මේ දවස් වල නිතරම මාධ්‍ය තුල කතාබහ වන මාතෘකාවක් තමයි මේ වෛද්‍යවරු ගැන. ගොඩක් වෛද්‍යවරු නගන මැසිවිල්ලක් තමයි තමන්ගේ දරුවන්ට හොඳ පාසලක් නොමැතිවීම ගැන. ඒවගේම රජය විසින් මවා පාන ලද දේවල් නිසා ගොඩක් සාමාන්‍ය ජනතාව මේ දේ වැරදියට වටහාගෙන තියනවා. ඒවගේම ලංකාවේ යම් කොට්ටාශයක් වෛද්‍යවරු සමග ඉර්ශියව මත පදනම් උන බද්ද වෛරයකින් පෙලනවා.
දොස්තරලා ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්තා කියල ලංකාවේ මිනිස්සුන්ට බැල මෙහෙවරකම් කල යුතු නැහැ. අනෙක නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්න පුළුවන් MBBS එක දක්වා විතරයි. වැඩි දුර අධ්‍යාපනය සඳහා ලක්ෂ ගණන් වියදම් කොට විදේශ අධ්‍යාපනය හදාරා ලංකාවට පැමිණිය යුතු වෙනවා. ඒවගේම ලංකාවේ සියලුම වෛද්‍යවරු බදු මුදල් ගෙවනවා.
එහෙම දුක් විඳලා නිකන් සොච්චම් මුදලකට ලංකාව වගේ රටක සේවය කරලා වැඩක් නැහැ. නමුත් රටට තියන ආදරේ නිසා තමයි අදටත් ගොඩක් කන්සල්ටටන්ස් ලංකාවේ රැඳිලා ඉන්නේ. එචර කැපවීමක් කරලත් තමන්ගේ දරුවට අඩුම තරමේ හොඳ පාසලක්වත් නැති නම් තවදුරටත් ලංකාවේ මිනිස්සුන්ට වහල් කම් කිරීමේ ප්‍රතිපලය කිමෙක්ද ?
මේ රජයේ නරකම පැත්ත තමයි වුර්තිකයින්ට තැනක් නොදීම.
Last edited: