වසවිස නැති ආහාර

leodilshan

Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    වසවිස නැති ආහාර

    Safe foods for a healthy lifestyle - සුව දිවියකට වසවිස නැති ආහාර
    brinjals.jpg

    වම්බටු - Brinjal - Solanum melongena​
    අදත් තරමක් වෙනස් මාතෘකාවක් සාකච්ඡා කරන්නටයි ‍'සොබාරූ' අදහස් කර‍න්නේ. වෙළඳපොළේ දක්නට ලැබෙන බහුතරයක් එළවුළු, පළතුරු ආදියට විෂ රසායන ද්‍රව්‍යයන් ඉතා විශාල ප්‍රමාණයන්ගෙන් යොදන බව නිරන්තරයෙන් අසන්නට ලැබෙන කාරණයක්. නිකමට හිතා බලන්න දීර්ඝ කාලීනව එම රසායන ද්‍රව්‍යයන් යෙදූ ආහාර පරිභෝජනය නිසා ඇති වීමට ඉඩ ඇති රෝගාබාධ පිළිබඳව.

    මේ තත්ත්වයන් මගහරවා ගැනීමට හොඳම විසඳුම ලෙස මා දුටුවේ ගෙවත්තේ ඉඩ තිබෙන තැන් වල තමන්ට හැකි ආකාරයට යමක් වගා කර ගැනීමයි. වාණිජ වගාවකදී මෙන් ඉතා සරුසාර අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වුණත් අවම වශයෙන් මාගේ දරුවාගේ පරිභෝජනයට ප්‍රමාණවත් තරම්වත් යමක් වගා කර ගන්නට මා සමත් වුණා.

    ගෝවා කොළ යනු මා ඉතාම ප්‍රිය කරන ආහාරයක්. නමුත් නුවරඑළි ගිය වතාවකදී ගෝවා පාත්ති වලට රසායන ද්‍රව්‍ය යොදන අයුරු ඇස්දෙකින්ම දුටු දා පටන් මම ගෝවා කෑම අතහැරියා. ගෝවා ගෙඩියට යොදන රසායනයන් ඉවත් නොවී බොහෝ කාලයක් රැඳී තිබෙන බව නිරීක්ෂණය වුණු කාරණයක්. නමුත් ගෝවා කෑමට මගේ ඇති පෙරේත කමත්, ගෝවා ඉතා හොඳ ‍පොටෑසියම් ප්‍රභවයක් වීමත් නිසා මා ඊට විකල්පයක් සොයා ගත්තා. එනම් කුඩා බඳුන් කීපයක ගෙවත්තේ ගෝවා පැළ කීපයක් වවා ගැනීමයි. නුවරඑළියේ ගෝවා තරම් රවුමට ලොකුවට නොවැඩුණත් මැල්ලුමකට ගෝවා කොළ කීපයක් කඩා ගන්නට එය ප්‍රමාණවත්.
    cabbage.jpg

    ගෝවා - Cabbage - Brassica oleracea​

    මේ තියෙන්නේ කුඩා බඳුන් කීපයක වවා ගත් තක්කාලි ගස් කීපයක්. පළතුරක් හැටියට වුණත් හිතේ බයක් නැතිව කඩාගෙන කන්නට පුළුවනි.
    tomatoes.jpg

    තක්කාලි - Solanum lycopersicum​

    තක්කාලි ගස අවට බිම කල්පනාවෙන් බැලුවොත් වගා කර ඇති ගොටුකොළ සහ අනෙකුත් පළා වර්ග දකින්නට පුළුවනි. ඇත්තටම දැන්නම් පළා වර්ග වෙළඳ පොළෙන් මිලදී නොගන්නා තරම්. මේ තියෙන්නෙ තවත් මා ප්‍රිය කරන පළා වර්ගයක් වන කතුරු මුරුංගා..
    kathurumurunga.jpg

    කතුරුමුරුංගා - Sesbania grandiflora​

    කොයිතරම් පරිස්සමෙන් සාත්තු සප්පායම් කරත් අසාර්ථක වෙච්චි බෝගයක් තමයි රාබු. කොළ ලස්සනට හැදුනට අලය එතරම් විශාලව වැඩුණේ නෑ. ඒත් ඉතින් කමක් නෑ. අපිම පැළ කරගත්තුවා නිසා බොහොම ආඩම්බරෙන් තමයි ආහාරයට ගත්තේ...
    rabu.jpg

    රාබු - Raphanus sativus​

    වියළි කලාපයේ සාර්ථකව හැදෙන තුඹ කරිවිල විශාල වැලක් අපේ වත්තේ සාර්ථකව හැදුණා. කොළයක් ගානෙ මල් පිපිලා පුංචි පුංචි ගෙඩි ආවත් ඒ එකක්වත් සාර්ථක වුණේ නෑ. කෘෂිකර්ම උපදේශක තුමාටවත් ඒකට විසඳුමක් දෙන්නට බැරි වුණා.

    thumba.jpg

    තුඹ කරවිල - Momordica cochinchinensis​
    ගෙවත්තේ තියෙන පුංචි ඉඩකඩ කළමනාකරණය කරගෙන මේ දේවල් කරන්නට වෙන නිසා බොහෝ පැළ වගා කළේ බඳුුන් තුළයි. මේ තියෙන්නේ එහෙම බඳුන්ගත කළ මාළුමිරිස් වගාවක්.
    capsicum.jpg

