාලුවව එයාට පේන විදියට වාඩි කරවගෙන කතා කරන්න. යාලුව හෙමින් සැරේ එතනින් මග ඇරල ගේ ඇතුලට ගියත් අර මාමා කියන මනුස්සයගෙන් බේරිල්ලක් තිබුණෙම නෑ , යාලුවට එයාල එක්ක කතා කරන්නම අඬගහනවා. කොටින්ම මේ මිනිස්සු මේ වෙද්දි ගෙදර අයට වදයක් වෙලා තිබ්බෙ. එයාල යන පාටක් පේන්න තිබ්බෙත් නෑ. ඔහොම පැය තුනක් විතර ඉඳලා යන්තම් එයාලට මතක් උනා ආපහු යන්න ඕන බව. ඉතිං මේ ගොල්ලො බොහොම හෙමින් නැගිටල ගිහිං කාර් එකටත් නැගගත්තා. යන්තම් ඒ කරදරෙන් බේරුණා කියල අපි හිතනකොටම මෙන්න අර මාමා යාලුවට ආයෙ වාහනේ ළඟට එන්නලු. මොකද මේ කියල අපිටත් හිතා ගන්න බැරුව ඉද්දි යාලුවා කාර් එක ළඟට ගියා. එතකොට අර මනමාලය හොඳ පැණි හිනාවක් එහෙම දාගෙන මොකක්හරි යාලුවගෙ අතේ තිබ්බා. එයත් ඒක අරගෙන හොල්මන් වෙලා වගේ අපි ළඟට ආවා. බලද්දි අතේ තිබ්බෙ කජු දාපු චොකලට් එකක් එක්ක කලු පාට ලස්සන අතේ බඳින නූලක්. නූලයි චොකලට් එකයි අල්ල මැද්දෙන්ම තිබ්බලු නූල හොඳට අතේ ගෑවෙන්න. එයාල ගියා විතරයි යාලුව ඒ දෙක එලියෙ පුටුවක් උඩට දැම්මා ගෙටවත් ගන්නෙ නැතුව. දැන් කට්ටිය අතරෙ එකම කතා ගොඩයි. "නූල මොකක්ද?, ඇයි එහෙම දුන්නෙ?, මේවට මොකද කරන්නෙ?, මේ බන්ධනයක්ද?, අරකද, මේකද දාහක් ගැටලු. ඒ අම්මා නම් හොඳටම බය වෙලා හිටියෙ. ඒ නිසා ඒ නූල අල්ලල මිදුලෙනුත් එලියට විසි කරල චොකලට් එක ළඟපාත පිරිමි කෙනෙක්ට දුන්නා විස්තරෙත් කියලම. ඒ මනුස්සය ඒක අරං ගිහින් කාලා. ඒ සිද්ධිය ඉවරයි.

