වායු පා යානා - රුසියානු දැවැන්තයා

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    වායු පා යානා - රුසියානු දැවැන්තයා

    mlqpZyX.jpg

    වායු පා යානය ගැන කතා කරද්දී සෝවියට් දේශය කියන්නේ අමතක කරන්න බැරි රටක්.සෝවියට් දේශය පැවති සමයේ ලොව විශාලතම වායු පා යානය නිර්මාණය කෙරිණි.නමුත් එරට බිඳ වැටීමෙන් පසුව මෙම දැවැන්ත වායු පා යානා නිෂ්පාදනය යුක්‍රේනය සතුවිය.ලොව විශාලතම වායු පා යානා අයත් වන්නේ Zubr පන්තියටයි.එහි නේටෝ නාමය Pomornik නම් වේ.මේවා යොදාගන්නේ රුසියාව,ග්‍රීසිය,යුක්‍රේනය සහ චීනය යන රටවල නාවික හමුදාය.මෙම යාත්‍රාවලින් ලබාගන්නා ප්‍රයෝජන වන්නේ සෙබලුන් සහ සන්නද්ධ රථ (යුද ටැංකි ආදිය )ප්‍රවාහනය,මුහුදු බෝම්බ ප්‍රවාහනය සහ ඇතිරීම ආදියයි.

    0YzNEQM.jpg
    රුසියාව සතු 770 Evgeny Kocheshkov යාත්‍රාවෙන් වෙරළට සෙබලුන් ප්‍රවාහනය කරන අයුරු​

    kaeD8wk.jpg
    Zubr වර්ගයේ වායු පා යානා නිර්මාණය කරන්නේ යුක්‍රේනයේය.​

    දැනට ලොව පුරා ක්‍රියාකාරී තත්ත්වයේ පවතින හමුදා වායු පා යානා ගණන 9ක් යැ‍යි සැලකේ.රුසියානු නාවික හමුදාව සතුව යානා 2ක්,යුක්‍රේන නාවික හමුදාව සතුව එක් යානය,ග්‍රීසියේ නාවික හමුදාව සතුව යානා 4ක් සහ චීන නාවික හමුදාව සතුව දෙකක්ද තිබේ.

    Zubr පන්තියේ වායු පා යානයක භාණ්ඩ ගෙන යාමට වර්ග මීටර් 400ක ඉඩක් තිබේ.එහි ඉන්ධන ධාරිතාවය ටොන් 56ක් වේ.ටොන් 150ක් දක්වා බර යුද ටැංකි 3ක් මෙම යානය ගෙන යා හැකිය.එසේත් නැත්නම් සන්නද්ධ රථ 10ක් සමග සෙබලුන් 140ක් හෝ සන්නද්ධ පුද්ගල ප්‍රවාහන රථ 8 ක් හෝ උභයචර යුද ටැංකි 8 හෝ සෙබලුන් 500ක් එහි ගෙන යා හැකිය.

    UoeD1Dp.jpg
    සෙබලුන් ප්‍රවාහනය​

    UdnWfSq.jpg

    සන්නද්ධ රථ ප්‍රවාහනය - Kerkyra (L182)




    රුසියානු නාවික හමුදාව - යාත්‍රා ගණන 2

    770 Evgeny Kocheshkov (former MDK-118)
    782 Mordovia (former MDK-94)​

    y7CfEjl.jpg
    රුසියාවේ 782 යාත්‍රාව 2009 වසරේ Zapad-09 යුද අභ්‍යාසය පැවැති අවස්ථාවේ​

    5zROqgp.jpg
    782 යාත්‍රාව​

    EdBp5xW.jpg
    770 Evgeny Kocheshkov​

    uGmSly7.jpg
    770 Evgeny Kocheshkov​




    යුක්‍රේන නාවික හමුදාව - යාත්‍රා ගණන 1

    Artemivsk (U 424)

    nnsHA9i.jpg




    ග්‍රීක නාවික හමුදාව - යාත්‍රා ගණන 4

    Kephalonia (L181)
    Kerkyra (L182)
    Zakynthos (L183)
    Ithaki (L180)