    මාළුමිරිස් - Capsicum annuum​

    මේ තියෙන්නෙ අපේ නිවිති මැස්ස. පරිප්පු හොද්දකට නිවිති කොළ දෙක තුනක් දාල ගත්තම හරිම රසයි. මගේ පුංචි දරුවාගේ ආහාර වේලට හැමදාම මොනයම් ආකා‍රයේ හෝ පළා වර්ගයක් එකතු කරන්නට මගේ පුංචි ගෙවත්ත සෑහෙන්න උපකාර කරනවා.
    nivithi.jpg

    නිවිති - Talinum paniculatum​

    එළවුළු, පළා වර්ග වලට අමතරව අපි පළතුරු හා ඖෂධීය වටිනාකමින් යුතු පැළ වර්ග කීපයක්ම වගා කර ගෙන තියෙනවා. මේ තියෙන්නෙ නමිනං (නංනං) ගහක්. හැබැයි ඉතින් වැඩිපුරම මේක පරි‍භෝජනය කරන්නෙ අපේ වත්තට එන කුරුල්ලෝ තමා...
    nannan.jpg

    නමිනං - Cynometra cauliflora​

    දැන් මේ සටහන දැක්කම හිතන්න එපා මට අක්කර ගණනක ගෙවත්තක් තිබෙනවා කියා. ඇත්තටම පර්චස් කීපයක ඉඩක් වුණත් ඉඩකඩ කළමනාකරණය කර ගත්තොත් මේ වගේ යමක් වගා කර ගැනීම අසීරු නෑ. ආහාරවලට වස විස කවලම් කරනවා කියමින් කෑගහමින් සිටීම පලදායක නෑ. අඩුම වශයෙන් දරුවන් වෙනුවෙන් වත් යමක් සිටුවා ගැනීමයි වැදගත්.

    ‍මගේ ගෙවත්ත ගැන පෙර ලිපි :

    1. http://sobaroo.blogspot.com/2013/01/blog-post_19.html

    2. http://sobaroo.blogspot.com/2012/07/1.html

    3. http://sobaroo.blogspot.com/2012/07/2.html

    4. http://sobaroo.blogspot.com/2012/05/blog-post_18.html
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මමත් ආසම සබ්ජෙක්ට් එකක් තමයි මචන් ඔය වගා කරන එක. උබට කියන්න, මමත් ගොඩක් දේවල් අපේ ගෙවත්තේ වගා කරලා තියෙන්නේ,

    මිරිස් වර්ග ගත්තොත් අමු මිරිස්, වැරණියා මිරිස්, මාළු මිරිස්, නයි මිරිස්, කොච්චි. කොල වර්ග ගත්තොත් කොල ගෝවා, ගෙඩි ගෝවා, ගොටු කොල, මුකුණුවැන්න, නිවිති, කතුරු මුරුංගා, තොර, කොවක්කා, කුරිඤ්ඤන්, කිරි අගුන. එළවළු වර්ග ගත්තොත් රාබු, පුහුල්, ලබු, බන්ඩක්කා, වම්බටු, මෑකරල් සහ බොහොමයක් අල වරග සහ පලතුරු වර්ග වවලා තියෙන්නේ. මම ඒ ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිටියෙ බන්, එත් වෙලාවක් උනේ නැහැ, අපේ දරු පැටියට අපි බයක් සැකක් නැතුව ඒ හැම දෙයක්ම කන්න දෙනවා, 99%ම වස විස වලින් තොරයි කියන එක අපිට විස්වාසයි.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    patta neh :D
     
    irshadhhh

    Junior member
  • Feb 1, 2009
    186
    6
    18

    Machan, umba gana harima aadambarai ban.

    aththatama CMB wala hadunu mata tibuna LOKUMA DREAM ekak thamai mage ma kiyala deyak wawa gena kadan kana eka.

    thawa umben tips tikak oney matath start karanna hari
    11.gif
    11.gif
    11.gif
     
    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    මමත් ආසම සබ්ජෙක්ට් එකක් තමයි මචන් ඔය වගා කරන එක. උබට කියන්න, මමත් ගොඩක් දේවල් අපේ ගෙවත්තේ වගා කරලා තියෙන්නේ,

    මිරිස් වර්ග ගත්තොත් අමු මිරිස්, වැරණියා මිරිස්, මාළු මිරිස්, නයි මිරිස්, කොච්චි. කොල වර්ග ගත්තොත් කොල ගෝවා, ගෙඩි ගෝවා, ගොටු කොල, මුකුණුවැන්න, නිවිති, කතුරු මුරුංගා, තොර, කොවක්කා, කුරිඤ්ඤන්, කිරි අගුන. එළවළු වර්ග ගත්තොත් රාබු, පුහුල්, ලබු, බන්ඩක්කා, වම්බටු, මෑකරල් සහ බොහොමයක් අල වරග සහ පලතුරු වර්ග වවලා තියෙන්නේ. මම ඒ ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිටියෙ බන්, එත් වෙලාවක් උනේ නැහැ, අපේ දරු පැටියට අපි බයක් සැකක් නැතුව ඒ හැම දෙයක්ම කන්න දෙනවා, 99%ම වස විස වලින් තොරයි කියන එක අපිට විස්වාසයි.

    අ‍ඩේ.. උඹගෙ ගෙවත්ත බලන්න එන්න පුදුම ආසාවක් ඇති වුණා. උඹල වගේ දෙමව්‍පියො ලබන දරුවො හරි වාසනාවන්තයි.
    ෆොටෝ ටිකක් එක්ක ත්‍රෙඩ් එකක් දාපං මචං. එතකොට ඒක දැකල තව එකෙක් හරි පළා කොළයක් වත් වවා ගත්තොත් කොයිතරම් වටිනවද? උඹටයි පවුලෙ උදවියටයි යහපත්කම වේවා...