    අද මට මගෙ හිතවත් නංගි කෙනෙක් දුරකතන ඇමතුමක් දුන්නා. මාත් එක්ක කතා කර කර ඉන්න ගමන් එයාට වෙලා තියෙන සිද්ධියක් කිව්වා. පුදුමෙ කියන්නෙ අර මගෙ යාලුවට උනා වගේම දෙයක් මේ නංගිටත් වෙලා. එකම කොල්ලද කියන්න මම දන්නෙ නෑ. හැබැයි මෙයාලට නම් ඒක එච්චර ලේසියෙන් නැවතිලා නෑ. මේ නංගිගෙ අම්මා චොකලට් එක කඩලා. නංගියි එයාගෙ තාත්තයි ඒ චොකලට් එපා කිව්ව නිසා තව පොඩි ළමයි දෙතුන් දෙනෙක්ටත් දීලා අම්මා ඒක කාලා. එයාට ලැබිල තිබුණෙ හරිම ලස්සනට ගොතපු වලල්ලක් වගේ ලස්සන මහත පටියක්ලු. ඒක ලස්සන නිසා නංගිගෙ අම්මා ඒකත් එයාගෙ අතේ බැඳගෙන. ඒ නංගි කියනව දැන් එයාගෙ අම්මා නිතරම දවස තිස්සෙම ඒක දීපු කොල්ලා එක්ක කතා කරනවලු, වීඩියෝ කෝල් ගන්නවලු එක විකාරයයිලු. ඒ නංගි ඒ කොල්ලට කැමති නෑලු. ඒත් අම්මා කතා කරනවලු. අම්මට නංගිගෙ අකමැත්ත කියල තවත් කතා කරන්නෙ ඇයි ඇහුවම කියනවලු " එයා ගොඩක් හොඳ කෙනෙක්. උඹලට එයාගෙ හොඳ තේරෙන්නෙ නෑ" කියල. බැරිම තැන නංගිගෙ තාත්තා ඒ මිනිස්සුන්ට කතා කරල කියල " දුව මේ මංගල්ලෙට කැමති නෑ, ඒ නිසා දුවගෙ අම්මටවත් තවත් කතා කරන්න එපා" කියල. එතකොට එයාල කියනවලු "ඔයා ඔහොම කිව්වට දුවව කැමති කරල දෙන්නම් කියල ඔයාගෙ වයිෆ් කියනවා. ඒකයි අපේ පුතා කතා කරන්නෙ" කියල. ඒත් මේ අම්මා ඒ නංගිට කියන්නෙ නෑලු ඒ කොල්ලට කැමති වෙන්න කියල. ඒත් අම්මා මුලු ගැන්නි ගැන්නි කතා කරන එකේ කෙළවරකුත් නෑලු. මෙයාලට තේරෙනවලු මෙතන යන්නෙ වෙන මංගල්ලයක් කියල. කරන්නම දෙයක් නැති තැන ඒ නංගිගෙ තාත්තා මාතර කට්ටඩියෙකුත් හොයාගෙන. ඒ මනුස්සය කිව්වලු මේ තියෙන වසංගතේ ඉවර වෙනකන් දෙන්නට කතා කරන්න ඉඩ දෙන්න, නැත්නම් අම්මා ජීවිතෙත් නැති කර ගනී කියල. දැන් නංගිගෙ තාත්තා කොරෝනා ඉවර වෙනකන් බලන් ඉන්නවලු තොවිල් නටන්න.

    උදාරි ඉසංකා
    30/04/2020

    https://www.facebook.com/groups/atampahiya/permalink/3742773599128732/
     
    Last edited:

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    පුංචිගෙ කසාදේ
    _________________________

    අද උදේම කියවපු විවාහ යෝජනාවකට ආව මනමාලියෙක්ට චොකලට් කවන්න ලෑස්ති වුන කතාව නිසා ඒ වගේ මගේ අත්දැකීමක් ලියන්න හිතුනා.

    මම මන්තර ගුරුකම් වශී බන්ධන ගැන ලොකුවට විශ්වාස නොකරත් ඒ සිදුවීම ගැන අදටත් ලොකු කුකුසක් තියෙනවා. ඒක එහෙම වුනේ ඇයි කියල මට හිතාගන්න බෑ.

    ඒ ප්‍රධාන සිදුවීමට අමතරව තව අතුරු කතා විදියට මගේ පුංචි කාලෙ ලස්සන මතක පෙළක් තමයි මෙහෙම මතක් කරන්නෙ

    මේකෙ කතා නායිකාව අපේ අම්මගෙ පොඩිම නංගි නොහොත් මගේ පුංචි අම්මා. ඒ වෙද්දි අම්මගෙ පවුලෙ අනිත් හැමෝම විවාහ වෙලා හිටියෙ. නෑකම පුංචි අම්මයි දුවයි වුණාට මායි එයයි යාලුවො වගේ හිටියෙ. මම පොඩි වුනත් එයා හැමදේම කිව්වෙ මට, ඕනි තැනක එක්ක ගියේ මාව. අදටත් උබ බං ගාන් ඉන්න පුලුවන් ඕනි දෙයක් බය නැතිව කියන්න පුලුවන් සුපිරිම චරිතෙ.

    මේ සිදුවීම් වෙද්දි මම හය හත පංතිවල හිටියෙ. ආච්චිල, අපේ අම්මල පුංචිට මනමාලයො හොයන කාලෙ. ඒත් ඒ වෙද්දිත් එයාට ගමේම අවුරුදු ගානක ආදර කතාවක් තිව්නා. ඒත් ආච්චිලා ඒකට යුද්ධ ප්‍රකාශ කරල එයාට එළියට බහින්නත් තහනම් කරල තිව්නේ. ඉතිං පුංචි මම එනකං ඉදලා මාත් එක්ක මල් කඩන්න යනවා, පංසල් යනවා, කඩේ යනවා වගෙ ගජබින්න ඇදබාල තමයි ප්‍රේම කුමාරයා හම්බෙන්න ගියේ. ඔහොම හම්බෙලා එද්දි දවසක් සීයට ආරංචි වෙලා මම ඉස්සරහම බිම දාගෙන පුංචිට පොල්පිති පාරවලින් සැළකුවා. ඔහොම දරුණු තත්වයක් මැද්දෙ වුනත් පුංචි කපටි මොලෙන් කොහොම හරි ගේම ගැහුවා. ඒ වෙන්න බාප්ප ගැන මගෙත් අවුලක් තිව්නේ නෑ.. මාත් ඉතිං පුලුවන් හැටියට පරෙවියගෙ වැඩේ කරා.

    ඔය අතරේ එයාව බලන්න හැම සුමාන දෙක තුනකටම පාරක් මනමාලයො වඩිනවා. ඒක හරිම ජොලිබර මතකයක්. පවුලෙ බාලම කෙනා නිසා අනිත් මාමල පුංචිල එකතු වෙලා සාමාන්‍යයෙන් යම් දෑවැද්දක්, ගෙයක් එහෙම එයාට දෙන්න ලෑස්ති වෙලා හිටියෙ. ඉතිං මනමාලයො එනවා, මෙයා හෙප්පුව උස්සං ගිහින් රවල බලල එනවා, කාමරේට ඇවිත් අනේ ඒකගෙ දකුණු කනේ පාටයි වම් කනේ පාටයි ගැලපෙන්නෙ නෑ මට ඒ වගේ එකෙක්ද හොයන්නෙ ගගා ආච්චිලට දෙස් තියනවා. අනේ අර මිනිස්සු එයාල ගේන අයිසිං කේක් එකට හිලව්වට හොදට කාල බීල යනවා. ඔහොම තමයි චක්කරේ. ඒ කාලෙ නිකං හරි සතිඅන්ත පංති නොගියම ඊගාව දවසෙ මගෙන් යාලුවො අහන්න පුරුදු වෙලා හිටියා ගිය සතියෙත් මනමාලයෙක් ආවද කියලා...

    ඔහොම සෑහෙන ගානක් මනමාලයො ආව. සමහරු මුල් දවසෙ විතරයි. ආච්චිල, සීයලගෙ, මාමලගෙ හිතට ඇල්ලුවෙ නැත්නම් එකෙන්ම කැපිල යනවා. එයාලගෙ හිතට අල්ලන මනමාලයො දෙවනි තුන්වෙනි පාරත් එනවා. අන්න එදාට තමයි මම කැමති. මුල් දවසෙ හෙප්පුව අල්ලද්දි කවුරු එපා කිව්වත් පුංචිගෙ සාරි පොටේ එල්ලිල මාත් යද්දි සමහර නැන්දම්මලගෙ ඇස් නළලට යනවා. අන්න එතකොටම අපේ මව්තුමී පැනලා "මේ අපේ දූ.. පොඩිම කාලෙ ඉදන් පුංචිගෙ පස්සෙමයි" ගාල ටක්ගාල එයාගෙ අයිතිය සනාථ කරනවා😁

