වහලට හොද ලී.

deepwater

Well-known member
  • Aug 14, 2015
    854
    492
    63
    ෆිනිශින් වහලෙකට හොද කල් පවතින සත්තුන්ගේ හානි නැති ඇද ගහන්නෙ නැති ලී වර්ග මොනවද.
    ගෙවල් හදපු අය පොඩි උපදෙසක් දෙනවද ඔයාලා පාවිච්චි කරපු ලී මොනවද කියල.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ෆිනිශින් වහලෙකට හොද කල් පවතින සත්තුන්ගේ හානි නැති ඇද ගහන්නෙ නැති ලී වර්ග මොනවද.
    ගෙවල් හදපු අය පොඩි උපදෙසක් දෙනවද ඔයාලා පාවිච්චි කරපු ලී මොනවද කියල.
    වල් ලී හරි පොල් ලී හරි දාන්නෙ. හල්මිල්ල, තේක්ක දානවා. පරාල වලට පොල්ලී දාල යටලී වලට, කුරුපා වලට දාපං හල්මිල්ල හරි තේක්ක හරි තව ඉතිං වල් දෙල් වගේ දාන්න තියනවා නං සුපිරියි ඉතිං. යටලී කුරුපා වලට පොල් ලී දාන්න තිබ්බා ඉස්සර දැං පොල් ලී පලන්නෙ චේන් ෂෝ එකෙන් නිසා ‌කීරි අතර බොන්ඩ් එක හයිය නෑ වෑයෙන් පලන තරං. ඒ් නිසා ඇදගහන්න බලනවා බර වැටෙද්දි.
    මොනව දැම්මත් ගෙනාවට පස්සෙ භූමිතෙල් වලට කලුතෙලුයි කපුරු කුඩුයි කලවං කරලා ගාපං. හොඳට වේලුනාට පස්සෙ පාවිච්චියට ගනිං
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,624
    1,897
    113
    kempas lee thami (meeke rathu paata ekak tiyenawa eeka lassanai)
    machine ekan gaala ganna puluwan
    man finishin gahapu nathi nisa hariyatama ee ganna kiyanna baa
    kempas adiyak 475 ta gaththe man
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    kempas lee thami (meeke rathu paata ekak tiyenawa eeka lassanai)
    machine ekan gaala ganna puluwan
    man finishin gahapu nathi nisa hariyatama ee ganna kiyanna baa
    kempas adiyak 475 ta gaththe man

    low quality wood , after chemically process .....it's called imported.
     
    • Like
    Reactions: deepwater

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    pol lee polish karala gaththa nam patta lassanayi kurunagala paththe tiyenwa. gaanath echcahra wena ekak na.
    gandish/ gini sapu dekath ganan aduyi. morapu lee balala gannawa nam awulak na.
     
    • Like
    Reactions: deepwater

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ෆිනිශින් වහලෙකට හොද කල් පවතින සත්තුන්ගේ හානි නැති ඇද ගහන්නෙ නැති ලී වර්ග මොනවද.
    ගෙවල් හදපු අය පොඩි උපදෙසක් දෙනවද ඔයාලා පාවිච්චි කරපු ලී මොනවද කියල.
    Mahogany, Teak, Jackfruit
     
    • Like
    Reactions: deepwater

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,337
    6,517
    113
    කෙම්පස්
    රෙඩ්ගම්
    ඔය දෙක තමයි. ලී ගලා සෑනඩ් කරලා වෝටර් බේස් ගානවා.
     
    • Like
    Reactions: deepwater

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    Mahogany, Teak, Jackfruit
    තේක්ක සහ කොස් වලින් වහලවල් ගහන්නෙ නැහැනේ බන්
    සල්ලි තියනවා නං වහලවල් ගහන්න පුලුවන් ඇති නමුත් සාමාන්‍යෙන් තේක්ක කොස් දෙක ගන්නෙ දොර ජනෙල් සහ අනෙක් ලීබඩු වලටනේ

