වහල ගහන්න උපදෙස්

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ඇස්බැස්ටෝස් නොවන අමුද්‍රව්‍යයකි න් වහල සෙවිලි කරන්න ඕන.ඇන්ටන් ආමර්,එස්ලෝන්,රැම්කෝ මේව පාවිච්චි කරල වහල ගහපු අය ඉන්නව නම් උපදෙස් ලබා දෙන්න.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඇස්බැස් ගහල ෆිනිසින් වහල ගහපන්කෝ ලස්සන්යි. එක්කෝ අමානෝ සීට් දාල හීට් සීල්ඩ් කරන්න ඔන. උලු නම් දාන්න එපා තෙමෙනෙව මොනා කලත්.
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    ඇස්බැස් ගහල ෆිනිසින් වහල ගහපන්කෝ ලස්සන්යි. එක්කෝ අමානෝ සීට් දාල හීට් සීල්ඩ් කරන්න ඔන. උලු නම් දාන්න එපා තෙමෙනෙව මොනා කලත්.

    මහ ගෙදර වහලේ උළු. අවරුදු 20ට වැඩි මිසක අඩුනම් නෑ පොඩ්ඩක්වත් තෙමෙන්නෙ නම් නෑ හැබැයි වහලෙ බරයි ඉතින්.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    සුප්‍රීම් රෝමාන් උළු.



    සදහට වගකියන පිටරට උළු හදන ලංකාවේ මොළය


    ulu.jpg

    පොල් අතු සෙවිලි කළ නිවසක සිට රට උළු සෙවිළි කළ නිවසකට යන්නට සිහින දකින මිනිසුන්ට ඒ සිහිනය සැබෑ කර ගන්නට බොහෝ වෙහෙසවීමට සිදුවේ. එම වෙහෙස සැබෑවටම දන්නා සහ එය අත්විඳ ඇති මිනිසකු වන ඔහු රට උළුවහළ ගෙයකට යන්න වෙරදරන අයට තමුනට හැකි අයුරින් උපකාර කරයි.

    එපමණක්‌ නොව ඔහු තමුත් දන්නා තාක්‌ෂණික දැනුමද ප්‍රයෝජනයට ගනිමින් රට උළු නිපදවීමේ කර්මාන්තයට නව තාක්‌ෂණයක්‌ද හඳුන්වාදීමට පියවර ගෙන ඇත. එම දැනුමින් නිපදවන උළු කැටවලට ඔහු ජීවිත කාලයටම සහතිකයක්‌ද ලබාදේ.

    කේ. ඒ. ඩී. ඇලෙක්‌සන් නිලන්ත අප්පුහාමි නමැති ඔහු සිය බිරිඳත් සමග එක්‌ව ස්‌වයං රැකියාවක්‌ ලෙස උළු මෝලක්‌ පවත්වාගෙන යමින් වෙළෙඳ පොළේ ඉතා අඩුමිලට උළු අලෙවි කිරීමේ නිරත වේ.

    ඇතැම් විට ඔබ එකවරම මෙසේ සිතිය හැකියි. ඔහුත් අනෙකුත් උළු මෝල් හිමියන් මෙන් ලාභ උපයන වෙළෙඳ උපක්‍රම අනුගමනය කරන තවත් එක්‌ ව්‍යාපාරිකයෙක්‌ යෑයි කියාය.

    නමුත් ඔහු ඊට වඩා වෙනස්‌ය. ඔහු වසර විස්‌සකට පමණ පෙර ඉතා කුඩාවට උළු මෝලක්‌ ආරම්භ කරන්නේ පොල් අතු සෙවිළි කළ නිවසක සිටය.