    ඉතින් මහතැන්වලින් අනුමැතිය ලද මනාලයො දෙවනි දවසෙ එද්දි මටත් මගේ පංගුව විදියට චොකලට්, කඩචෝරු උස්සන් එනවා. මම ඉතිං එව්ව කකා පුංචිගෙ ඔඩොක්කෙටම වෙලා ඉන්නවා..
    ඉතිං ආච්චිගෙ වැඩේම මට විවිධ රාජකාරි පවරන එක. ""පොඩි කෙල්ලේ මේ වැඩේ කරපාන්, මලියේ යං කොස් කඩන්න, චූටි මැනිකේ පොඩ්ඩක් මෙහෙ එන්න, දරුවෝ යං මාත් එක්ක වතුර ගේන්න............ """ ගමක වැඩ කියනවා මට.
    ඒ මොනා උනත් පුංචි මට කලින් කියල තියෙනවා මොකා මොනා කිව්වත් මනමාලයා යනකං එයාගෙ ගාවින් හෙල්ලෙන්න එපා කියල. ඉතිං ඒ රාජකාරිය කරල එපැයි අනික්වා කරන්න. මං ඉතිං ඉන්නවා.

    ඔහොම ආපු මනමාලයොත් එක එක ජාතියෙ අය. අපි එයාලගෙ හැඩ රුව ගුණ අනුව නාමකරණය කරල තිව්නා. බමුණා, බකමූණා, මාජූවානා, රත්ගමයා, රිටා, කොටා යනාදී ලෙස. නම් මතක තිව්නට කට්ටියව වෙන වෙනම මතක නෑ මට. වෙසක් කාලෙක ආව බකමූණා අපි එක්ක වෙසක් කූඩු හැදුවා. දෙවොල් මඩු දවසෙදි සීනිගම දේවාලෙ ලගදි ම හම්බුණු මාජුවානා මට ඒකාලෙ මගේ විතර උස ටෙඩීවලහෙකුයි පැටියෙකුයි අරන් දුන්නා. දැන් මාජුවානා බාප්පා ඉන්න තැනක්වත් දන්නෙ නැතත් ඒ වලහායි පැටියයිත් අදටත් ජීවමානව අපේ අල්මාරියක් උඩ ඉන්නවා...
    තව පුංචියි මමයි අම්බලන්ගොඩ යද්දි හම්බුන ඇන්ටියෙක් මට රටකජු අරන් දීල ටික දවසකට පස්සෙ පුතාව ඉස්සරහ කරන් ආව.. ඒ බාප්පා රටකජු.

    මනමාල පුරාණය ඔහොම වුනත් අපේ පුංචිය නෙවෙයි එකකටවත් කැමති වුනේ.. මනාලයගෙ බැරිනම් පරපුර ආපු වාහනේ හරි අඩුවක් පෙන්නල බෑ කියනවා..

    ඔය අස්සෙ මට කියනවා.. මලියෝ ඔය මොකා ආවත් මම යන්නෙ නෑ, සුකූ බාප්පා( ඔව් ඔව් ඒක තමයි එයාගෙ හුරතල් නම😁) ගේ හදල ඉවරයි. එයා ගාල්ලට රස්සාව හදාගත්ත ගමන් පැනල යනවා කියලා. පැනල යෑමක් ගැන මෙලෝ මලදානයක් මම නොදන්නව උනත් ඒ වෙද්දි ඒ බාප්ප හදල තිව්න ගේ මම දැකල තිව්නා. ගේ ලස්සනයි. අනිත් එක පයින් යන්න පුලුවන් දුරක තිව්නේ. ඉතිං ඔය නොදන්න බාප්පල එක්ක දුර යනවට වඩා ළග පාතකට පැනල නෙවෙයි බඩගාන් හරි යනව නම් හොදයි කියල මම හිතන් හිටියෙ.

