වාණිජ කෘෂිකර්මාන්ත විනාශ කරන්න එපා - විමල් වීරවංශ

AEG

Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    පංචායුධ කුමාරයට නම් ඇත්ත තේරිලා හැබැයි උබලගෙ නන්දරේට තාම තේරිලා නෑ ... උගේ මොලේ මැරිලද ? @erozan @N A K A M U R A @nicjosh83 @ESL

    වාණිජ කෘෂිකර්මාන්ත විනාශ නොකර සිදුවූ වැරැද්ද වහාම නිවැරදි කරගත යුතු යැයි කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (28) පැවසීය.

    රටේ වාණිජ කෘෂිකර්මාන්තය සමඟ සෙල්ලම් කිරීම නොකළ යුතු බවත් වාණිජ කෘෂිකර්මාන්තය බිඳවැටුණ හොත් ආහාර සුරක්‍ෂිතාව බිඳ වැටෙන බවත් අමාත්‍යවරයා කීය.

    කෘෂිකර්මාන්තය පිළිබඳ ප්‍රශ්නය ඉතාම සංවේදී එකක් බව කී අමාත්‍ය විමල් විරවංශ මහතා පොහොරවල හෝ මොනයම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට උත්තර සෙවිය යුත්තේ කෘෂිකර්මාන්ත කඩා බිඳවැටෙන ආකාරයට නොවන බව ද සඳහන් කළේය.

    කාබනික පොහොර ප්‍රවර්ධන කිරීමේ ගැටලුවක් නොමැති මෙන්ම ගොවියාව ගොවිතැනින් පළවා හරින්න ඉඩ දිය නොහැකි බවත් මුළුමහත් මිනිස්සුනගේ බඩගින්නත් සමඟ ආහාර සුරක්‍ෂිතතාව ගැටගැහී තිබීම නිසා වාහාම නිවැරදි නොවුණ හොත් රට මහා විශාල ඛේදවාචයකට මුහුණ දෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    සිදුවූ අඩුපාඩුව හඳුනාගෙන දැන්වත් එය නිවැරදි කළ යුතු බවත් ඉන්දියාවේ මෝදි අග්‍රාමාත්‍යතුමා ගෙනාපු පනත් දෙකක් ගෙවියන්ගේ විරෝධතා නිසා හකුලා ගැනීම අභිමානයට කැළලක් නොවන බවත් අමාත්‍යවරයා කීය.

    වාණිජ කෘෂිකර්මාන්තය බිඳ වැටීමට තුඩුදුන් හේතු වාහාම නිවැරදි කරන්න කළ යුතු බව කී අමාත්‍යවරයා පැවසුවේ වැරැද්ද නිවරදිකරගන්න ලැජ්ජ නොවිය යුතු මෙන්ම වැරැද්ද තව දුරටත් නිවැදි කියලා හිතා තව දුරටත් අපේ වාණිජ කෘෂිකර්මාන්තයත් එක්ක සෙල්ලම් කිරීම පිළිබඳව ලැජ්ජ වියයුතු බවත්ය.

    පොහොර සාහනාධාරයට ලබාදීමට වැයවන මුදලට වඩා වැඩි මුදලක් ගොවීන්ට වන්දි ගෙවීමට වැය වන බව කී අමාත්‍යවරයා සඳහන් කළේ වැඩි මුදල් දැන් ගොවියන්ට වන්දි හැටියට දැන් ගෙවන්න වෙනවා. එතැනිම පේනවනේ කරගත්තු වැරැද්දේ තරම. ඒක නොවෙයි කරන්න ඕන ගොවියගේ ජීවිතයත් එක්ක කෘෂිකර්මාන්තයත් එක්ක අපිට සෙල්ලම් කරන්න බෑ.
     
    • Like
    Reactions: $Gangster$

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    272348850_477087957455074_1782494460032014939_n.jpg
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    අපේ වාණිජ කෘෂිකර්මාන්තයත් එක්ක සෙල්ලම් කිරීම පිළිබඳව ලැජ්ජ වියයුතු බවත්ය.

    උබලගේ විකට නායකයන්ට ලැජ්ජාවක් තියෙනවද පොන්ස්? @erozan
     
    • Haha
    Reactions: $Gangster$ and AEG

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මේ හිටපු ජෙබ්බෙක් නේ
    ගූඑන්පී ගොම්බඩුවක් වෙන්නත් පුලුවන් ටික දවසකින්
    @erozan උඹ කියන්නෙ නැති නිසා කිව්ව ඔන්න ... ස' ට කියලා ත් ආත්ම ගරුත්වය තියන්වා නේ