    අපේ පවුලේ මාත් සමග සහෝදර සහෝදරියො තුන් දෙනෙක්‌ ඉන්නවා. තාත්තා ගුරුවරයෙක්‌. මම ජර්මන් තාක්‌ෂණ විද්‍යාලයේ තාක්‌ෂණ ශිල්පය ඉගෙන ගත්තා. අපි හිටියෙ පොල් අතු සෙවිලි කළ නිවසක. ඉතිං මටත් හිතුනා උළු සෙවිලිකළ නිවසක පදිංචියට යන්න. ඒ සඳහා මම පුංචියට උළු මෝලක්‌ පටන් ගත්තා. මගේ අරමුණ ඉටුවුණා. මටත් අපේ ගෙදර වහලයට උළු සෙවිලි කරන්න හැකියාව ලැබුණා. ඊට පස්‌සෙ මට හිතුනා උළු සෙවිළිකළ වහලයක්‌ සහිත නිවසක්‌ හදා ගන්න වෙර දරණ මිනිසුන්ට අත්වැලක්‌ වෙන්න. එනිසා මම අඩු මිලට උළු අලෙවි කිරීමට තීරණය කළා. ඒ සඳහා කළ යුත්තේ උළු කැටයක නිෂ්පාදන මිල අඩුකර ගැනීමයි. මම ජර්මන් තාක්‌ෂණ විද්‍යාලයෙන් ඉගෙන ගත්ත දැනුම ප්‍රයෝජනයට අරගෙන මැටි අනන යන්ත්‍රයක්‌ නිපදවූවා. ඒ සඳහා මා යොදා ගත්තේ ඉවතලන යන්ත්‍ර සූත්‍රවල කොටස්‌. එහෙම තාක්‌ෂණ ක්‍රම නිර්මාණය කළ මම දැන් සම්පූර්ණයෙන්ම ස්‌වයංක්‍රීයව උළුකැට නිෂ්පාදනය කළ හැකි තාක්‌ෂණික පහසුකම් ඇති කරගෙන තිබෙනවා. මේ සියලු යන්ත්‍ර සූත්‍ර නිර්මාණය කළේ මගේ දැනුම උපයෝගී කරගෙනයි. නිලන්ත මහතා තමාගේ ගමන් ගම සිහිකරමින්a අප හා කතාවට ප්‍රවේශ විය.

    ulu1.jpg

    ඔහු තාක්‌ෂණය පමණක්‌ උපයෝගී කරගෙන සෑහීමකට පත්වී නැත. සාම්ප්‍රදායික හතරැස්‌ රට උළු කැටය වෙනුවට නවීන තාක්‌ෂණයෙන් නිපදවන උළු කැටයක්‌ද ඔහු ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත.

    යුරෝපයේ නිවෙස්‌වල වහළ සෙවිලි කිරීමට බහුලවම යොදා ගන්නා මෙම උළුකැටයට පවසන්නේ රෝමන් උළු එහෙමත් නැතිනම් පෘතුගීසි උළුකැට කියාය.

    මම ගොඩාක්‌ වෙලාවට විදෙස්‌ සංචාරවල නිරත වෙනවා. ඒ රටවල තිබෙන නිර්මාණ අපටත් භාවිත කළ හැකි ආකාරය ගැන මම සිතනවා. ඒ අනුව යුරෝපයේ කළ සංචාරයකදී එම රටවල නිවාසවලට සෙවිලි කර තිබූ උළු කැටයක්‌ රැගෙනවිත් ඒ සඳහා අච්චුවක්‌ ලංකාවේ නිපදවූවා.

    මේ උළු කැටය සඳහා අද වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක්‌ තියෙනවා. මම මෙම උළුකැටය අලෙවි කරන්නේ ජීවිත කාලයටම වගකීම් සහතියක්‌ද සමගයි.

    අප බොහෝ දෙනා නිවසක්‌ හදන්නේ ජීවිත කාලයටම එකයි. ඉතිං ඒ හදන ගෙදරට වහලයත් ජිවිත කාලයටම එකක්‌ විය හැකියි. සෙවිළි කරන උළුකැටත් එහෙම විය යුතුයි. පොල් අතු වහළෙන් උළු වහළයකට පැමිණි අයෙක්‌ ලෙස මම කැමැති නැහැ. මිනිස්‌සු වහළයට උළු සෙවිලිකරලා වහළය තෙමෙනවා කියලා චෝදනා කරනවට. එහෙම තෙමෙන්නේ බාල වර්ගයේ උළුකැට වහළයට සෙවිළි කළ විටයි.