    ඔහොම ඉද්දි තමයි දෛවෝපගත මනාල සම්ප්‍රාප්තිය සිදුවුනේ. ඒ වෙද්දි සීයල කපු නැන්දෙක් හයර් කරල එයා තමයි මනාලය කැන්දන් ඇවිත් තිව්නේ. පුංචිගෙ මනාල පෙරහැරේ මම නොහිටිය එකම දවස. එදා මම තාත්ත එක්ක කොහේ හරි ගිහින්. අපේ මල්ලි තමයි එදා ආච්චිලහ ගියේ. මට හොදට මතකයි මේකා මට ඇවිත් කිව්වා අක්කෙ කොට මාමෙකුයි, ගෙඩි ගෙඩි ආච්චියෙකුයි ආව කියල😁 ( ඒ නැන්දම්මගෙ මූණෙ ඉන්නො තියෙයි)

    කපු නැන්දා කියපු විදියට මනාලයට වෙනම හොද ගෙයක් තියෙනවා. ප්‍රසිද්ධ ඉස්කෝලෙක වැඩ කරන්නෙ. ඉස්කොලෙක කිව්වම හැමෝම හිතන්නෙ සර් කෙනෙක් කියලනේ. විදුහල්පති කෙනෙක් වෙච්චි අපේ සීයයි ගුරුවරු වෙච්චි මාමලයි කොහොමත් පුංචිට හොයල තිව්නෙ සර් කෙනෙක් නැත්නම් රජයේ ඉහළ ජොබ් එකක් කරන කෙනෙක්ව බව කපු ඇන්ටිව දැනුවත් කරල තිව්නේ. ඉතිං ඉස්කෝලෙක කිව්වම දිගින් දිගට අහල නෑ.

    ඒත් කොස්සකට තිව්නේ ඒ මනාලයා පුංචිට වඩා මිටියි. අනික නැන්දම්මගෙ පෙනුමයි හැසිරීමයි ටිකක් අවුල්. ඕවලට අපේ අම්මා එහෙම ටිකක් ලෙඩේ ඇද්දා තව ටිකක් බලමු කියලා. හැබැයි එදා ඔය මනාලයා ආව දවසේ මාතලේට බැදල ඉන්න අපේ ලොකු පුංචිත් ගෙදර ඇවිත් හිටියා. එයයි, තව මාම කෙනෙකුයි සෑහෙන්න ඒ මනාලයගෙ හොද කිය කිය ඕක කරන්නම හැදුවා.

    කොහොම හරි අපේ අම්මලත් එයාලගෙ ගෙදර ගියා. ගෙවල් දොරවල් ගැන නම් ලොකු අවුලක් තිව්නේ නෑ.. කෙරෙන්දෝ නොකෙරෙන්දෝ මට්ටමෙන් කතාව තිව්නා. ඔය අතරෙ බාප්පත් දෙතුන් පාරක් ආව ගියා. මට නම් කිසිම හොදක් පෙනුනෙ නෑ. මටත් පෙන්නෙ නෑ කියන්නෙ පුංචිට කොහොමත් හොදක් පෙන්නෙ නෑනෙ. යනකන් ඉදල පලු පැලෙන්න බනිනවා... මේ සැරේ නම් පැනල යන එක යනවමයි ගගා කුටු කුටු ගානවා. ඉස්සරහ ගෙදර නැන්ද අතේ සුකූ බාප්පට පණිවිඩ යවනවා...

    ඔහොම ඉද්දි වැඩේ ගැස්සුනා. මොකද ඒ බාප්පගෙ ගෙදර කියල අපේ අම්මල ගිහින් තිව්නේ ගාල්ලට කිට්ටු ගමකින් ඇතුළට යන ප්‍රදේශයක හදපු ගෙදරකට.. ඒත් අපේ එක මාම කෙනෙක් දවසක් වැඩට ගිහින් කෝච්චියෙ ගෙදර එද්දි කෝච්චිය ඒ අදාළ ප්‍රදේශයෙ තැනක ස්ලෝ කරලා.. මාම ඉතිං දොරේ ඉදන් වටපිට බලද්දි මෙන්න බොලේ අර වෙන්ඩ බාප්පිය කමිසෙකුත් නැතිව දාඩිය දාගෙන රේල් පාර අයිනෙ ගෙවල් පේලියක තිව්න පොඩි ගේක තීන්ත ගානවලු...

    මාම පස්සෙ විස්තර හොයල. බැලින්නම් කෙනා ඉස්කෝලෙක වැඩ කිව්වට ගුරුවරයෙක් නොවේලු.. මුරකරුවෙක් ලු.. අර පෙන්නපු ගේ එයාගෙ දුරින් නෑදෑ වෙන නැන්ද කෙනෙක්ගෙ. එයයි අම්මයි ඉන්නෙ අර රේල්පාර අයිනෙ ගෙදරලු..

