ඔය මොන බැංකුව උනත් වැඩක් නෑ ඉන්න මැනේජර් කාරයා සක්කිලියෙක් නම්.
මම සම්පත් බැංකුවේ කරන්ට් acc එකක් එක්ක හොදට බිස්නස් කරගෙන ගියා.
මැනේජර් එක්ක හොද සම්බන්ධයක් තිබුන නිසා TOD එකකුත් දුන්නා අවශ්‍ය වෙලාවට.
ඒ මැනේජර්ට ප්‍රොමෝෂන් එකක් ඇවිල්ලා අලුත් මැනේජර් කෙනෙක් ආවා.
දවසක් චෙක් එකක් ආවා හදිසියේ (කම්පැනි එකකට දුන්න චෙක් එකක් කතා කරගෙන හිටපු දවසට කලින් වෙන එකෙක් බැංකුවට දාලා)
උදේ 9.30 ට විතර බැංකුවෙන් කෝල් කළා 10 ට කලින් අච්චරක් දාන්න චෙක් එකක් ඇවිල්ලා කියලා, දෙලෝ රත් උනා.
බලනකොට මිස්ටේක් එකක් වෙලා කම්පැනි එක පැත්තෙන්, කරන්න දෙයක් නෑ..
ආයේ බැංකුවට කතා කරලා කිව්වා TOD කරලා චෙක් එක පාස් කරන්න මම 3 ට කලින් සල්ලි දාන්නම් කියලා. (මම ඊට කලින් ඒ ගානට වඩා TOD කරලා තියෙනවා කලින් මැනේජර් එක්ක)
මේ හුකන්නා ගත් කටට කිව්වා බෑ 10 ට කලින් සල්ලි දාන්න කියලා.
හරියට 10.05 වෙනකොට මැසේජ් එක ආවා චෙක් එක රිටන් කියලා.
ඔක්කොම ඉවරයි.
බිස්නස් කරන උන් දන්නවා අපි දෙන සමහර චෙක් වටේ යනවා, චෙක් එකින් එකට බිස්නස් බැදිලා සම්බන්ධ වෙලා තියෙන්නේ.
එකක් කොහෙන් හරි රිටන් උනොත් ඒ වෙන විශ්වාසයේ හානිය රිකවර් කරගන්න සෑහෙන්න කාලයක් යනවා, සමහර ඒවා බෑ..
ඉතින් මට හොදම එකෙන් කෙල උනා. එක දිගට වැලට කෙලවේගෙන ගියා.
මට රිකවර් වෙන්න සෑහෙන්න කාලයක් ගියා.
ඒ නිසා මැනේජර් සක්කිලියෙක් නම් මොන බැංකුව උනත් එපා...! සම්පත් නම් එපාම එපා..!