වසන්තිට මොරටුවෙන් නිවසක්

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
වසන්තිට මොරටුවෙන් නිවසක්

ආර්ජන්ටිනාවේදී පැවැති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් 2000 බාධක දිවීමේ තරඟයෙන් ලෝකඩ පදක්කම දිනාගත් මලල කී‍්‍රඩිකා පාරමී වසන්තිට ලක්ෂ 30 ක් පමණ වටිනා නිවසක් පිරිනමන ලදි.

බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (26) පෙරවරුවේදී මෙම නිවස ඇයට පරිත්‍යාග කරන ලදි.

හලාවත ප‍්‍රදේශයේ කී‍්‍රඩිකාවක් වන පාරමී වසන්ති ක්‍රීඩිකාවගේ පුහුණුවීම් සාර්ථකව කරගෙන සඳහා මොරටුව, අඟුලාන ප‍්‍රදේශයේ පිහිටි ‘සයුරුපුර’ නිවාස සංකීර්ණයේ නිවසක් ඇයට පරිත්‍යාග කෙරිණ.

පාරමී වසන්ති ජාත්‍යන්තර මට්ටමේ ජයග‍්‍රහණ ලබාගනිමින් ලංකාවට කීර්තියක් ගෙනදුන් මළල ක්‍රීඩිකාවකි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි සහ ශාන්ත අබේසේකර යන මහත්වරු ද පාරමී වසන්තිගේ මව වන එම්. රීටා මාග‍්‍රට් මහත්මිය ද පියා වන කේ. එම්. අන්තෝනි තියර්ඩෝර් මහත්මයා සහ පුහුණුකරු වන ජනිත ජයසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.



image_ab70a0ca9f.jpg



image_c0eb6efcbd.jpg


image_23faa6bdab.jpg
 
  • Like
Reactions: Kotiyagoda Sunil