    ඉතිං අපේ සීයල කපු නැන්දටත් ජාතිය අමතල ඒ මගුල හබක් කරල දාල.. පුංචිත් හරි සන්තෝසෙන් ඒත් උදේ හවස ආච්චිලට බැන බැන හිටියෙ.. තව නම් මගුල් අරන් ආවොත් ගෙදරින් යනවා කිය කිය..

    ඔහොම ඉද්දි අපේ පුංචි ලෙඩ වෙන්න ගත්තා. ඔලුවෙ කැක්කුමක් හැදෙන්න ගත්තා. බෙහෙත් ගෙනාවම හොද වෙනවා ආයෙ ටික දවසකින් හැදෙනවා. වමනෙට යන්න එනවා කියනවා.. ඒත් යන වමනයක් නෑ. මාත් ලගට වෙලා ඉන්නවා.. රෑ වෙද්දි වෙවුල වෙවුල උණ ගන්නවා.. එයාට ඔහොම වෙද්දි අර අපේ මාතලේ ලොකු පුංචිටයි තව මාම කෙනෙක්ටයි ඔහොම්ම වෙනවා කියලා කෝල් එනවා.. අපේ මල්ලිත් දිගින් දිගට ලෙඩ වෙලා ඉස්පිරිතාලෙ නතර කරනවා.. මම ඉතිං ආච්චිලහටම වෙනවා..

    පුංචි සනීප නැති නිසා මම ආච්චිගෙ ලග නිදාගත්තෙ.. දවසක් නිදන් ඉද්දි එක සැරේට ආච්චි අඩනව ඇහිල මම ඇහෙරෙනවා.. බැලින්නම් පුංචිට පිස්සු හැදිල වගේ කියවනවා අනේ මට යන්න දීපියව් කියලා.. ආච්චි එයාව අල්ලගෙන. මාව දැක්ක පාර අනේ මලියෝ මම්මා යන්න හදන්නේ අල්ලගනින් ගගා අඩනවා.. සීයත් පුංචිට බැන බැන ඉද්දි ගෙවල් කිට්ටුව නැන්ද කෙනෙක් කෝල් කරල කිව්වා අර මනමාලයා කට්ටියක් එක්ක ඇවිත් එයාගෙ ගේ ඉස්සරහ ඉන්නව කියලා... එපාර සීය වටේ පිටේ අයටත් අඩගහන් එළියට බැස්සම යන්න ගිහින්...

    මට අදටත් මතකයි පුංචි බිම වාඩි වෙලා එලිවෙනකන් දණහිස අස්සෙ මූණ ගහන් අඩ අඩ හිටිය හැටි...

    පහුවදාම ගමෙන් ඈත ඉන්න ලොකු මාම ඇවිත් එහේ එක්ක ගියා. ඊට පස්සෙ සීයල සාත්තර කියන කේන්දර බලන අය එක්කල මොන මොනවදෝ ගුරුකම් වැඩ කරා.. ඒව නම් මම දන්නෑ.. එයාල කියපු හැටියට පුංචිටයි තව පවුලෙ කිහිප දෙනෙක්ටයි මොනවද කරල ලු.. එයාල ගෙනාව කෑමක් කෑවද අහලා.. ඇත්තටම ඒ බාප්පල ගෙදර වත්තෙ හැදුනා කියාගෙන කෙසෙල් ඇවරියක් ගෙනල්ලා.. ඒක අපේ අර මාතලේ ලොකු පුංචිටමයි දීල තීන්නෙ. අපේ මල්ලිත්, ලොකු පුංචි ඇතුළු කීපදෙනෙක්ටම කැවිල තියෙයිලු... ඉතිං ඔය බන්ධන කපන්න එක එක ඒව කරා අපේ අය..

