වායු පා යානා - රුසියානු දැවැන්තයා
වායු පා යානය ගැන කතා කරද්දී සෝවියට් දේශය කියන්නේ අමතක කරන්න බැරි රටක්.සෝවියට් දේශය පැවති සමයේ ලොව විශාලතම වායු පා යානය නිර්මාණය කෙරිණි.නමුත් එරට බිඳ වැටීමෙන් පසුව මෙම දැවැන්ත වායු පා යානා නිෂ්පාදනය යුක්රේනය සතුවිය.ලොව විශාලතම වායු පා යානා අයත් වන්නේ Zubr පන්තියටයි.එහි නේටෝ නාමය Pomornik නම් වේ.මේවා යොදාගන්නේ රුසියාව,ග්‍රීසිය,යුක්රේනය සහ චීනය යන රටවල නාවික හමුදාය.මෙම යාත්‍රාවලින් ලබාගන්නා ප්‍රයෝජන වන්නේ සෙබලුන් සහ සන්නද්ධ රථ (යුද ටැංකි ආදිය )ප්‍රවාහනය,මුහුදු බෝම්බ ප්‍රවාහනය සහ ඇතිරීම ආදියයි.
දැනට ලොව පුරා ක්‍රියාකාරී තත්ත්වයේ පවතින හමුදා වායු පා යානා ගණන 9ක් යැයි සැලකේ.රුසියානු නාවික හමුදාව සතුව යානා 2ක්,යුක්රේන නාවික හමුදාව සතුව එක් යානය,ග්‍රීසියේ නාවික හමුදාව සතුව යානා 4ක් සහ චීන නාවික හමුදාව සතුව දෙකක්ද තිබේ.
Zubr පන්තියේ වායු පා යානයක භාණ්ඩ ගෙන යාමට වර්ග මීටර් 400ක ඉඩක් තිබේ.එහි ඉන්ධන ධාරිතාවය ටොන් 56ක් වේ.ටොන් 150ක් දක්වා බර යුද ටැංකි 3ක් මෙම යානය ගෙන යා හැකිය.එසේත් නැත්නම් සන්නද්ධ රථ 10ක් සමග සෙබලුන් 140ක් හෝ සන්නද්ධ පුද්ගල ප්‍රවාහන රථ 8 ක් හෝ උභයචර යුද ටැංකි 8 හෝ සෙබලුන් 500ක් එහි ගෙන යා හැකිය.
සන්නද්ධ රථ ප්‍රවාහනය - Kerkyra (L182)
රුසියානු නාවික හමුදාව - යාත්‍රා ගණන 2
මෙම යාත්‍රා යොදාගන්නේ යුදමය කටයුතු සඳහා නිසා ඒවා හොඳින් සන්නද්ධය.එහි ඉදිරිපස රොකට් විදින දෙකක් සවිකර තිබේ.Igla-1M වර්ගයේ ජංගම ගුවන් ආරක්ෂණ පද්ධති 4ක් සහ මි.මී.30 හේ AK-630 ස්වයංක්‍රීය තුවක්කු 2ක් මෙහි අඩංගු අනෙකුත් අවි වේ.AK-630 කාලතුවක්කු පද්ධතිය මගින් නියමුවන් සහිත හෝ රහිත ගුවන් ප්‍රහාර වලින් යාත්‍රාවට ආරක්ෂාව සපයයි.
යාත්‍රාව පිටුපස ප්‍රදේශයේ තිබෙන සෘජු කුඹ ගස් තුනෙහි අවරපෙති තුනක් තිබේ.මේවා මගින් යාත්‍රාවට නාවික සැතපුම් 63ක් වේගයක් ලබාදෙයි.යාත්‍රාව පොළොවෙන් ඉහළට එසවීමට සහ ඉදිරියට ගමන් කිරීමට බලය සැපයෙන්නේ ගෑස් ටර්බයින් එන්ජින් 5ක් මගිනි.
Source:wikipedia.org
-HarshaLulzSec-

රුසියාව සතු 770 Evgeny Kocheshkov යාත්‍රාවෙන් වෙරළට සෙබලුන් ප්‍රවාහනය කරන අයුරු
Zubr වර්ගයේ වායු පා යානා නිර්මාණය කරන්නේ යුක්රේනයේය.
දැනට ලොව පුරා ක්‍රියාකාරී තත්ත්වයේ පවතින හමුදා වායු පා යානා ගණන 9ක් යැයි සැලකේ.රුසියානු නාවික හමුදාව සතුව යානා 2ක්,යුක්රේන නාවික හමුදාව සතුව එක් යානය,ග්‍රීසියේ නාවික හමුදාව සතුව යානා 4ක් සහ චීන නාවික හමුදාව සතුව දෙකක්ද තිබේ.
