වසුන්දරා

haritha_kh

Active member
  • Jun 16, 2018
    245
    108
    43
    වසුන්දරා.. නුඹයි ප්රේමය

    art.jpg
    සරසවියෙන් පිට වුණාට පස්සේ මම ඉතාම ඈත පිටිසර ඉස්කෝලෙක ඉගැන්නුව. මම ඒ ඉස්කෝලෙ උගන්වන්න ගියේ ඉතා කැමැත්තෙන්.
    මම ඒ ඉස්කෝලෙට, වටපිටාවට, එහි ඉගෙන ගත් පුංචි උන්ට ආදරය කළා. ඒත් ඒ කාලෙ මගේ හිතේ තදින්ම ඇඳුනෙ වෙන දෙයක් හින්ද.
    මොකක්ද?
    ඒක දැඩි සංවේදී කතාවක්. ඇත්තම කිව්වොත් මම ඉස්සෙල්ලම මගේ හිතේ ආදරය කියන හැඟීමක් ඇති වුණේ ඒ කාලෙ.
    අපි කැමතියි ඒක අහන්න.
    හැබැයි ඔයගොල්ලො හිතන ආදරයක් ගැන කතාවක් නෙවි ඒක. ටිකක් වෙලා අහගෙන ඉන්න කොට එපා වේවි.
    නෑ කියන්නකො අපි අහගෙන ඉන්නම්.
    ඒ ඉස්කෝලෙ තිබුණෙ තණමල්විල පැත්තෙ. පුංචි කැලෑබද ඉස්කෝලයක්. දෙපැත්තෙම කටු පඳුරු ඇති මැටි සහිත පාරක් දිගේ උදේ හවස මං ගමන් කළා මතකයි.
    මාත් එක්ක ගුරුවරු තුන් දෙනයි.
    රවිශංඛත් එයින් එක් කෙනෙක්. ගණිතය ඉගැන්නුවෙ. ඒත් මිනිහට තිබුණේ කලාකාරයකුගේ හැඩ රුව. කතාව ටිකයි. ගමන සන්සුන්. හුඟාක් පොත් පත් කියෙව්වා. එයා හුඟාක් දේවල් ගැඹුරට දැනගෙන හිටියා. පොඩි උන්ට පණ වගේ ආදරය කළ බව මතකයි. දුප්පත් පැටව් වෙනුවෙන් එයාගේ මුළු පඩියම වුණත් වියදම් කරන්න පසුබට වුණේ නෑ.
    අනිත් අය එයාට ඊර්ෂ්යා කරන්න ඇති.
    අනේ නෑ. ඒ වගේ දේවල් පිටිසර ඉස්කෝලවල අඩුයි. කවුරුත් සහෝදරත්වයෙන් හිටියා. රවි අතේ සතේ නැති වුණත් කටක් ඇරල ඒ වග කිව්වෙ නෑ. ඒත් අපි කවුරුත් මොනව හරි ඉස්කෝලෙට ගෙනැල්ල එකට කෑව. කාගෙත් කුසගිනි නිවුණේ කව්පි ටිකකින්. ලුණු මිරිසකුත් එක්ක ලැබුණු මයියොක්කා ටිකකින්.
    හරිම අහිංසක සන්තෝෂයක්.
    ඔව් කටුක බව තුළත් මිහිරක් තිබුණා. අපි හරියට දුප්පත් දරුවන්ට උදව් වුණා. උන් හරිම අහිංසකයි. වැඩි හරියක් හේන් ගොවියන්ගෙ දරුවො. උදේට කාල නෙවි ඉස්කෝලෙ එන්නෙ. ඒත් උන් කවදාවත් ක්ලාන්ත වෙලා වැටුණේ නැහැ. හිත්වල දැඩි ගතියක් උන්ට තිබුණ. ලොකු මහත්තයගෙ වේවැල් පාර කාපු වෙලාවලත් උන් ඒකෙන් කඳුළු බිඳුවක් හෙළුවෙ නෑ. හරිම හයිය කොලු පැංචෝ.
    මට මැවිල පේනව.
    ඔව්. උන් දැක්කම ඕනම හදවතක් මෘදු වෙලා යනවා. උන් එක්ක කතා බහ කරනකොට කවුරුහරි හදවත පිරිමදිනව වගේ දැනෙන්නෙ. හරිම විවෘත බවක් උන් ළඟ තියෙන්නෙ. ඉස්කෝලෙ ඇරිල යනකම්ම කුකුළු පැටව් වගේ අපි ළඟ කැරකි කැරකි හිටිය. ඔන්න මට මතක් වුණා.
    මොකක්ද?
    අපි දවසක් විනෝද ගමනක් ගියා. ඉස්කෝලෙ පුංචි පැටව් එක්ක අපි ගියා උඩවලවෙ කැලේට අලි බලන්න.
    පොඩි ඈයොන්ගෙ සතුට දොaර ගලන්න ඇති.
    අපොයි ඔව්. කියල වැඩක් නෑ. ගමන ගැන කිව්ව වේලේ ඉඳල උන් හිටියෙ කඩි කුලප්පුවෙන්. අපි ගියේ පොඩි ලොරියක. ලොරියක් කිව්වට ඒකෙ වටේ දැල් ගහල වාඩි වෙන්න බංකු තියල තිබුණ. ඒත් මම ගමන ගැන නෙවි කියන්න හැදුවෙ.
    එහෙනම් මොකක් ගැනද