    ඔහොම මාසයක් වගේ ලොකු මාමලහ ඉද්දි පුංචිට සනීප වුනා.. මගේ නහයෙන් ඇඩිල්ල නිසාම එයාව ගෙදර එක්ක ආවා. ඒ ඇවිත් වෙනද වගේම හොදට හිටියා.. අර සුකූ බාප්ප එක්කත් යාලුකම තිව්නා. ආච්චිල උනත් එයාට ගැහුවෙ බැන්නෙ නෑ වෙනද වගේ..

    ඔහොම ඉද්දි එක දවසක් මම ගෙවල් කිට්ටුව පංතියකට ගිහින් ඒක පටන් ගන්නකං කෙල්ලො එක්කල කදේ දාන් ඉද්දි අපේ අම්මයි තාත්තයි එලෝ මෙලෝ නැතුව දුවනව දැකල ගිහින් ඇහුවා.. තාත්තා කිව්වා ඔයාගෙ පුංචි පැනල ගිහින් කියලා. ඉතිං මොන පංතිද මාත් දිව්වා. යද්දි ආච්චි පොලවෙ පස් කනවා.. සීය මුලු ගේ පුරාම තිව්න පුංචිගෙ මැහුම් අත්වැඩ, රෙදි බෝනික්කො, හදපු මල්ගස් සේරම ගිනි තියලා.( මටත් ඇඩුනා ඒක දැකල. මොකද පුංචි පැනල ගියාම මං ඒව ටික ගන්න බලන් හිටියෙ)
    දවල්ට උයන්න පොල් ගගා ඉදලා ආච්චි එහාට උනු ටිකට ගෙදරට ඇදන් හිටිය එක පිටින්ම ගිහින් තියෙන්නෙ.. එයාගෙ දේවල් වලින් අඩුවෙලා තිව්නේ හැදුනුම්පත විතරයි. කොහොමහරි හැමෝම හිතුවෙ පුංචි එයාගෙ ප්‍රේමවන්තයා නැත්නම් සුකූ බාප්ප එක්ක යන්න ඇති කියලා...
    තාත්තල මාමල මුලු දවසෙම එයාව හොය හොය ගියත් හම්බෙලා නෑ.. පහුවදා උදේ තමයි ඒ මනුස්සයා හම්බෙලා තියෙන්නෙ මල ගෙදරක නිදිවරල එද්දි.. පුංචි නෑ කියල අහල එයත් වැලපෙන්න තියාගෙන..

    එපාර තමයි කට්ටිය කෙලින්ම අර සිකියුරිටි මනමාලයා හොයන් ගිහින් තියෙන්නෙ. එයාල ගෙදර ඉදල නෑ.. අර ගෙවල් පේළියෙ කෙනෙක් කියලා කලින්දා රෑ වාහනයක් අරන් ගියාය කියලා. ඉතිං අපේ අය පොලීසිත් ගිහින් පුංචිව හෙව්වා.. ආරංචියක් ලැබුනේ නෑ.. ඊට දවස් තුනකට වගේ පස්සෙ 2009 අවුරුදු දවසෙ පුංචි කෝල් කරා. සිකුටරිටි බාප්පා එක්ක ආව, කසාද බැන්දය කියලා.

    ඉතිං ඊට පස්සෙ අපි මොනා කරන්නද. සීයා එයාව අතෑරල දාල හිටියා. ඒත් ආච්චි හැමදාම එයා ගැනම කියලා අඩල අඩල ලෙඩ වෙන්න ගත්ත පාර අපේ අම්මා මැදිහත් වෙලා ඒ දෙන්නා ගෙන්නුවා. හැබැයි ඒ පැත්තෙ කිසි නෑයෙක්ට මෙහේ එන්න දුන්නෙ නෑ. කොටින්ම බාප්පගෙ අම්මටවත්. පුංචිට හදල තිව්න ගේ ඒ දෙන්නටම දුන්නා.

    ඒත් ආයෙ ආවෙ ඉස්සරින් හිටිය පුංචි නෙවෙයි කියලා ඒ දවස්වල මගේ හිතට සෑහෙන්න දැනුනා. හිනා වෙවී සෙල්ලම් කරකර හිටිය විසේකාර චරිතෙ ආයෙ අපි දැක්කෙ නෑ. පුලුවන් තරම් මුලුගැන්විලා ඉන්න කෙනෙක් මිසක්.