    8OthPxH.jpg
    Ithaki (L180)​

    8InpjJk.png
    L 182​

    QTVBgz6.png
    L 183​




    චීන නාවික හමුදාව - යාත්‍රා ගණන 2

    B7dqu7q.jpg



    යුක්‍රේනයේ නිෂ්පාදිත පන්තියේ වායු පා යානා දෙකක් චීනයට භාරදෙන අයුරු

    a68qaNG.jpg


    9SS7kIv.jpg




    අවි පද්ධති

    මෙම යාත්‍රා යොදාගන්නේ යුදමය කටයුතු සඳහා නිසා ඒවා හොඳින් සන්නද්ධය.එහි ඉදිරිපස රොකට් විදින දෙකක් සවිකර තිබේ.Igla-1M වර්ගයේ ජංගම ගුවන් ආරක්ෂණ පද්ධති 4ක් සහ මි.මී.30 හේ AK-630 ස්වයංක්‍රීය තුවක්කු 2ක් මෙහි අඩංගු අනෙකුත් අවි වේ.AK-630 කාලතුවක්කු පද්ධතිය මගින් නියමුවන් සහිත හෝ රහිත ගුවන් ප්‍රහාර වලින් යාත්‍රාවට ආරක්ෂාව සපයයි.

    s5WuAuN.jpg
    රුසියානු යාත්‍රාවක් රොකට් ප්‍රහාරයක් එල්ල කරන අයුරු​

    Chpd1r2.jpg
    AK-630 ස්වයංක්‍රීය තුවක්කුවක්​




    මග පෙන්වන උපකරණ

    මෙම දැවැන්ත යාත්‍රාවක් සතුව රේඩාර් පද්ධති දෙකක්,විභ්‍රමණ මාලිමාවක්,චුම්භක මාලිමාවක්,චන්ද්‍රිකා සන්නිවේදන ප්‍රතිග්‍රාහකයක්,රේඩියෝ දිශා සෙවුමක්,රාත්‍රීයේ පවා දැකීමට හැකි උපකරණ ආදිය තිබේ.​




    ප්‍රචාලනය

    යාත්‍රාව පිටුපස ප්‍රදේශයේ තිබෙන සෘජු කුඹ ගස් තුනෙහි අවරපෙති තුනක් තිබේ.මේවා මගින් යාත්‍රාවට නාවික සැතපුම් 63ක් වේගයක් ලබාදෙයි.යාත්‍රාව පොළොවෙන් ඉහළට එසවීමට සහ ඉදිරියට ගමන් කිරීමට බලය සැපයෙන්නේ ගෑස් ටර්බයින් එන්ජින් 5ක් මගිනි.

    G6zuszU.jpg
    දැවැන්ත අවරපෙති තුන​



    HMXIPl1.jpg


    nG8mcRs.jpg


    1zWUsod.jpg


    RQtQokf.jpg


    Cr8p58W.jpg


    heyiscJ.jpg


    XnCe2fM.jpg


    qkJMF7E.jpg


    CxR4Fw0.jpg


    WBjIlHG.jpg


    w4y3al2.jpg










    Source:wikipedia.org

    -HarshaLulzSec-
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    තවත් පට්ට නුලක් ..

    ඇයි බන් ලංකාවෙත් එකක් තිබ්බ නේද ? පස්සේ එකට කොටි ගැහුවා මන්හිතන්නේ :(
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මරුසිරා;19776969 said:
    තවත් පට්ට නුලක් ..

    ඇයි බන් ලංකාවෙත් එකක් තිබ්බ නේද ? පස්සේ එකට කොටි ගැහුවා මන්හිතන්නේ :(

    Thanks

    මාත් දැකලා තියෙනවා.කොටි ගැහුවද ඒකටත්? :eek:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මරුසිරා;19776980 said:
    ඔව් මන් අහලතින්ව එහෙම ඒදවස්වල .:(

    අහවල් එකට අරන් ගියාද ඕක මුහුදු කොටින්ගේ අවඩියට.උන්ගේ මරාගෙන මැරෙන බෝට්ටුවක් හැපුනොත් කෑලි තමයි හොයන්න වෙන්නේ.:sorry:
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Good Post ... TFS machan :D

    Rep +

    Edit - You must spread some Reputation around before giving it to HarshaLulzSec again. :(

    Passe Dennam :P
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    යකෝ මෙච්චර සයිස් ඒවා තියෙනවා කියල අදයි දැන ගත්තෙ