ව්‍යවස්ථා_සංශෝධණය

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ව්‍යවස්ථා_සංශෝධණය

    13 වන ව්‍යවස්ථා සංශෝධණය

    මේ දවස් වල ලංකාවේ පාරේ තොටේ යනකොට දකින්න තියන දෙයක්නේ මේ ව්‍යවස්ථා සංශෝධණය කියන එක. පොලිස් බලතල සහ ඉඩම් බලතල කියන දේ දෙන්න එපාද මොකක්ද මන්දා සීන් එකක්නේ මේ කිය කිය කෑ ගහන්නේ. අනේ මම නම් මේ පිලිබඳව මෙලෝ දෙයක් දන්නේ නෑ. එලකිරි එකේ මේ ගැන දන්න කෙනෙක් කිව්වනම් මොකෝ වෙන්නේ..:P
    කියමුද බලන්න මොකක්ද මේ ව්‍යවස්ථා සංශෝධණය
    මොකක්ද මේ ඉඩම් බලතල
    මොකක්ද මේ පොලිස් බලතල

    පලාත් සභාවට මේක දුන්නොත් හොද්ද නැද්ද
    මහජනයා වන අපිට මේක බලපන්නේ කොහොමද කියලා දන්න කෙනෙක් කියන්නකෝ අපිට දැන ගන්නත් එක්ක.:D

    නොදන්න අය සහා දැන ගන්න කැමති අය බම්ප් එකක් දාගෙන යන්නෝ

    :D :D :D :D :D
    :D :D :D :D :D
    :D :D :D :D :D
    :D :D :D :D :D
    :D :D :D :D :D

    (කැමතිනම් වෙනම ත්‍රෙඩ් එකක් දලා මටත් ලින්ක් එක දෙන්න)
     
    • Like
    Reactions: K_ZONE

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    ඉඩම් බලතල පොලිස් බලතල උතුරේ ජනතාවට දෙන්න එපා කියන අය කියන්නෙ එයාලව ශුවර් නෑ කියලයි... දෙන්න ඕනේ කියන අය කියන්නේ එයාලත් ලාංකිකයෝ රටේ අනිත් පලාත්වලට එක නීතියක් උතුරට එක නීතියක් ඇයි කියලයි....

    පොලිස් බලතල හරහා රටක් අල්ල ගන්න බෑ මම දන්න තරමින්...රටේ පොලිස් කොමිසම හරියට ක්‍රියා කරනවානම්.... ඉඩම් බලතක උනත් මධ්‍යම ආන්ඩුවට ඕනම වෙලාවක පවරගන්න පුලුවන්. ඒනිසා උතුරට ඉඩම් බලතල දීම හා පොලිස් බයල දීමෙන් උතුරේ පොලිස් රාලහාමිලාට බෑ රට බෙදන්න.
    උතුර නැගෙනහිර පලාත් දෙක එකට එකතුකරන එකට මම නම් පෞද්ගලිකවම විරුද්ධයි...

    මම දනන තරමින් මම කිව්වේ....
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය

    ඇයි බන් හදිසියේම උඹට මේ වගේ අදහසක් ආවේ? :confused:
    මමත් ඕව ගැන මෙලෝ හසරක් දන්නේ නෑ, දේශපාලනේ ගැන interest එකක් නෑ.:baffled:
    Bump !!
    (Political Science
    කරපු බුවාලා දන්නවා ඇති )
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    13 වන ව්‍යවස්ථා සංශෝධනයයි මේ දවස්වල ආන්ඩුවට විරුද්ධව ඉන්න අය කියන ව්‍යවස්ථා සංශෝධනයයි දෙකම දෙකක්.

    13 වන ව්‍යවස්ථා සංශෝධනය එකෙන් කියන්නෙ උතුරු නැගෙනහිර පලාත්වලට 13 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ගෙනාපු සංශෝදනයන් බලාත්මක කරන්න කියන එක ගැනයි....

    විපක්ශයේ බලවේග ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කියන්නේ දනට ආන්ඩුව ඒකාධිපතිපාලයක් හා විධායක බලතල සීමාව ඉක්මා පාවිච්චි කරන එක නැවත මේ තියෙන ව්‍යවස්ථාවෙන් හදන්න බෑ ඒ නිසා වෙනම අලුතින් අලුත් මහජන ව්‍යවස්ථාවක් හරහා රටේ ජනතාවගේ පරමාධිපත්‍ය තහවුරු කරන්න ඕනේ කියන එකයි....