Zubr පන්තියේ වායු පා යානයක භාණ්ඩ ගෙන යාමට වර්ග මීටර් 400ක ඉඩක් තිබේ.එහි ඉන්ධන ධාරිතාවය ටොන් 56ක් වේ.ටොන් 150ක් දක්වා බර යුද ටැංකි 3ක් මෙම යානය ගෙන යා හැකිය.එසේත් නැත්නම් සන්නද්ධ රථ 10ක් සමග සෙබලුන් 140ක් හෝ සන්නද්ධ පුද්ගල ප්‍රවාහන රථ 8 ක් හෝ උභයචර යුද ටැංකි 8 හෝ සෙබලුන් 500ක් එහි ගෙන යා හැකිය.
සෙබලුන් ප්‍රවාහනය
සන්නද්ධ රථ ප්‍රවාහනය - Kerkyra (L182)
රුසියානු නාවික හමුදාව - යාත්‍රා ගණන 2
770 Evgeny Kocheshkov (former MDK-118)
782 Mordovia (former MDK-94)
782 Mordovia (former MDK-94)
රුසියාවේ 782 යාත්‍රාව 2009 වසරේ Zapad-09 යුද අභ්‍යාසය පැවැති අවස්ථාවේ
782 යාත්‍රාව
770 Evgeny Kocheshkov
770 Evgeny Kocheshkov
යුක්රේන නාවික හමුදාව - යාත්‍රා ගණන 1
Artemivsk (U 424)
ග්‍රීක නාවික හමුදාව - යාත්‍රා ගණන 4
Kephalonia (L181)
Kerkyra (L182)
Zakynthos (L183)
Ithaki (L180)
Artemivsk (U 424)
ග්‍රීක නාවික හමුදාව - යාත්‍රා ගණන 4
Kephalonia (L181)
Kerkyra (L182)
Zakynthos (L183)
Ithaki (L180)
Ithaki (L180)
L 182
L 183
චීන නාවික හමුදාව - යාත්‍රා ගණන 2
යුක්රේනයේ නිෂ්පාදිත පන්තියේ වායු පා යානා දෙකක් චීනයට භාරදෙන අයුරු

අවි පද්ධති
මෙම යාත්‍රා යොදාගන්නේ යුදමය කටයුතු සඳහා නිසා ඒවා හොඳින් සන්නද්ධය.එහි ඉදිරිපස රොකට් විදින දෙකක් සවිකර තිබේ.Igla-1M වර්ගයේ ජංගම ගුවන් ආරක්ෂණ පද්ධති 4ක් සහ මි.මී.30 හේ AK-630 ස්වයංක්‍රීය තුවක්කු 2ක් මෙහි අඩංගු අනෙකුත් අවි වේ.AK-630 කාලතුවක්කු පද්ධතිය මගින් නියමුවන් සහිත හෝ රහිත ගුවන් ප්‍රහාර වලින් යාත්‍රාවට ආරක්ෂාව සපයයි.
රුසියානු යාත්‍රාවක් රොකට් ප්‍රහාරයක් එල්ල කරන අයුරු
AK-630 ස්වයංක්‍රීය තුවක්කුවක්
මග පෙන්වන උපකරණ
මෙම දැවැන්ත යාත්‍රාවක් සතුව රේඩාර් පද්ධති දෙකක්,විභ්‍රමණ මාලිමාවක්,චුම්භක මාලිමාවක්,චන්ද්‍රිකා සන්නිවේදන ප්රතිග්රාහකයක්,රේඩියෝ දිශා සෙවුමක්,රාත්‍රීයේ පවා දැකීමට හැකි උපකරණ ආදිය තිබේ.
ප්‍රචාලනය
යාත්‍රාව පිටුපස ප්‍රදේශයේ තිබෙන සෘජු කුඹ ගස් තුනෙහි අවරපෙති තුනක් තිබේ.මේවා මගින් යාත්‍රාවට නාවික සැතපුම් 63ක් වේගයක් ලබාදෙයි.යාත්‍රාව පොළොවෙන් ඉහළට එසවීමට සහ ඉදිරියට ගමන් කිරීමට බලය සැපයෙන්නේ ගෑස් ටර්බයින් එන්ජින් 5ක් මගිනි.
දැවැන්ත අවරපෙති තුන
Source:wikipedia.org
-HarshaLulzSec-