වහබ්වාදයේ

chanaka

Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    අන්‍ය ආගමිකයන් මරා දැමිය හැකියි
    "
    වහබ්වාදයේ භයානක මුහුණ සූෆි මුස්ලිම්වරුන් හෙළිකරයි :frown::frown:


    මෙරට සංස්කෘතියට අනුගත වෙමින් ජීවත් වන සූෆි මුස්ලිම්වරුන්ට එරෙහිව ඉස්ලාම් ජමියතුල් උලමා සභාව විසින් ලබා දී තිබෙනා භයානක තීන්දුවක් පිළිබඳව ඊයේ දින (18) හෙළිවූවා.

    සූෆි මුස්ලිම්වරුන් ප්‍රචන්ඩත්වයට විරුද්ධ ආගමිකයන් වන අතර අන්තවාදී වහබ්වාදී ඉස්ලාම් ආක්‍රමණයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින්නේත් සූෆි මුස්ලිම්වරුන් ය.

    ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කාත්තන්කුඩි නගරයේ සූෆි මුස්ලිම්වරුන් නියෝජනය කරමින් කලිලූර් රහුමාන් මවුලවිවරයා පැමිණි අවස්තාවේදිය. මෙහිදි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ අදහස් දැක්වූ මවුලවිවරයා පැවසූවේ

    සූෆි මුස්ලිම්වරුන්, මුස්ලිම්වරුන් නොවන බවට ජමියතුල් උලමා සභාව තීන්දුවක් දී තිබෙන බවත් මවුලවිවරයා ප්‍රකාශ කළා.

    මේ අතර සහරාන් හෂීම්ගේ ඉගැන්වීම් පිළිබඳ අදහස් දැක්වූ මවුලවිවරයා,

    "ලංකාව මුස්ලිම්වරුන් විසින් අල්ලාගත යුතුයි කියමින් රටට විරුද්ධව සහරාන් කතා කළා. අනෙක් ආගම්වල අය මරන්න ඕනෑ කියා සහරාන් පැවසුවා. ඒ පිළිබඳ ලිපියක් 2017 වසරේ සකස් කර ජනාධිපතිතුමාගේ කාර්යාලයට භාරදුන්නා. එවක අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ, මහජන ආරක්ෂාව භාර ඇමැති සාගල රත්නායක, අගමැතිවරයාගේ කාර්යාලයට, රුවන් විජයවර්ධන මහතාට දැනුම් දුන්නා. පොලිස්පතිතුමාගේ කාර්යාලයට මෙම පැමිණිල්ල මුස්ලිම් නොවන අය මරා දැමිය යුතුයි කියමින් සහරාන්ගේ ප‍්‍රචාරයන් හා ප‍්‍රශ්න රැසක් විය හැකි බවට සහරාන්ගේ දේශන සහිත සී. ඞී. පට තුනක් සමඟ භාර දුන්නා." යනුවෙන්ද ප්‍රකාශ කළා.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    රටක එක නීතියක් නැතිකමත්, නීතියට ගරු නොකිරීමත්, නීතිය හරි හැටි කි‍්‍රයාත්මක නොවීමත් නිසා ඇතිවන කාළකණ්ණි තත්වයට හොදම උදාහරණය සහරාන්.... පොලිසිය සහරාන්ගේ සුවච කීකරු ගෝල බාලයෝ වගේ වැඩ කරේ... ඒ වගේම චන්ද පෙරේතකමට මුන්ගේ වැරදි දැක දැකත් එදා මෙදා හිටපු හැම දේශපාලන නායකයෙක්ම නිශ්ශබ්දව හිටියා....​