    රවිශංක ගැන. මම කිව්වනෙ. එයා අමුතු කෙනෙක් කියල. කාලෙක ඉඳල මගේ හිතේ එයා ගැන පුංචි පහේ ලෙන්ගතුකමක් ලියලමින් තිබුණා. එදා රාත්රියේ අපි නැවතුණේ උඩවලවේ වනෝද්යානයේ තිඹිරිමංකඩ කියන කැලෑ බංගලාවේ. ඒක තිබුණේ ඇතුළුවන දොරටුවෙ ඉඳල කිලෝමීටර් 10 ක් විතර කැලෑව මැද්දෙ. හරිම ලස්සන ශාන්ත තැනක්. උඩවලවේ ජලාශයෙන් කොටසක් මුළු බංගලා වටේටම විහිදිල තිබුණ.
    හඳපායාගෙන ආවා. වීර පළු ගස්වලට උඩින් විශාල ඇස්වට්ටියක් වගේ. හඳ එළිය රිදී සළු පටක් වගේ ජලාශය මත සෙමින් වැතිරුණා. මුළු පළාතම නිහඬයි. ඉඳල හිටල වතුර සෙලවෙන ශබ්ද ආව. මිනිස්සු කිව්ව මේ වෙලාවට ඇත්තු කුළු හරක් වතුරට බහිනව කියල.
    රවිංශක කැලෑ බංගලාව ළඟ තිබූ පලු ගහ යට වාඩි වෙලා සිටිය. අපි හුඟාක් දේවල් කතා කළා. ලෝකය ගැන ජීවිතය ගැන දුප්පත්කම ගැන මිනිස්සු විඳින වද වේදනා ගැන. කාලෙක ඉඳල හිතේ ගුලි ගහගෙන හිටපු දේත් මම කිව්ව. රවිශංඛ මගේ මුහුණ බැලුව.
    අපි ඒකට තාම සූදානම් මදි වසුන්දරා. මගේ හිත වැහුණු පෙට්ටගමක් වගේ. ඔහු කීවේ බොහොම බැරෑරුම් විදියට.
    පෙට්ටගම මැණික් වලින් පුරවන්න ඕන. මම දන්නව ඔයාගෙ හිතේ ලොකු හිඩැස පුරවන්න මම ලෑස්ති නෑ. දුක් විඳින මේ දරුවන් වෙනුවෙන් මොකක් හරි දෙයක් මේ ජීවිත කාලේදි මට කරන්න තියෙනව. ඒ පරිත්යාගයෙන් මගේ ඒ හිඩැස පිරවේවි.
    මම නිහඬව සිටිය. නිශ්චලත්වය තුළ බොහෝ දේවල් කියවුණා. මම අහල තියෙනව දෙවියන් කතා කරන්නෙ මේ වගේ වෙලාවට කියල.
    වසුන්දරා ඒ කාලෙ මට සමරු පොතක් තිබුණ. මගේ යාළුවෙක් ඒකේ එක් පිටුවක අපූරු කියමනක් සටහන් කරල තිබුණා. මම හැරිල බැලුව ඔහු දිහා.
    එයා ලියලා තිබුණ දුක් විඳින හා අසාධාරණයට බඳුන්වන මිනිසුන් වෙනුවෙන් ඔබේ දැත් එසෙව්වා කියල ලෝකෙම මම කැමති කියමන ඒකයි. ඒක මගේ හිත හැඟීම් වලින් පුරවනවා.
    ඊට පස්සෙ.
    ඊට පස්සෙ එච්චරයි. කාලය ගෙවී ගියා. අපි සාමාන්ය විදියට හිටිය. අපි ඒ දුප්පත් පැටවුන් වෙනුවෙන් හුඟාක් දේවල් කළා.
    ඊටපස්සෙ මොකද වුණේ?
    රටේ කලබල ඇති වුණ කාලෙ එයා හිටි ගමන් අතුරුදන් වුණා. පස්සෙ දැන ගත්ත එයා කඳවුරක හිර කරගෙන ඉන්න බව. කිසිම වරදක් නොකළ ඒ අහිංසකයව අවුරුදු ගණන් වධකාගාරයක දාගෙන වධ දුන්නා.
    කෝ ඉතින් රවිශංඛ?
    එයා ඉන්නෙ දැන් අපේ ගෙදර. මම එයාව බැන්ද. හිරෙන් නිදහස් වෙලා ආවම මම එයාව බැන්දා. හිරෙන් නිදහස් වෙලා ආවම මම එයාව බාර ගත්ත. එයා අතහරින්න පුළුවන් මිනිහෙක් නෙවි රන් කඳක්. නිදහස් වෙලා ඇවිත් කලක් රෝහලේ හිටිය. එක් ඇහැක් පේන්නෙ නෑ. පිට පුරාම පතුරු ගැහුවවගේ කැළැල් තියෙනව දෙවියනේ. කිසිම ලිංගික සම්බන්ධකමක් පවත්වන්නට බෑ. ඒත් එයා මට වටිනව. ආදරය, දුප්පතුන්ට දුන් මිනිහෙක්. එහෙම තවත් අය කොහේද මේ ලෝකෙ ඉන්නෙ?
    අනේ දෙවියනේ...·
    ලීලානන්ද වික්රමසිංහ


    රීපෝස්ට් නම් සොරී :sorry:

    උස්සව්වේ මෙතනින්http://www.divaina.com/2013/01/27/nimna07.html
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    සාහිත්‍යයෙන් මවන්නාවූ මනුෂ්‍යත්වය....