    මේකත් මම දන්න තරමින් කිව්වේ....
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    13 වෙනි ව්‍යවස්ථා සංශෝදනය හරහා තමයි පළාත් සභා බිහි වුනේ ....... බලය විමද්‍යගත ගත කිරීම නොහොත් මද්යම ආණ්ඩුවේ බලය බෙදීම තමයි අරමුණ ..... මේක හරහා තමයි සිංහල හා දෙමල රාජ්‍ය භාෂා වුනේ .... රජීව් ගාන්ධි හා JR ජයවර්දන අතර ඇති කරගත් ගිවිසුමකට අනුව තමයි මේ ව්‍යවස්ථා සංශෝදනය 1987 දී සම්මත කර ගත්තේ .....

    දැන් කියන්නේ ඒ දීපු පොලිස් හා ඉඩම් බලතල යලිත් මද්යම ආණ්ඩුවට පවර ගන්න කියල ..... මොකද එක පාරකුත් උතුරු පළාත් සභාව ඇති කරපුවම වර්ධරාජා පෙරුමාල් කියන පුද්ගලයා උතුරු පළාත් සභාව ඊළාම් රජයක් ප්‍රකාශ කලා ..... ඒ බයට තමා පොලිස් හා ඉඩම් බලතල ඉවත් කරන්න කියන්නේ ..... මේ මන් දන්නා ටික ...
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    සරලව කිව්වොත් මධ්‍යම ආණ්ඩුවට තියන බලතල ටික පළාත් සභාවට දෙනවා. ඒ කියන්නේ පොලිස් බල තලයි ඉඩම් බල තලයි ටික.

    01. එතකොට දැන් උතුරට එහෙම බල තල දීලද තියෙන්නේ?
    02. එහෙම යම් කිසි බලතල ප්‍රමාණයක් දුන්නට පස්සේ ඒ දුන්න බලතල යටතේ එම පළාත් සභාව තුල වෙන කටයුතු වලට මධ්‍යම රජයට ඇගිලි ගහන්න බැරිද?
    03. එහෙම දුන්නට පස්සේ මධ්‍යම ආණ්ඩුවට ඕන වෙලාවට ඒ බලතල නැවත ගන්න බැරිද?
    04.පොලිස් බලතල හා ඉඩම් බල තල පළත් සභාවට දීම මගින් ඔවුන්ට හිමි වන වරප්‍රසාද මොනවද?
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    බන්ටු;15155012 said:

    ඇයි බන් හදිසියේම උඹට මේ වගේ අදහසක් ආවේ? :confused:
    මමත් ඕව ගැන මෙලෝ හසරක් දන්නේ නෑ, දේශපාලනේ ගැන interest එකක් නෑ.:baffled:
    Bump !!
    (Political Science
    කරපු බුවාලා දන්නවා ඇති )

    නෑ බන්ටු අය්යේ. පහු ගිය සතියක හදිස්සියේම ඔය ගැන කතාවක් ගියා. ඉතින් ඒ වෙලාවේ ඔය ගැන මෙලෝ මල දානයක් දැනන් හිටියේ නෑ. අඩු ගානේ ඕක රටට හොඳ එකක්ද නරක එකක්ද කියලවත් දැනන් හිටියේ නෑ. ඒකයි පොඩ්ඩක් දැන ගන්න ඇහුවේ :D

    මටත් ඕක දැන ගන්න ආසයි... අර ප්‍රෝග්‍රෑම් එකක පබා මන්ත්‍රීතුමියගෙන් ඇහුවෙත් ඕක නේද? :eek:

    අෆ්ෆා පබා නෝනා දන්නෙත් නැද්ද එතකොට :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉඩම් බලතල පොලිස් බලතල උතුරේ ජනතාවට දෙන්න එපා කියන අය කියන්නෙ එයාලව ශුවර් නෑ කියලයි... දෙන්න ඕනේ කියන අය කියන්නේ එයාලත් ලාංකිකයෝ රටේ අනිත් පලාත්වලට එක නීතියක් උතුරට එක නීතියක් ඇයි කියලයි....

