ව්ලැඩිමීර් පුටින්ගේ අලුත්ම Satan 2

Jun 2, 2016
154
119
0
Sri Lanka
ව්ලැඩිමීර් පුටින්ගේ අලුත්ම Satan 2

මහා බ්‍රිතාන්‍යයෙන් 2/3ක් එකවර වනසා දැමිය හැකි ව්ලැඩිමීර් පුටින්ගේ අලුත්ම Satan 2 න්‍යෂ්ඨික මිසයිලය

Capture1%2B.JPG


රුසියාව RS-28 සර්මට් ලෙසත්, නේටෝව සාතන් 2 (NATO Designation: Satan 2) ලෙසත් නම් තබා ඇති අලුත්ම අන්තර් මහද්වීපික න්‍යෂ්ඨික බැලිස්ටික් මිසයිලය, සියලු පරීක්ෂණ අවසන්කොට දැන් රුසියානු බළඇණියට සක්‍රිය සේවය සඳහා අනුයුක්ත කරමින් පවතින බව රුසියාවෙන් වාර්තා වනවා. වසර 30 පැරණි SS-18 (නේටෝ කේතය - සාතන්1) න්‍යෂ්ඨික මිසයිල වෙනුවට අනුයුක්ත කෙරෙමින් පවතින RS-28 සාතන් 2 මිසයිලය, රුසියාව විසින් එතෙක් මෙතෙක් නිශ්පාදනය කරන ලද බලසම්පන්නම හා විශාලම මිසයිලය ලෙස විචාරකයින් හඳුන්වනවා.

තත්පරයකට කිලෝමීටර් 7ක සුපිරි වේගයකින් (24,500 km/h) පියාසර කල හැකි සාතන් 2 මිසයිලයට කිලෝමීටර් 10,000ක් උපරිම දුරක් පියාසර කල හැකියි. ඒ අනුව රුසියානු ෆෙඩරේෂනයේ ඕනෑම ස්ථානයක සිට ඉතා පහසුවෙන් ලන්ඩනය, පැරීසිය, බර්ලිනය වැනි විශාල යුරෝපීය නගර පමණක් නොව, අමෙරිකාවේ බටහිර වෙරළතීරයේ ලොස් ඇන්ජලීස්, සැන් ෆ්‍රැන්සිස්කෝ වැනි දැවැන්ත නගරවලටත්, බටහිර වෙරලේ නිව්යෝර්ක්, වොෂිංටන් DC, බොස්ටන් වැනි නගරවලටත් ප්‍රහාර එල්ල කිරීමට පුලුවන්.

Makeyev Rocket Design Bureau නැමති රුසියානු රොකට් හා මිසයිල නිර්මාණ ඒජන්සිය නිර්මාණය කල මෙම මිසයිලය ටොන් 100කට වඩා බරින් යුතුයි. යුධ විශේෂඥයින් පවසන අන්දමට, නූතන මිසයිල නාෂක පද්ධති මගහැරීම සඳහා සුවිශේෂ පියාසර උපක්‍රම උපයෝගී කරගන්නා මෙම මිසයිලය බිම හෙලීමට ඉතා අපහසුයි.

මෙගා ටොන් 50ක අතිවිශාල පිපුරුම් බලයක් ඇති න්‍යශ්ඨික බෝම්බයක් හෝ, වෙන වෙනම ඉලක්ක 15කට එල්ල කල හැකි, කුඩා ප්‍රමණයේ න්‍යෂ්ඨික බෝම්බ 15ක් ගෙනයා හැකි මෙම බැලිස්ටික් මිසයිලය රුසියානු උපක්‍රමීය රොකට් බලකාය (Strategic Rocket Forces) මගින් මෙහෙයවනු ඇති.


01C3C32B0000044D-3870192-image-a-23_1477396226393.jpg
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    As I recently read about this lastest Satan missile, according to russians, its impossible to track the path of this warhead by ANY kind of available tracking system.

    HAIL HYDRA
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මහා බ්‍රිතාන්‍යයෙන් 2/3ක් එකවර වනසා දැමිය හැකි :shocked::shocked::shocked::shocked:
    oka test karala nathda?
     
    Jun 2, 2016
    154
    119
    0
    Sri Lanka
    මහා බ්‍රිතාන්‍යයෙන් 2/3ක් එකවර වනසා දැමිය හැකි :shocked::shocked::shocked::shocked:
    oka test karala nathda?

    රොකට් එක හොඳට ටෙස්ට් කරලා තියෙනවා.

    ඒත් න්‍යෂ්ඨික බෝම්බය ටෙස්ට් කරලා තියෙනවද දන්නේ නෑ. න්‍යෂ්ඨික බෝම්බ ටෙස්ට් කරනවා අඩුයි. ඒවා ගොඩක් කොම්පියුටර් සිමියුලේෂන් වලින් තමයි ටෙස්ට් කරන්නේ.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    issara wena eka thama ithin loke balawatha wenne...eka paratama watema aim karala switch eka on kara nam hari :D

    Rep Added 3+