    වියදමට අඩු කරගන්න නං ගාන්දිස් වගේ එකක් ගන්න පුලුවන් හැබැයි ලී හොඳට මෝරපු ගස් වලින් අරගන්න ඕන සහ හොදට වේලුනු ලී වලින් වහල ගහන්න ඕන නැත්තං අනිවා ලී වල ක්‍රැක් එනවා
    අපි සාමාන්‍යෙන් බජට් වැඩ වලට ගාන්දිස් ගන්නවා පට්ටම ලොකු කොලිටියක් කියන්න බැහැ සාමාන්‍යෙන් අවුලක් නැහැ ඉතිං
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,296
    5,384
    113
    Panadura

    කෙම්පස්​

    කෙම්පස් යනු 15% තෙතමනය සහිත කිලෝග්‍රෑම් 890 kg / m3 ක සාමාන්‍ය ගනකමක් ඇති බර දැවයකි.

    තුලන්​

    තුලන් පාරිසරයට නිරාවරණය වූ තත්වයන් යටතේ මධ්‍යස්ථ කල් පවතින දැව ලෙස වර්ගීකරණය කර ඇත.

    රතු බලවු​

    රතු බලවු යනු Shorea කුලයට අයත් විශේෂයක් වන අතර එය වසර ගණනාවක් තිස්සේ තට්ටු නිෂ්පාදනය සදහා වෙළඳපොලේ පවතී.

    රිස්ට්‍රෙටෝ​

    Milicia excelsa යනු Moraceae පවුලේ ගස් විශේෂයකි. අප්‍රිකානු තේක්ක ලෙස හැඳින්වෙන දැව නිපදවන විශේෂ දෙකෙන් එකකි.

    අප්‍රිකානු තේක්ක​

    අප්‍රිකානු තේක්ක අනෙකුත් තේක්ක වලට සමාන වන අතර දුඹුරු, කොළ හෝ කහ-දුඹුරු පොතු සහ රළු මතුපිටක් ඇත. එය උසින් මීටර් 50 ක් දක්වා වර්ධනය වේ.

    පයින් වුඩ්​

    පයින් දැව යනු සිහින් සහ ආර්ථික ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා නිතර භාවිතා වන අලංකාර ද්‍රව්‍යයකි.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පඩි නැතිව ස්ලැබ් එකක් දාගනින්, ඉස්සරහට ලොකෙ කුනාටු එනවා!
    දෙයියනෙ කියලා බය නැතිව නිදාගන්න පුලුවන්,, වහලට වඩා කොන්ක්‍රිට් ලාබයි, දැන් වහලෙ හැඩෙට කොන්ක්‍රිට් දානවා, එහෙම දාල උඩට බාල ටයිල් අල්ලපම්,,, ආන්ඩුවෙ බිල්ඩින් ගොඩක් දැන් එක කරනවා,,,
     
    • Like
    Reactions: deepwater

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    තේක්ක සහ කොස් වලින් වහලවල් ගහන්නෙ නැහැනේ බන්
    සල්ලි තියනවා නං වහලවල් ගහන්න පුලුවන් ඇති නමුත් සාමාන්‍යෙන් තේක්ක කොස් දෙක ගන්නෙ දොර ජනෙල් සහ අනෙක් ලීබඩු වලටනේ

    වියදමට අඩු කරගන්න නං ගාන්දිස් වගේ එකක් ගන්න පුලුවන් හැබැයි ලී හොඳට මෝරපු ගස් වලින් අරගන්න ඕන සහ හොදට වේලුනු ලී වලින් වහල ගහන්න ඕන නැත්තං අනිවා ලී වල ක්‍රැක් එනවා
    අපි සාමාන්‍යෙන් බජට් වැඩ වලට ගාන්දිස් ගන්නවා පට්ටම ලොකු කොලිටියක් කියන්න බැහැ සාමාන්‍යෙන් අවුලක් නැහැ ඉතිං
    ඔය කතාව කියලා ඇහුවා නම් එහෙම උත්තර දෙන්න තිබ්බ. ඕවා කියලා තිබ්බේ නැහැනේ බං.

    අනිත් solutions එක lumber yard එකකින් proceed කරපු වර්ගයක් ගන්න එක. දැන් import ban නිසා මොන වර්ග තියනවාද දන්නේ නැහැ.