    පොලිස් බලතල හරහා රටක් අල්ල ගන්න බෑ මම දන්න තරමින්...රටේ පොලිස් කොමිසම හරියට ක්‍රියා කරනවානම්.... ඉඩම් බලතක උනත් මධ්‍යම ආන්ඩුවට ඕනම වෙලාවක පවරගන්න පුලුවන්. ඒනිසා උතුරට ඉඩම් බලතල දීම හා පොලිස් බයල දීමෙන් උතුරේ පොලිස් රාලහාමිලාට බෑ රට බෙදන්න.
    උතුර නැගෙනහිර පලාත් දෙක එකට එකතුකරන එකට මම නම් පෞද්ගලිකවම විරුද්ධයි...

    මම දනන තරමින් මම කිව්වේ....
    ගොඩක් වැරදියි,
    1.පළාත් සබාවට අනුව රටේ පොලිස් කොමිසමෙන් පාලනය වෙන්නෙ මධ්‍යම ආණ්ඩුවට අයිති පොලිසිය විතරයි පළාත් සබාවට අයිති පොලිසිය පාලනය කරන්නෙ පළාත් මහ ඇමති පාලනය කරන නියෝජ්‍ය පොලිස්පති වරයෙක් විසින්.පළාත් නියෝජ්‍ය පොලිස්පති පත් කරන්නෙ මහ ඇමතිගෙ කැමැත්තෙන්.
    2. පළාත් සබාවකට අයිති ඉඩම් ඕනේ වෙලාවට මධ්‍යම ආණ්ඩුවට පවර ගන්ඩ බැ පළාත් මහ ඇමතිගෙ අවසරය නැතුව.මහ ඇමති බැ කියුවොත් විදායක ජනදිපතිටවත් කොරන්ඩ දෙයක් නැ.එත් මධ්‍යම ආණ්ඩුවට අයිති ඉඩම් පළාත් සබාව ඉල්ලුවොත් මධ්‍යම ආණ්ඩුව දෙන්ඩම ඕනෙ.
     
    උබ දන්න ව්‍යවස්ථාව, අනේ පලයන් යන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කට්ටා;15155300 said:
    සරලව කිව්වොත් මධ්‍යම ආණ්ඩුවට තියන බලතල ටික පළාත් සභාවට දෙනවා. ඒ කියන්නේ පොලිස් බල තලයි ඉඩම් බල තලයි ටික.

    01. එතකොට දැන් උතුරට එහෙම බල තල දීලද තියෙන්නේ?
    02. එහෙම යම් කිසි බලතල ප්‍රමාණයක් දුන්නට පස්සේ ඒ දුන්න බලතල යටතේ එම පළාත් සභාව තුල වෙන කටයුතු වලට මධ්‍යම රජයට ඇගිලි ගහන්න බැරිද?
    03. එහෙම දුන්නට පස්සේ මධ්‍යම ආණ්ඩුවට ඕන වෙලාවට ඒ බලතල නැවත ගන්න බැරිද?
    04.පොලිස් බලතල හා ඉඩම් බල තල පළත් සභාවට දීම මගින් ඔවුන්ට හිමි වන වරප්‍රසාද මොනවද?

    1.උතුරට විතරක් නෙමේ සියලු පළාත් සබා වල ඔය බලතල දැනටමත් දීලා තියෙන්නෙ.කොටියෙක් අතට තියෙන බලේ ගියොත් කියන බය තියෙන්නෙ අනිවාර්යෙන් යුද්දෙන් ගන්ඩ බැරි වෙච්ච දේ නිකන් හම්බෙනව.
    2.ඇගිලි ගහන්ඩ බැ,හිතපන් ඇගිලි ගහන්ඩ ගියාම වෙන දේ උන් ලෝකෙට කියන්ඩ පටන් ගන්නව අනේ මේ බලන්ඩ අපිට අපේ වැඩ කරගෙන යන්ඩ සිංහල ආණ්ඩුව ඉඩ දෙන්නෙ නැ කියල.ඔය අවුල හදන්ඩ උන්ට ඕනේ,
    3.දුන්නට පස්සේ ගන්න වට වැඩිය දෙන්ඩ කලින් ගත්තම ලෙසිනේ,ගැටුමක් ඇති වෙන්නෙ නැනේ.
    4.1 .පොලිස් බලතල-දෙමල බෙදුම් වාදය සක්තිමත් වෙනව
    2.ඉඩම් බල තල-උතුරේ තියෙන හමුදා කදවුරු වහන්ඩ පුළුවන්