    ගුරුකමක් හරි වෙන දෙයක් හරි ඒ සිදුවීමට හේතු වුනා.. (එදා පුංචි යනවා දැකපු ගමේ දෙතුන් දෙනෙක් අදටත් මතක් කරනවා රබර් සෙරෙප්පු දෙකක්වත් නැතිව පරණ ඇදුමක් පිටින් පුංචි පාරෙ දිව්ව හැටි) කසාද බැදපු දවසෙ ඉදන් හැම අවුරුද්දකම ඒ නැන්දම්මයි බාප්පයි පුංචිව දේවාලෙකට එක්ක යනවා. මුලදි විරුද්ද වුනත් දැන් එයත් ඔහේ යනවා. ඔය හැම එකකම එකින් එක සම්බන්ධයක් ඇති.
    ඒත් දැන් ඒ ජීවිතවල ඉරණම කියවිලා ඉවර නිසා ඒව හාර අවුස්සන එක තේරුමක් නැති නිසා හැමෝම නිහඩ වෙලා ..

    දැන් එයා ළමයි දෙන්නෙක්ගෙ අම්ම කෙනෙක්. එයා සතුටින්ද කියල නම් මම දන්නෑ.. ඒත් ඒ එයාට ඕනි වුනු ජීවිතේ නෙවෙයි කියල විතරක් මට දැනෙනවා. ඒ හිතට එබිලා ඒ ගැන අහන්න ඒ කාලෙ මම පොඩි වැඩියි. දැන් පරක්කු වැඩියි. අර පුංචි කලින් යාලු වෙලා හිටිය කෙනා අදටත් තනිකඩයි. එයාව දැනුත් පුංචිට මුණගැහෙනවා. එතකොට පුංචිගෙ හිතට මොනවා දැනෙනවද කියල හිතන්න මම දැන් උත්සහ කරන්නෙ නෑ.

    https://www.facebook.com/groups/atampahiya/permalink/3744264868979605/
     
    Last edited:
    • Sad
    • Like
    Reactions: chande and HSW

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet

    අඩෝ පව් බ​න්:angry::(
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113

    මාතර කට්ටඩියෙකුත් හොයාගෙන.

    ඉසර නම් දක්ෂ පොරවල් හිටියලු ඒත් දැන් නම් හොයාගන්නවත් නෑ
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    adooo patta bn ❤❤❤ thawa dapanko me wage danna stories math daana ewa kotannam free welwaka
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔහොම වශී කරවගන බැන්දට අවුරුදු පනහ පනිද්දිම වගේ මැරෙනව. වශිය කියල කවන්නෙ විසක්. ඕක වමනෙ කරවන්න ඕන.
     
    • Like
    Reactions: DXB2021

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    වේසියක්ට වශී ගුරුමක් කරල හරි සෙට් කරගන්න ඇම්ම තිබ්බ කියල මතක් වෙනකොට මටම මගේ පුක හපාගෙන මැරෙන්න හිතෙනවා. :baffled:
     
    • Haha
    Reactions: Mandalorian

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අර පුංචිගෙ කතාව නම් පව් බං.පිච්චි පිච්චි ඉන්නව ඇත්තෙ.මිනිහටයි මහ ගෑණිටයි හොඳක් වෙන්න හොඳ නෑ.
     
    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    643
    542
    93
    ඔහොම වශී කරවගන බැන්දට අවුරුදු පනහ පනිද්දිම වගේ මැරෙනව. වශිය කියල කවන්නෙ විසක්. ඕක වමනෙ කරවන්න ඕන.
    Ow habai. Math ahala thiyenawa. Washi gurukam karanna kellonta period hadeddi yana le kemata mishra karala kanna denna onelu. Ewa badawel wala alawila passe pilika unath hadennath puluwn lu. Aththatama adareyak thiyena ekek nam owa kanna denna puluwan da kiyapnko. Eka thiyenneth sathiyak witharalu anika