    අද බොහෝ වෙළෙඳුන් අපගේ නොම්මර එකේ උළු මිලදී ගෙන ඒවා නොම්බර දෙක සහ තුන වර්ගයේ උළු සමග මිශ්‍ර කර අලෙවි කරනවා. මම කිසි විටෙකත් නොම්මර දෙක සහ තුන ප්‍රමිතියෙන් යුතු උළු විකුණන්නේ නැහැ. එහෙම ප්‍රමිතියෙන් අඩු උළු විකිණූ විට තමයි මිනිස්‌සු චෝදනා කරන්නේ උළු සෙවිළි කරපු වහළ තෙමෙනවා කියලා. නමුත් මගෙන් මිලදී ගත් උළු සෙවිලි කළ අයෙක්‌ වහළය තෙමෙනවා කිව්වොත්, උළු කැට කැඩුණා කිව්වොත් මම ඔවුනට නොමිලේ නැවත උළුකැට දෙනවා. මම ඒ වගකීම ගන්නේ මම නිපදවන උළුකැට වල තියෙන විශ්වාසය නිසයි.

    ulu2.jpg
    මමත් මගේ බිරිඳත් ස්‌වයං රැකියාවක්‌ විදියට කරන උළු කැට නිපදවීම කරන්න පටන් අරගෙන දැන් අවුරුදු විස්‌සකටත් වැඩියි. ඉතිං අපි මැටි අනන තැන සිට පෝරණුවට දාල උළු ටික පුච්චනකම් හැම දෙයක්‌ම දන්නවා. ඒ ගැන සොයා බලනවා. නිලන්ත මහතා පැවසූ දේ අපිද දැසින් දැක බලාගත්තෙමු. ඔහු උළු පෝරණුවට අවශ්‍ය දර පලා ගැනීම සඳහා යන්ත්‍රයක්‌ ද නිපදවා ඇත. මැටි හොඳින් මිශ්‍රවී පදම්වී ඒම සඳහා යන්ත්‍රයක්‌ නිපදවා තිබේ. මේ සියලු උපකරණ නිපදවූ ඔහුට උළු කැටයක්‌ නිපදවීම ගැන අමුතුවෙන් කියා දිය යුතු නැත.

    ලුණුවිල පොල් පර්යේෂණ පාරේ සුප්‍රිමෝ උළු නමින් සිය උළු මෝල පවත්වාගෙන යන නිලන්ත මහතා වැඩිය ප්‍රසිද්ධියට අකමැතිය. එසේ වූ විට හොඳ තත්ත්වයේ උළු කැට නිපදවීමට තමාට කාලය හරස්‌වන බව පැවසීය.

    මට ඕනෙ මගේ වෘත්තියෙන් මිනිස්‌සුන්ට හොඳ සේවයක්‌ සලස්‌සන්නයි. අපි කෙනෙක්‌ රැවටුවොත් අමාරුවේ වැටෙන්නේ අපිමයි නිලන්ත මහතා අප සමග සංවාදය නිමා කරමින් පැවසීය.

    ඔහු සරලය. එම සරල බව තම දියණියන් තිදෙනාටද ආදර්ශයක්‌ කර ඇත. බිරිඳටද ආභරණයක්‌ කරදී තිබේ. එනිසා ශ්‍රී ලාංකිකයකු ලෙස ඔහු අප කොයිකාටත් ආඩම්බරයකි.

    euro2.jpg
     
    Last edited:

    Yetiya

    Active member
  • Apr 27, 2016
    262
    130
    43
    Veyangoda
    Sadde nadda wahinakota??? Rasne nadda
    wahinakota sadde thiyenawa. mn nn a saddet kamathi. Awla thiyenne awwat expand wenakota 'tak tak' gala sadde enawa. Eka celling eka gahuwama ahenne nalu. Mn thama gahuwe na. Rasne ulu walata wada nn thiyenawa. celling eken eka adu wei.
     
    • Like
    Reactions: visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    wahinakota sadde thiyenawa. mn nn a saddet kamathi. Awla thiyenne awwat expand wenakota 'tak tak' gala sadde enawa. Eka celling eka gahuwama ahenne nalu. Mn thama gahuwe na. Rasne ulu walata wada nn thiyenawa. celling eken eka adu wei.
    mm.ulu nm rasne naa bn.eeth wathura ena eka thama awla.ekata yatin sheetekak wath leak nowenna agahanna thibbanam hari
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,703
    113
    මටත් වහලයක් ගහන්න තියෙනවා බඩු පට්ට ගණන්

    ස්ටිකර් ගහපු ප්ලස්ටික් නම් එපාලු සිවිලිමට. i panel
    i roof, junluan

    උලු ගැහැව්වොත් වැඩි පුර ලී යනවා.

    වඩ්ඩො වහලේ ගහන්න අඩියක් 200ට ඉහලින් ඉල්ලනවා.

    යකඩ ගහන්න ත් හිතෙනවා.
    හුස්නෙට රකාගන්න ත් බැරි වෙයි වගේ.... 😂